ආණ්ඩුව සූදානම්ද ? – භාතිය බරුකන්ද

අල්ලස් හා දුෂණ චෝදනා, බලය අයුතු ලෙස භාවිත කිරීම ආදි චෝදනා යටතේ වැරදිකරුවන් වූ බ‍්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා, දකුණු කොරියාවේ ප‍්‍රථම ජනාධිපතිනිය, තායිලන්තයේ හිටපු අගමැතිනිය, ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බ්ලූස්කෝනි, පාකිස්ථාන අගමැති නවාස් ෂෙරිෆ් ආදී ප‍්‍රබල පාලකයින් පසුගිය මාස කිහිපය තුළ කල්දේරම් බත්වල රස විඳින්න යන විට ලංකාවේ ජනවාරි 08 වෙනසට නායකත්වය දුන්න සිවිල් සමාජය සහ 64 ලක්ෂයක් වන ඡුන්දදායකයෝ හුහුල්ලමින් බලාගෙන සිටියා. ඒ ඔවුන් ද ඉහත සඳහන් කළ රටවල ජනතාව මෙන් 2015 ජනවාරි 08 වැනිදා මහත් බලාපොරොත්තුවෙන් ඡුන්දය දුන් යහපාලන බලාපොරොත්තු අතර වර්ණවත්ම බලාපොරොත්තුව වූ ‘‘හොරු ඇල්ලීම’’ පිළිබඳ සිහිනය ක‍්‍රමයෙන් සුන් වෙමින් යනවා යැයි සිතුණ නිසා.
ලංකාවේ යහපාලන බලවේග නිසා තමන්ට ලැබුණු ප‍්‍රථම අවස්ථාවෙන් තමන්ගේ අප‍්‍රසාදය පළ කිරීමට පියවර ගත්තා. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී. එදා ආණ්ඩුවට සම්බන්ද ප‍්‍රධාන පක්ෂ දෙකටම තීරණාත්මක පරාජයක් උරුමකර දෙමින් ජනතාව දුන්නේ ඉතාම පැහැදිලි සංඥාවක්. ඒ 2020 නොව ඉදිරි පළාත් සභා මැතිවරණයට ජයග‍්‍රහණය කිරීමට හෝ අවශ්‍ය නම් රූපවාහිනි කැමරාවලට, මැතිවරණ වේදිකාවේ සාටෝපකාරි කතාවලට සීමා නොවී අවංක වුවමනාවෙන්‘‘හොරු අල්ලපන්’’ යන පණිවිඩයයි.
එදා ජනතාව දුන් සංඥාව ආණ්ඩුව කොතරම් දුරට වටහා ගත්තා ද යන්න ගැන මේ දක්වා ජනතාව අතර කිසියම් කුකුසකුත් තිබෙන බවක් පෙනී ගියා. රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයින් වන ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඇතුළු ප‍්‍රබලයින්ට එරෙහි ¥ෂණ නඩු දිනපතා කල්ගියා. ඒ කල්ගියේ හිතා ගන්නවත් බැරි තරම් මාස ගණනකින්. ගෝඨාභය රාජපක්ෂ, ටිරාන් අලස්, ඇතුළු කිහිප දෙනෙක් තාමත් උසාවියට ගේන්න නොහැකි අදෘෂමාන බලවේගයක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව පැහැදිලිව පෙනී යනවා. මේ තත්ත්වය තුළ සිල් රෙදි නඩුවෙන් ජනතාව ලත් උද්වේගය, බලාපොරොත්තුව ක‍්‍රමයෙන් දුර්වර්ණ වෙමින් තිබුණා.
ඒත් අනපේක්ෂිත ලෙස ජනවාරි 08 දේශපාලන න්‍යාය පත‍්‍රය යළිත් සක‍්‍රිය වෙමින් තිබෙන බවක් දැන් දැකිය හැකියි. එය සිදු වුණේ ක්ෂණික හා අහඹු සිදුවීමක් ලෙස බැලූ බැල්මට පෙනී ගියත් ඒ සඳහා උත්තේජනය හා ශක්තිය ලබා දුන් යාන්ත‍්‍රණය නිර්මාණය වී කාලයක් ගතව තිබුණා. ඒ 19 වැනි ව්‍යස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම සමගයි. අද ආණ්ඩුවේ ම තෝරු – මෝරු අල්ලස් දැළට පැටලෙන්නේ නීතිය ක‍්‍රියාත්මක කරන නිලධාරීන්ගේ නිර්භීතභාවය වගේම එවැනි නිර්භීතභාවයක් ඔවුන් වෙත හිමිවීමට බලපෑ ¥ෂණ විරෝධී ඍජු දේශපාලන නායකත්වය නිසා බව අප කිසිසේත් අමතක නොකළ යුතුයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් දැළට කොටුවීම සාමාන්‍ය ජනතාව පමණක් නොව දේශපාලනඥයින් ඇතුළු ඉහළ නිලධර යාන්ත‍්‍රණය ද වික්ෂිප්තභාවයට පත් කළ මෙම සිදුවීමක් බව ඉතාම පැහැදිලියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සෙනරත්, මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ආදීන් ප‍්‍රබලයින් අදත් කිසිදු චෝදනාවකින් තොරව නිදැල්ලේ සිටියදී අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ ප‍්‍රමුඛ පත්කිරීම් දෙකක හමුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ක‍්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් තුළ ප‍්‍රසාදයක් මේ සමග ඇති වුණා. විශේෂයෙන් තම කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා සහ තමන් විසින් ම පත් කළ සංස්ථා සභාපතිවරයෙක් අල්ලස් දැළට කොටු වූ අවස්ථාවේ එමගින් ඇතිවිය හැකි දේශපාලන අවදානම ගැන පවා නොසිතා ජනපතිවරයා දැක්වූ යහපාලන භාවිතය ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනය තුළ පවා විරල සිදුවීමක් බවයි බොහෝ දෙනකු ප‍්‍රකාශ කළේ.
මෙම සිදුවීම දඩමීමා කර ගනිමින් ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීමට ඇතැම් අවස්ථාවාදී බලවේග වහා ක‍්‍රියාත්මක වුවත් ජනපතිවරයාගේ නායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ ජනවාරි 08 වෙනස මගින් ඇති කළ යහපාලන ප‍්‍රතිසංස්කරණ, විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා නිර්දේශපාලනීකරණය කිරීම හා ස්වාධීන කිරීම මගින් ¥ෂණ මැඩලීමට ක‍්‍රියාකරන නිලධාරීන් තුළ ද ආකල්පමය වෙනසක් ඇති කිරීමට හේතු වූ බවයි අල්ලස් කොමිෂමේ සභාපතිව නෙවිල් ගුරුගේ මහතා ප‍්‍රකාශ කළේ.
මෙහිදී ජනමාධ්‍ය හමුවේ විශේෂ කරුණු පැහැදිලි කිරීමක් කරමින් නෙවිල් ගුරුගේ මහතා කළ පහත සඳහන් අවධාරණය කෙරෙහි ද අප අපගේ අවධානය යොමු කළ යුතුයි. ‘‘වත්මන් රජය අල්ලස් හෝ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාවට තමන්ගේ කටයුතු ස්වාධීනව කරගෙන යාම සඳහා ලබාදී ඇති බලතලවල ප‍්‍රතිඵලයක් වශයෙන් දේශපාලන අධිකාරියේ ආශිර්වාදය මත පුද්ගලයින්ගේ තරාතිරම නොබලා මෙවැනි වැටලීම් කරගෙන යාමට හැකි වී තිබෙනවා. මෙවැනි බරපතළ වැටලීමක් මේ ආකාරයෙන් කිසිදු දේශපාලන හෝ වෙනත් බලපෑමකින් තොරව සිදු කිරීමට නිදහසේ ඉඩ ලැබුණු සුවිශේෂ අවස්ථාවක් වශයෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා අල්ලස් දැළට කොටුකර ගැනීමට ලැබීම සැලකිය හැකියි’’ මෙහිදී පළපුරුදු හා කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වන නෙවිල් ගුරුගේ මහතා අවධාරණය කරන්නේ ජනාධිපතිවරයාගේ හෝ රජයේ වෙනත් කිසිදු පාර්ශ්වයක බලපෑමකින් තොරව තමන්ට මෙම වැටලීම කිරීමට අවස්ථාව ලැබුණු බවයි.
තමා පහසුවෙන් දේශපාලන ගොදුරක් විය හැකි බව දැන දැනම ජනපතිවරයාගෙන් මෙවැනි යහපාලන භාවිතයක් ඇතැම් විට අල්ලස් කොමිෂමේ නිලධාරීන් පවා බලාපොරොත්තු නොවන්න ඇති. ඊට හේතුව වන්නේ ඔවුන් පසුගිය කාලය පුරාම අත්වින්දේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ආදර්ශයට සපුරා පටහැනි වේදනාත්මක හෝ පීඩාකාරී අත්දැකීම්වලට වීමයි. විශේෂ පරීක්ෂණ මගින් සොයා ගත් ලිපි ගොනු පෙන්වමින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පමණක් නොව තම පක්ෂයේ්ම ප‍්‍රබලයින් පවා තම දේශපාලන අතවැසියන් බවට පත්කර ගත් පාලකයින් සිටි රටක, අල්ලස් කොමිෂමට කැඳවීම පවා දේශපාලන පළිගැනීම් වශයෙන් අර්ථකථනය කරමින් මහජන අනුකම්පාව ලබාගැනීමට තැත් කරන දේශපාලන ප‍්‍රබලයින් සිටින රටක, පරීක්ෂණවලට සහායදීමක් පවා නොකර දිගින් දිගට ම වාරණ නියෝග ලබා ගන්නා අමාත්‍යාංශ ලේකම්වරුන් සිටින රටක විධායක ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා පවා අත්අඩංගුවට ගැනීමට සමත් නීතියේ ආධිපත්‍යයක් නිර්මාණය වීම කිසිසේත් ලඝුකළ හැකි කරුණක් නොවන නිසයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා මෙවැනි තීරණාත්මක අවස්ථාවක ගන්නා වූ ප‍්‍රවේශය කුමක්දැයි නිසි වැටහීමකින් තොරව කිසිදු රාජ්‍ය නිලධාරියෙන් මෙවැනි අති සංවේදී වැටලීමකට නොයන නිසයි. ඒ සඳහා නායකත්වය ලබා නොදෙන නිසයි.
මේ සමග තවත් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. ඒ ¥ෂිතයින්ට ජනාධිපතිවරයාගෙන් කිසිදු ආකාරයක රැුකවරණයක් හෝ අනුකම්පාවක් නොලැබෙන බවයි. ඒ බව පසුගිය කැබ්නට් මණ්ඩල සංශෝධනයේ දී ද ජනාධිපතිවරයා විසින් යළිත සනාථ කර තිබෙනවා. එසේම සිද්ධිය හෙළි වූ වහාම ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා සේවයෙන් පහ කිරීමට ජනපතිවරයා ගත් ක්ෂණික පියවර මීට පෙර සිදු වූ මහ බැංකු අධිපතිවරයා සම්බන්ධ සිදුවීමේ දී අගමැතිවරයා අනුගමනය කළ ප‍්‍රවේශයට වඩා සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ වූ බවක් අපට දැකිය හැකි වෙනවා. එදා දේශපාලන හා සමාජ අවදානම ගැන පවා නොකතා අගමැතිවරයා තම මිත‍්‍ර මහ බැංකු අධිපතිවරයාව ආරක්ෂා කිරීම අගමැතිවරයාට දැවැන්ත දේශපාලන හානියක් කළා සේම අගමැතිවරයාගේ අවංකභාවය ප‍්‍රශ්න කිරීමක් ද වුණා. එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රවේශය ජනපතිවරයා විසින් පසුගිය කාලය පුරාම ඔසවා ගෙන සිටින ¥ෂණ විරෝධී ධජය තව දුරටත් ඔහු සතු කිරීමට අවස්ථාවක් කර තිබෙනවා.
හොරු අල්ලන වැඬේ හරි
මේ සමග මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ දූෂණ නඩු දින පතා විභාග කිරීම සඳහා ත‍්‍රි පුද්ගල මහාධිකරණයක් පිහිටුවීමේ අරමුණින් ගෙන එන අධිකරණ සංවිධාන :සංශෝධන* පනත් කෙටුම්පත ඊයේ (09* පාර්ලිමේන්තුවේදී ඡුන්දයකට නොගොසින් සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. මේ සමග මහා පරිමාණ මූල්‍ය අපරාධ හා ¥ෂණ නඩු විභාග කිරීමේ ක‍්‍රියාවලිය කඩිනම් වනු ඇතැයි ආණ්ඩුව ප‍්‍රකාශ කළා.
පනත් කෙටුම්පත සම්බන්ධ විවාදයේ ද සුපුරුදු පරිදි ඒකාබද්ධ විපක්ෂය සහ මෑතකදී විපක්ෂයට එක් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගේ කල්ලිය ¥ෂණ නඩු ඇසීම කඩිනම් කිරීම ගැන තමන් තුළ පවතින භීතිය ප‍්‍රකාශ කළා. එහිදී විමල් වීරවංශ මහතා ද සුපුරුදු බුල්ඩෝසර් න්‍යාය අනුමනය කරමින් කතා කරන ආකාරය දැකිය හැකි වුණා. ඒ සමග හිටපු ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ද සාම්ප‍්‍රදායික දේශපාලන මුඪත්වය ප‍්‍රකාශ කරමින් මෙම විශේෂ අධිකරණය මගින් නඩු තෝරා ගන්නා ප‍්‍රමුඛතාවය ගැන ප‍්‍රශ්න කරනු දැකිය හැකි වුණා. එහිදී පේ‍්‍රමජයන්ත මහතා කියා සිටියේ අවුරුදු ගණන් ඇදෙමින් පවතින මිනී මැරුම් නඩු ආදිය සඳහා නව අධිකරණය මගින් ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි. හිටපු ඇමැතිවරයාගේ මේ ප‍්‍රකාශයට හිටපු අධිකරණ ඇමැති, වත්මන් උසස් අධ්‍යාපන ඇමැති විජේදාස රාජපක්ෂ මහතා සහ ජවිපෙ මන්ත‍්‍රී විජිත හේරත් මහතා විසින් ඉතාම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා.
නව ත‍්‍රි පුද්ගල මහාධිකරණයක් ස්ථාපිත කිරීම ජනවාරි 08 දේශපාලන න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛම පොරොන්දුව වන මහා පරිමාණ මූල්‍ය අපරාධ සහ ඇතැම් ඝාතන නඩු කඩිනම් කිරීමට ශක්තිමත් ප‍්‍රවේශයක් බව රජයේ අදහසයි. ඒ බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් විසින් ද තහවුරු කර තිබෙනවා. මේ තත්ත්වය තුළ විශ්මය ජනක ආකාරයෙන් දිගින් දිගටම කල් යමින් පවතින ¥ෂණ නඩු හා ඇතැම් පුද්ගල ඝාතන නඩු කෙටි කාලයකින් විභාග කිරීමට අවස්ථාව ලැබීම ජනතාවගේ බලාපොරොත්තුවක් ඉටු කිරීමක් සේම ආණ්ඩුවේ ස්ථාවරභාවට ද ප‍්‍රබල රැුකවරණයක් වෙනවා. විශේෂයෙන් 2020 න් පසු තව දුරටත් බලයේ රැුඳීසිටීම සඳහා වන තම සූදානම ගැන ජනපතිවරයා සේම අගමැතිවරයා ද ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර ඇති තත්ත්වයක් තුළ මේ ප‍්‍රවේශය අතිෂයින් වැදගත් වෙනවා. ඊට හේතුව වන්නේ පසුගිය පළාත් පාලන ප‍්‍රතිඵල මගින් ජනතාව අවධාරණය කළ ආකාරයට හොරු ඇල්ලීමෙන් තොරව ආණ්ඩුවට ඉදිරි ගමනක් නොමැති නිසයි. රාජපක්ෂ සමයේ සේම වත්මන් ආණ්ඩුව යටතේ ද සිදු වූ අපරාධ නඩු විසඳීමට ඇති විවිධ පමාවන් ගැන මැසිවිලි නගමින් ප‍්‍රමාදයට හේතු කීමට දැන් ආණ්ඩුවට කිසිදු අවස්ථාවක් නොමැති බව ද මේ සමග අවධාරණය කළ යුතුයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *