ආණ්ඩුවයි විපක්‍ෂයයි දෙකම තියාගන්න සංධානෙට බෑ . ඒක පාර්ලිමේන්තු ක‍්‍රමය මුළුමනින්ම අවුලකට ඇද දැමීමක්. – කේ ඩී ලාල් කාන්ත.

201d5dc0d731පළාත් සභා මන්ත‍්‍රී කමෙන් ඔබ ඉල්ලා අස්වීම, එක එක මාධ්‍ය එක එක ආකාරයට වාර්ථා කර තිබුණා. ඇතැම් ජනමාධ්‍ය කියා තිබුණේ ඔබ මැතිවරණයෙන් තේරීපත් නොවූ නිසාත්, ජාතික ලැයිස්තුවෙන් පත්වීමක් බලාපොරොත්තු ව සිට එය ඉටු නොවුන නිසාත්, ඇති වූ කළ කිරීම මත ඉල්ලා අස් වූ බවයි. ඒ වගේම ජනතාව අතර මතයක් තියනවා ඔබ පක්‍ෂයෙනුත් ඉල්ලා අස්වෙන්න යනවා කියලා?

ලංකාවේ ජනමාධ්‍ය ජනතාවට ඇත්ත කියනව වගේම පට්ටපල් බොරුත් කියනව. මගේ මුළු දේශපාලන ජීවිතයේම තනතුරු, වරප‍්‍රසාද, මන්ත‍්‍රීකම්, තාන්න මාන්න බලාපොරොත්තුවෙන් හෝ ඉල්ලා සිටීමෙන් හෝ වැඩ කරල නැහැ.

මම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන්න ආවේ පොදු අරමුණක් වෙනුවෙන්. ඒ පොදු අරමුණ වෙනුවෙන් දේශපාලනයට ආව දවසේ ඉඳලා අද වෙනකම් මගේ දේශපාලන කටයුතු මම කරගෙන යනව. මගේ අතීතයත් එහෙමයි. වර්තමානයත් එහෙමයි. අනාගයත් එහෙමයි. ඒ නිසා මම විශේෂයෙන්ම ජනමාධ්‍යවලට කියන්න කැමතියි, මම මන්ත‍්‍රීකමක් නිසා, තනතුරක්, තාන්න මාන්නයක් සඳහා දේශපාලනයේ තීන්දු තීරණ කවදාවත් ගන්නේ නෑ කියල.

පසුගිය මහ මැතිවරණයෙන් ඔබලා කොතරම් ආසන සංඛ්‍යාවක් බලාපොරොත්තුවූවාද?

අපි බලාපොරොතු වුණා 10 ක් 15 ක් අතර වගේ ප‍්‍රමාණයක්. අපිට ලැබුණේ 6 ක් පමණයි ලැබුණෙ. අපිට ආසන 3 ක් පමණයි තිබුණෙ. ජනතාව අපි හිටපු තැනින් තරමක් ඉදිරියට ගෙනත් තියෙනව. ඒ සඳහා  අපිට ඡුන්දෙ දීපු, උදව්කරපු, සියලූ දෙනාට මම පක්‍ෂය වෙනුවෙන් මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනව.

මහින්ද රාජපක්‍ෂ මහත්තය කිව්වා 117 ක් ගන්නව කියල. ඔහු බලාපොරොත්තු වෙච්ච දේත් ලැබිලා නෑ. රනිල් වික‍්‍රමසිංහ මහත්තය කිව්වා 125 ක් ගන්නව කියල. ඔහු බලාපොරොත්තු වෙච්ච දේ ලැබිලා නෑ. සරත් ෆොන්සේකා මහත්තය බලාපොරොත්තු වෙච්ච දේකුත් තිබුණා ඒවත් ලැබිලා නෑ. මේ මැතිවරණයෙන් කිසිවෙකුටත් තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ඨ කරගන්න බැරිවුණා.

පක්‍ෂ වශයෙන් සැලකිල්ලට ගත්තම තනි තනි පුද්ගලයො පාර්ලිමේන්තුවට එන්න තියෙන ආශාවට, එකේ තියෙන වරප‍්‍රසාදවලට කෑදර කමට, තමන්ගෙ වුවමනාවන් ඉෂ්ටකරගෙන ඇති. නමුත් ජාතික වශයෙන් ගත්තොත් කිසිම දේශපාලන ව්‍යාපරයක් තමන් බලාපොරොත්තු වූ ඉලක්කය අත්පත් කරගන්න බැරී වූ තත්ත්වයකට පත්වුණා. අද මේ ජාතික ආණ්ඩුවක් හදාගන්න  ඕන කියන තත්ත්වයකට ඇවිත් තියෙන්නේ තනිව ආණ්ඩුවක් තනිවම හදාගන්න කාටවත් බැරිනිසා. එහම නැතිව වෙන කිසිම හේතුවක් නිසා නෙමයි.

ජනවාරි 8 වෙනිදා මේ රටේ තිබ්බේ ජනාධිපතිවරණයක්. ඒ ජනාධිපතිවරණයේ මූලික බෙදීම වුණේ මහින්ද රාජපක්‍ෂ දිනවීම/මහින්ද රාජපක්‍ෂ පරාජය කරවීම යන කරුණු දෙක. ජනතාවගෙ බහුතරය මහින්ද රාජපක්‍ෂව පරාජය කළා.

නැවත වතාවත් මහින්ද රාජපක්‍ෂ අගමැතිකමත්, ආණ්ඩුවත් අත්පත් කරගැනීම සඳහා ඡුන්දෙට ඉදිරිපත් වුණාට පස්සෙ නැවතත් මේ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණ ස්වරූපයකට ගියා. පෙනුමෙන් මහ මැතිවරණයක් වුණාට හරයෙන් ජනාධිපතිවරණ ස්වරූපයකට ගත්තා. ජනවාරි 8 වගේම නැවතත් මහින්ද දිනවීමේ සහ මහින්ද පරාජය කරවීමේ ඡුන්දයක් බවට මේක පත්වුණා.

එවැනි බෙදීමක් ඇතිවුණාම අපේ පක්‍ෂය සමාජයේ නියෝජනය කරන ස්ථානය සැලකිල්ලට ගත්තම, අපිට ලැබෙන්න තියෙන ඡුන්දවලින් සැලකියයුතු ප‍්‍රමාණයක් මහින්ද පරාජය කිරීමේ දේශපාලනයට ගමන් කරනව. අපි කාලයක් පුරා දිගටම ගොඩනගාගෙන ආවේ මහින්ද පරාජය කළයුතුයි කියන දේශපාලනය. ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දෙකුත් දීලා, මහින්ද පරාජය කරන්න හැකියාවක් තිබුණ නම්, ජනතාව එහෙමෙ කරනව. නමුත් ජනතාවට මේ වෙලාවේ අපිවත් දිනවල, මහින්ද රාජපක්‍ෂව පරද්දන්න ක‍්‍රමයක් තිබුණෙ නෑ. නැත්නම් අපිට දිනන්න තිබුණෙ එක ක‍්‍රමයයි. ඒ තමයි චම්පික රණවකලවගේ තමන්ගෙ දේශපාලනය ගණිකා වෘතියෙ යොදවල, අපිත් එක්සත් ජාතික පක්‍ෂයෙ අලියගෙන් ඡුන්දෙ ඉල්ලන්න  ඕනෙ. එහෙම නම් ජනතාවට අලියට ගහල මහින්ද පරාජය කරන්නත්, අපිට මනාප දීලා අපිව දිනවන්නත් අවස්ථාවක් තිබුණා.

මහින්ද රාජපක්‍ෂට ලක්‍ෂ 58 ක් ලැබුණ පහුගිය ජනාධිපතිවරණයේදි,  පසුගිය කෙටි කාලයේදී එතුමාගේ සැ`ගවුණ දේශපාලනය හෙළිදරව් වීම නිසා, එතුමාගෙන් අයින්වෙන ජනතාව අපිට ඡුන්දෙ දිය යුතුව තිබුණ. එතුමාගෙන් අයින්වුණ ජනතාව අපිට ඡුන්දෙ දෙන්න තරම් හිත හදාගන්න කාලයක් තිබුණෙ නෑ. ඒ නිසා මහින්දව හඳුනාගත්, හෙළිදරව් කරගත් ඡුන්ද දායකයගෙන් ලක්‍ෂ 11 ක් ඡුන්ද පොළට ගියෙනෑ. මෙන්න මේ තත්ත්වය ඇතුලෙ තමයි අපි බලාපොරොත්තුවෙච්ච ප‍්‍රතිඵලය අපිට ආවේ නැත්තේ.

ජනතාව අද ජනතා විමුක්ති පෙරමුණ ගැන වෙනදට වැඩියෙන් කතාකරනව. ‘ජේ.වී.පි. එකට බලයක් හිමිවිය යුතුයි’ කියල කියනව. මැතිවරණ ව්‍යාපාරයකදි විශාල රැුල්ලක් පේනවා. ඒත් අවසානයේ ප‍්‍රතිඵලය බැලූවාම බලාපොරොත්තු ඉටු වෙන්නෙ නැ.

එහෙම වෙන්න, ඊට ගැලපෙන්නාවූ වටපිටාවක් තුළ මැතිවරණයක් තිබිය යුතුයි. උදාහරණයක් විදිහට ඉදිරියෙදි එනවා පළාත් පාළන ඡුන්දය.  පළාත් පාළන ඡුන්දෙදි මහින්ද පැරදීම, මහින්ද දිනවීම හෝ ජාතික වශයෙන් අහවල් කෙනා දිනවීම, අහවල් කෙනා පැරදීම වගේ අවශ්‍යතාවයක් එන්නෙ ම නෑ. පළාත් පාළන ඡුන්දෙදි ජනතාව ඇත්තටම අපිට ඡුන්දෙ දෙන්න සූදානමක් තියෙනව නම්, අපිට ඒක උරගා බලන්න පුලූවන්. අපේ හිතවත්තු ඉන්නවා අපි ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය ගැන කණගාටුව පළකරවා. ඒත් එයාලා මහින්ද පරද්දන්න අලියට ඡුන්දෙ දුන්න කියනව.

අපි ජනතාවට අවස්ථාවක් දෙමු. අපි සම්බන්ධයෙන් මේ කරන අගැයීම ඇත්තද කියල බලන්න. බොරුවට අපි අගැයීමෙන් නම් වැඩක් නෑ. අපෙන් මොකුත් පෞද්ගලික ප‍්‍රතිලාභයක් ගන්න ඒගොල්ලන්ටත් බෑ. අපි දිණුව පැරදුණා කියල අපිට පෞද්ගලික වාසි, අවාසි දේකුත් මෙතන නෑ. අපි හිතනව, අපේ දේශපාලනේ ගැන ජනතාවට කැමැත්තක් තියෙනව, ඔවුන් වෙනත් සාධක තියෙනව ඒ ඒ අවස්ථාවන් වල පවතින තත්ත්වය අනුව අපිට ඡුන්දය දීමට හෝ නොදීමට. අපිට නිදහසේ ඡුන්දය දෙන්න, මනස හදාගන්න තරම් නිදහස් පරිසරයක් තාම ආවේ නෑ. එක තමයි මගේ අදහස.

ඒ වගේම කියන්න  ඕන එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු 33 ක් රට පාළනය කළා. විවිධ හේතූන්මත ඔවුන් එක්ක අධ්‍යාත්මිකව බැඳුණු ජනතාවක් ඉන්නව. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් හවුල් ආණ්ඩු හදල රට කරල තියෙනව. විවිධ හේතූන්මත ඔවුන් එක්කත් ජනතාවගේ බැඳීමක් තියෙනව. මේ බැඳීම් කියන ඒවා, එකපාරම පැත්තකට දාන්න සමාජයකට බෑ. ඒකට ප‍්‍රබල හේතු නිර්මාණය වෙන්න  ඕන. ඒ ඡුන්ද දායකයට අපිට දොස් කියන්න බෑ. ඒ ඡුන්ද දායකයට මොකක් හරි ප‍්‍රතිලාභයක් ලැබිල තියෙන්න පුළුවන්. ඔවුන් එක්ක මොකක්හරි දේශපාලන සම්බන්ධයක් තියෙන්න පුළුවන්. සමහරවිට දෙමව්පියො ඒ පක්‍ෂයට සම්බන්ධ හින්ද දරුවො සම්බන්ධ වෙන්න පුළුවන්. මේ රටේ දේශපාලනය තවම තියෙනනෙ එතන. 90% කට ආසන්න සාක්‍ෂරතාවයක් අපේ රටේ තියෙනව කිව්වට, සමහර ක්‍ෂේත‍්‍රවල සාක්‍ෂරතාවයන් එකිනෙකාට වෙනස්. අක්‍ෂරය පිළිබඳ සාක්‍ෂරතාවය කෙනෙකුට නෑ. දේශපාන සාක්‍ෂරතාවය කෙනෙකුට සාමාන්‍යයෙන් තියෙනව. කෙනෙකුට ගැඹුරුලෙස තියෙනව. කෙනෙකුට නෑ. කුලයට, පරම්පරාවට, ගමේකමට, දෙමව්පියන්ගෙ තියෙන සම්බන්ධයට, නළු කමට, නිළිකමට මෙවැනි කාරණා මත ඡුන්ද පාවිච්චි කිරීම් සිද්ධ වෙනව. ඒ තත්ත්වය ක‍්‍රමානුකූලව වෙනස්වෙයි. සමාජයක අවස්ථාවෙන් අවස්ථාවට, කාටද ඡුන්දෙ දෙන්න  ඕනැ, ජාතික අවශ්‍යතාවය මත මම මේ වෙලාවේ මොකක්ද තෝරගන්න  ඕනැ ආදි දේවල් ජනතාව හිතනව. අපි හිතනව ජනතාව කවදහරි හරි තැන තෝර ගනියි කියල. අපි ඒකට කලබල වෙන්න  ඕන නෑ.

2010 ට අවුරුදු කිහිපයකට කලින් ජනතාවගේ අති බහුතරයක් කල්පනා කළේ, අද තියන ජාතික වගකීම තමයි  බුලත් කෙළේට කතිරෙ ගහන එක කියල. එහෙම හිතූ ජනතාවම තවත් පස්සෙ කාලෙකදි කල්පනා කළා යහපාලනයක් ඇති කරන්න  ඕනැ කියල. එහෙම නම් නරක පරාජය කරන්න  ඕනැ. ඊට පස්සේ හොඳ පාලනය, යහ පාලනය පසුව හදාගන්නවා කියල. එහෙම හිතල ¥ෂිතයන් පරාජය කෙරුවා. මේ තීරණ ගත්තෙ එකම ජනතාව. මේ නිසා අපි හිතනව ඉදිරියෙදි ජනතා විමුක්ති පෙරමුණ පත්කළ යුතු අවස්ථාව මේ වතාව කියල ජනතාව තීරණය කරයි. අපේ වගකීම තමයි ජනතාවගේ කැමැත්ත දිනාගන්නකම් අඛණ්ඩව ක‍්‍රියා කරන එක. අපි කලබල වුණාට, අපි දඩිබිඩි ගාලා වැඩ කෙරුවට, අපේ අපේක්‍ෂාවන් උඩින් තිබ්බට ඒක එහෙම වෙන්නෙ නෑ. මේක දේශපාලන යථාර්ථයක් ඇතුලෙ සිද්ධවෙන දෙයක්.

විශ්ව විද්‍යාල ප‍්‍රජාව තමයි ජනතාවගේ ජවය, ශක්තිය වුණේ. එහෙත් මේ වෙනකොට විශ්ව විද්‍යාල පද්දතිය තුළ ජ.වි.පෙ. හැලිලා වෙනත් කණ්ඩායම් ඉදිරියට ඇවිත් තියෙනව නේද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයො ජනතා විමුක්ති පෙරමුණේ ජවය වුණා කියන එක මගේ දෘෂ්ටියෙ නෑ. විශ්ව විද්‍යාලවල ඉන්නේ තරුණ කණ්ඩායම්. ඔවුන්ගෙ ජීවිතය යම් සමාජ සංස්ථාවක් එක්ක ස්ථාවරව බැඳී නැති නිසා, පවුල කියන එකට අලූතෙන් ඇතුල්වෙලා නෑ. ඔවුන් රැුකියාවක් වගේ ක්‍ෂේත‍්‍රයකට ඇතුල්වෙලා නෑ. ඒ අය ජීවිතයේ අතරමැදි අවස්ථාවක ඉන්න පිරිසක්. රාජ්‍ය සේවයේ වෙන්න පුළුවන්, පුද්ගලික අංශයෙ වෙන්න පුළුවන්, හේන, කුඹුර, කමත එක්ක බැඳිල ඉන්න ගොවි ජනතාව වෙන්න පුළුවන්, වෙනත් වෘත්තියක් එක්ක බැඳිල ඉන්න අය වෙන්න පුලූවන් ඒ සියලූදෙනාටම වඩා විශ්ව විද්‍යාල ප‍්‍රජාවතුළ ඉඩක් නිර්මාණය වෙනව  පක්‍ෂයට පූර්ණ කාලීනයො නිර්මාණය කරගැනීමට.

තරුණයා කියන්නෙ පොදුවෙ ගත්තොත් එහෙමයි. ඔවුන් ඉගෙනීමෙන් උඩට එනවා. ඔවුන් ඉගෙනුම අවසානයේ තවත් තැනකට මාරු වෙන්න ඉන්න පිරිසක්. ඒ අතරමැදි කාලය ඔහු හොඳ දේකට යොමු වුනොත්, හොඳ පැත්තකට නැඹුරු වුනොත්, ඔහු ඒක තුළ යනවා. එහෙම ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එක සම්පූර්ණ කරන්න විශාල කාර්යභාරයක් විශ්වවිද්‍යාල හරහා සිද්ධ වෙලා තියෙනව. එහෙත් සමාජ පරිවර්තනයෙදි කලාකරුවන්, රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයෙ අය, ව්‍යාපාරික ප‍්‍රජාව, ගොවි ජනතාව ආදි වශයෙන් ගත්තොත් ඒ ඒ වෘත්තිකයන්ට හිමි තැන විප්ලව වාදී ව්‍යාපාරයක ඔය කියන සමාජ ස්ථරයට හිමි නෑ.

අද පක්‍ෂයක් පවත්වාගෙන යන්නත් විශාල වශයෙන් මුදල් අවශ්‍යයි. විමුක්ති පෙරමුණට එම මූල්‍යමය පහසුව සැලසුවේ විදේශයන්හි ජ.වි.පෙ. ශාඛා සහ විදේශගත ජ.වි.පෙ. හිතවත් ප‍්‍රජාව. එහෙත් පසුකාලෙක ඔවුන් ද ජ.වි.පෙ.න් හැලූනා නේද? විමල් වීරවංශ කොටසක් කඩා ගත්තා. පෙරටුගාමීන් ඉතිරි කොටස කඩා ගත්තා. ඒ ගැන ඔබට ඇති අදහස කුමක්ද?

දේශපාලන ව්‍යාපාරයක බෙදීම්, අර්බුදයන් නිර්මාණය වුණාම හැම ක්‍ෂේත‍්‍රයකටම ඒක පැතිරිලා යනව. විදේශීයද, දේශීයද කියල, ක්‍ෂේත‍්‍ර මොනවද කියල වෙනසක් නෑ. ඒක එහෙම සිද්ධ වුණා.

විමල් වීරවංශගේ නික්ම යෑමත්, පක්‍ෂ කඩාගෙන ගිය කොටසක් පෙරටුගාමීන් වශයෙන් පෙනී සිටීමත්, සෝමවංශ අමරසිංහ පක්‍ෂ නායකයා අයින්වීමත් පක්‍ෂට බලපෑවේ කුමන අයුරකින්ද?

විමල් වීරවංශ ඇතුළු පිරිස පක්‍ෂයෙන් ගිය අවස්ථාවේ, පක්‍ෂය හා බැඳුණු පොදු මහජනයා  යම් පමණකට බිඳ වැටුණා. බලාපොරොත්තු සුන්වීමක් වුණා.

පක්‍ෂ ඇතුළෙ කල්ලියක් නිර්මාණය වෙලා, ඔවුන්ව පක්‍ෂයෙන් පිටමන් කරල, පසුව ඔවුන් පෙරටුගාමි සමාජවාදි පක්‍ෂය වශයෙන් සංවිධානය වෙනකොට ඒක එළියට බලපෑවෙ නෑ. ඒක බලපෑවෙ පක්‍ෂය ඇතුළට, මොකද එතනින් අපිට පාඩුවක් වුණා, පක්‍ෂ අභ්‍යන්තරයේ වැඩ කරපු පිරිසක් තමයි මූලික වශයෙන් අයින් වුණේ. විමල් වීරවංශගෙන් අයින් වුණේ භාහිර වශයෙන් කටයුතු කරපු පිරිසක්.

මේ දෙකම අපිට අවාසිදායකයි. අපිට නරකයි. ඒ දෙකෙන්ම අපට හානි සිද්ධ වුණා. ඒ හානිය අපි සම්පූර්ණ කරගනිමින් ඉදිරියට යනවා. දැන් බලන්න අපි පහුගිය මැතිවරණයේදී අපි ඉතාමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් කෙරුවා. අසාර්ථ දේශපාලන පක්‍ෂයකට එහෙම කරන්න බෑ. තවත් දේශපාලන පක්‍ෂ  ඕනතරම් ඡුන්දය ඉල්ලූවා එහෙත් ඔවුන්ගෙ භූමිකාව කැපී පෙනුනේ නෑ. අපි මේ ප‍්‍රධානයයි කියන පෙරමුණු දෙකකට එරෙහිව, පක්‍ෂ දෙකකට නෙමේ පෙරමුණ දෙකකට එහෙරෙහිව තනි පක්‍ෂයක් විදිහට අපි කරට කර සටනක් දුන්නා. දුර්වල පක්‍ෂයකට එහෙම කරන්න බෑ.

නමුත් අපි පිළිගන්නවා පහුගිය කාලය තුළ සිදු වූ බෙදීම්, කැඞීම්, අපි විසින් කරන ලද ඉවත් කිරීම් වැනි ක‍්‍රියා තුළින් අපේ පක්‍ෂයේ ශක්තිය යම් කිසි මට්ටමකින් බිඳ වැටුණා. අපි ඒක සම්පුර්ණ කරගෙන තිබෙනවා. ඒක වෙනම කරුණක්.

සෝමවංශ අමරසිංහ මහතාගේ නික්ම යෑම නිසා අපිට එක ඡුන්දයක් අහිමි වුණා. නමුත් ඡුන්ද ගොඩක් එකතු වුණා.

මැතිවරණ කොමසාරිස්තුමා ප‍්‍රකාශ කර තිබුණා ජාතික ලැයිස්තුවෙන් පිට කිසිවෙක් අලූතෙන් ලැයිස්තුවට එකතු කරන්න බෑ කියල. නමුත් එහෙම ජාතික ලැයිස්තුවෙ නැති අයට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ බලය ලැබුණා. ඒක එතුමාගේ ප‍්‍රකාශයේ වරදක්ද? එහි නීතිමය වරදක් තිබේද? පක්‍ෂ කළ ඉල්ලීම්වලට ප‍්‍රතිචාරය දැක්වීමක්ද?

ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමේ පදනම, ගැඹුර ඉස්සරවෙලාම තේරුම් ගන්න  ඕනැ. ජාතික වශයෙන් පක්‍ෂයකට ලැබෙන ඡුන්ද ප‍්‍රමාණය මත පක්‍ෂයට අවස්ථාවක් දෙනවා තමන් කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට පත්කර යවන්න. පහුගිය කාලය තුළ ප‍්‍රධාන පෙරමුණු දෙකම තමන් කැමති අය පත්කරල යැව්වා. සමාජය පිළිගන්නෙ නැති අයත් ඒ අතර හිටියා. ඉතින් සමාජයේ සාකච්ඡුාවක් ආවා මේ ලැයිස්තුවෙන් පිට පත්කරන එක වැරදියි කියල. ලැයිස්තුවෙ වුණත් නුසුදුසු කෙනෙක් ඉන්නවා නම් පත්කරන එක වැරදියි. එහෙම නුසුදුස්සන් ලැයිස්තුවට දාන එකත් වැරදියි. අනික ඡුන්දෙන් පත්වෙලා පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙනනේ ඔක්කොම හොඳ මිනිස්සුද? පට්ට හොරු ඉන්නවා.

ඡුන්දෙන් පත්වෙලා එන එකද, නැති එකද ඉක්මවා ගිහිල්ලා අපි බලන්න  ඕනෑ. ඡුන්දෙන් පත්වෙලා එන්න, බැරි අවස්ථාවක් තමයි මෙම ජාතික ලැයිස්තුවෙන් ලැබෙන්නෙ. ජාතික ලැයිස්තුවෙ 1,2,3 වශයෙන් 29 දෙනෙක් නම් කරන්න පුළුවන්.

මේකෙ නැහැ ජාතික ලැයිස්තුවෙ එක මන්ත‍්‍රීකමක් ආවොත් පළවෙනිය තමයි යවන්න  ඕන කියල. දෙන්නෙක් ආවොත් උඩම ඉන්න දෙන්න යනවන්න  ඕන කියල එකක් නෑ. ඒවා අපි හදාගත්ත ඒවා. ඒකෙ නීතියක් නෑ. ඒ නිසා ජාතික ලැයිස්තුවට අදාල නීතිමය තත්ත්වය තමයි, මැතිවරණ කොමසාරිස් තුමා අවස්ථාවක් දෙන්නෙ මැතිවරණයෙන් පක්‍ෂයට ලැබිච්ච  ඡුන්ද ප‍්‍රමාණය අනුව මන්ත‍්‍රීවරු නම් කරන්න. ඒ පත්කරන මන්ත‍්‍රීවරු හොඳද? නරකද? කියලා සකච්ඡුාවක් ගොඩනගන්න පුළුවන්. හැබැයි ලැයිස්තුවෙන් පිටපත්කරන්න බෑ. පැරදිච්ච අය පත්කරන බෑ. කියල සමාජය නිර්මාණය කරගෙන තිබුණත් එහි කිසිම නීතිමය පදනමක් නැහැ.

ජ.වි.පෙ. ජාතික ලැයිස්තුව ප‍්‍රසස්ථ මට්ටමක තිබුණ කියල ජනතාව අතර මතයක් ගොඩනැගුණා. එහෙත් ජාතික ලැයිස්තුවට පිටින් පත්කිරීම් ජ.වි.පෙ. කෙරුවා. සන්ධානය එය විශාල වශයෙන් කෙරුවා. එහෙත් මේ ප‍්‍රතිගාමියි කියලා කලක් හඳුන්වපු එක්සත් ජාතික පක්‍ෂ එහෙම කෙරුවෙ නෑ නේද?

එක්සත් ජාතික පක්‍ෂය එහෙම ස්ථාවරයක ඉන්න හේතුවක් තියෙනව. උදාහරණයකට ගත්තොත් බරහිර කොළඹ ආසන සංවිධායිකාව, රොසි සේනානායක මහත්මිය ඡුන්දෙන් ආවෙ නෑ. මේ තියෙන ජරාජීර්ණ දේශපාලන හා පාර්ලිමේන්තු ක‍්‍රමය ඇතුළෙ මම සාපේක්‍ෂව කල්පනා කරනවා රෝසි වගේ කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න  ඕන කියල. ඇය මෑත කාලය තුළ ජාතික නායිකාවක්ගෙ ස්වරූපයට පත්වෙමින් ආව. මුලින් අඩුපාඩුකම් තිබුණා. ඇය ළමා කටයුතු ගැන බැලූවා. ඇය ළමා අපචාර, සමාජ වංචා ¥ෂණවලට විරුද්ධව හඬක් නගපු කෙනෙක්. ඒත් රෝසි සේනානායකව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගේන්න ගියොත්, එක්සත් ජාතික පක්‍ෂයෙ පැරදිච්ච විශාල සංඛ්‍යාවක් මේ ප‍්‍රශ්නෙට රංඩු කරගන්නවා. පක්‍ෂය ඇතුළෙ දැවැන්ත අර්බුධයක් බවට පත්වෙනව. ඒ අර්බුධය වලක්වාගන්න තමයි ඔවුන් පිටින් පත්කරන්නෙ නෑ කියන ස්ථාවරයේ තදින් ඉන්නේ. එහෙත් ලැයිස්තුවෙ නැති කෙනෙක් දැන් යෝජනා කරලා තියෙනවා. ඒකට තර්කයක් ගේනවා එයා වෙනත් දේශපාලන පක්‍ෂයක කෙනක් කියල. නමුත් එයා ලැයිස්තුවෙන් පිට. මගේ යෝජනාව රෝසි සේනානායක මහත්මියවත් පාර්ලිමේන්තුවට ගේන්න  ඕන කියන එක. ඇය කාන්තා නියෝජනයක්, ඇය දේශපාලන ක‍්‍රියාකාරිනියක් නිසා. ඇයත් එක්ක තියෙන ප‍්‍රතිපත්තිමය විවේචන අපිට  ඕන තරම් තියෙනව. එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක අපිට දේශපාලනමය, සංස්කෘතික, ආර්ථික සාමාජීය වශයෙන් එක`ග නොවීම් තියෙනව. මම රෝසිව පත්කළ යුතුයි කිව්වේ දැන් තියෙන වටාපිටාවත් එක්ක.

අගමැතිතුමා විවෘත ආරාධනාවක් කරල තියෙනව,  ඕන පුද්ගලයෙකුට,  ඕන පක්‍ෂයකට ජාතික ආණ්ඩුවට එක්වෙන්න කියල. එතෙන්දි ඔබ පක්‍ෂය මොනවගේ ප‍්‍රතිචාරයක්ද දක්වනනේ?

අපි ඡුන්දෙට කලිනුත් කිව්වා. අපිට දැනුත් කියන්න තියෙන්නෙ, අපිට එන්න කියන එකේ අරමුණ යහපත් දේ සඳහා අපේ සහයෝගය ගන්නනම්, සියලූ යහපත් දේවල් සම්බන්ධයෙන් අපේ සහයෝගය තියෙනව. ඒකට ආණ්ඩුවකට ගිහින් රටේ ජනතාවට හිසරදයක්, බරක් වෙන, ඇමතිකම් 50, 75, 100 ආදි වශයෙන් ඇමතිකම් ගොඩ ලොකු කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. විපක්‍ෂයක් කියන්නෙ හරිදේ වෙනුවෙන් අරගල කරන, එක සටන් කරන කණ්ඩායමක් කියන එක. ආණ්ඩුව ඇතුළෙම ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයට පුළුවන් රට පිළිගන්න  ඕනම යෝජනාවක් ගේන්න, අපි ඒකට අනුමැතිය දෙනවා. ඒක තවත් හොඳ තත්ත්වයට ගේන්නත් මැදිහත් වෙනව. ඒ වගේම අපි ගේනව හොඳ යෝජනා, ඒව විපක්‍ෂයෙන් ගේනවද කියල හිතන්නෙ නැතුව හොඳද? නරකද? කියල සලකල බලල වැරදි තියෙනවනම් නිවරැුදි කරල අපි ඒව සම්මත කරමු. ඒව ක‍්‍රියාත්මක කරමු. ඒක තමයි අවශ්‍ය කරන්නෙ. නමුත් මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ අපිත් ආණ්ඩුවකට රිංගලා, ජනතාවට මහා බරක්, කරදරයක් වෙන ආකාරයෙන් හැසිරෙන්න ගියොත්, අපේ දේශපාලනේ ඒකෙන් අවුලකට පත්වෙනව. මොකද අපි වෙනම ස්වාධීන අනන්‍යතාවයක් තියෙන, වෙනම සමාජ, ආර්ථික, දේශපාලනික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කිරීම අරමුණු කරගෙන යන දේශපාලන පක්‍ෂයක්. දේශපාලන ව්‍යාපාරයක්.

අපි මීට කලින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්ක එවැනි කටයුත්තකට සම්බන්ධ වුණා. ජාතික වශයෙන් රට මුහුණ දීපු අර්බුධයක් හමුවෙ. ඒකෙනුත් අපිට බරපතල හානි සිද්ධ වුණා. ඒ නිසා අපි පක්‍ෂයක් විදිහට ප‍්‍රතිපත්තියක ඉන්නවා ප‍්‍රධාන කියන පක්‍ෂ දෙකත් එක්කම ආණ්ඩු කිරීමේ ක‍්‍රියාවලිකයට අපි සම්බන්ධ වෙන්නෙ නෑ කියල. අපි මූලික වෙලා තවත් දේශපාලන පක්‍ෂ එකතුකරගෙන ජනතාවගෙන් ජන වරමක් ලබාගෙන ආණ්ඩු කිරීමේ ක‍්‍රියාවලියකට ජනතාව වරම් දුන්න වෙලාවක අපි ඒක කරනව.

මේ මැතිවරණයෙදිත් අපි ඉල්ලූවෙ අපිට ශක්තිමත් විපක්‍ෂ දේශපාලන බලයක් දෙන්න කියල. ඒ නිසා මේ මහා කලබැගෑනි අස්සෙ, මහින්ද පරාජය කරනවද, දිනවනවද කියල අභියෝගයක් ඇවිල්ල තියෙන වෙලාවක, අපිට ලක්‍ෂ 5 2/1 ක් දීලා තියෙන ඡුන්ද මිණි කැට වගේ. අපි හිතනව මේ ටිකත් එක්ක අපිට ඉස්සරහට යන්න පුලූවන්, ඔය කැඳහැලියට සම්බන්ධ නොවී.

ජනතාවගේ මතයක් තියෙනව ජ.වි.පෙ. ඇමතිකම් කිහිපයක් ගත්තොත් හොඳයි. ඒ ඇමතිකම් කිහිපය හරි හොර, බොරු, වංචා, ¥ෂණ නැතිව හරියට කෙරයි කියල. එහෙම කියන්න ජනතා විමුක්ති පෙරමුණ කෙරේ තියෙන විශ්වාසයක් නිසා. එහෙම තත්ත්වයක් තුළ ඇමතිකම් බාර නොගන්නෙ ඇයි?

අපි ජනතාවට ස්තූතිවන්ත වෙනව, ගරු කරනව ඒ විශ්වාසය තැබීම ගැන. ඇත්ත කතාව තමයි, මහා විනාශයක් වෙලා තියෙන අපේ රට ඇමතිකම් දෙක තුනකින් අනික්පැත්ත හරවන්න බෑ. අපිට යම් ආදර්ශයක් දෙන්න පුලූවන්. මෙන්න අපිට බාර දුන්න වැඬේ අපි හොඳට කෙරුවා කියල. මේ රට සමාජ, ආර්ථික, දේශපාලන වශයෙන් කුණු වෙලා තියෙන තත්ත්වයක ඒක උත්තරයක් වෙන්නෙ නැ. මඩ වලක නෙළුම් මලක් පිපෙන්න පුළුවන්, ඒත් අර මඬවලේ දුගඳ අර නෙළුම් මල නිසා නැති වෙන්නෙ නැ. ඒ නිසා අපිට  ඕන මේ පල් වලම සුද්ධ කරල දාන්න. ඒ සඳහා කෙරෙන දේශපාලනයකට තමයි අපි යන්නෙ.

විධායක ජනාධිපති ක‍්‍රමය අහොසි කරනව කියල පොරොන්දු වූ, එහෙත් නොකරපු චන්ද්‍රිකා ආණ්ඩුව සමග එකතු වෙන්න පුළුවන්වුණා නම් විධායක ජනාධිපති බලතල බොහෝ දුරට කප්පාදු කරපු යහපාලන රජය සම`ග එකතුවෙන්න බැරි ඇයි?

චන්ද්‍රිකාගෙ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නෙ වෙනම දේශපාලනයක් තුළ, වෙනම සමාජ වටපිටාවක් ඇතුළෙ, කාලීන අවශ්‍යතාවයන් එක්ක තමයි ඒක කෙරුණෙ. අපිට හිතෙනවා ඒ අරගලය එසේ නොකර ඒ අරගලය වෙනත් ආකාරයකට ගෙනගියා නම්, වඩාත් නිවරැුදියි කියල. 2003 සන්ධානය නමින් චන්ද්‍රිකාලත් එක්ක ඒ හදපු පෙරමුණ වෙනුවට සමාජයත් සම්බන්ධ කරගෙන, ඒ සටන, ඒ අරගලය ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපිට ඊලාම්වාදී වැඩපිළිවෙල පරාද කරල, රටේ ප‍්‍රගතිශීලී ආණ්ඩුවක් ගොඩනගන දිසාවකට ඒක ගෙනියන්න තිබුණ. මේ ප‍්‍රතිගාමි කල්ලිවලට බලයට එන්න ඉඩ නොදී. ඒ නිසා අපි 2003 එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සංධාන ගතවූ එකත් වැරදියි. එහෙම තේරුම් අරන් ඉන්න අපි නැවත එවැනි පෙරමුණු ගොඩනගන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ විදිහට අපි ස්වාධීනව වැඩ කරනව. අපේ මූලිකත්වය බාර අරගෙන එකතු වෙන්න කැමති පක්‍ෂ ඉන්නවනම් අපි එකතුකර ගන්නව. එකතුකරගෙන ආණ්ඩුවක් පිහිටුවාගන්නවා විනා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මූලික වෙලා තියෙන සන්ධානයකට හෝ එක්සත් ජාතික පක්‍ෂය මූලික වෙලා තියෙන සංධානයකට හෝ මේ දෙකම මූලික වෙලා තියෙන වැඩපිළිවෙලකට හෝ අපි සම්බන්ධ වෙන්නෙ නැ.

ඔබලා සමග වැඩ පිළිවෙලකට සම්බන්ධ වීමට අවශ්‍ය නම්, පක්‍ෂ වශයෙන් සම්බන්ධ විය යුතුයද? නැත්නම් දේශපාලන ක‍්‍රියාකාරීන් වශයෙන්, පුද්ගලයන් වශයෙන් සම්බන්ධවිය හැකිද?

පක්‍ෂ වශයෙනුත් පුළුවන්, පුද්ගලයන් වශයෙනුත් සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ හදලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක්ද? හවුල් ආණ්ඩුවක්ද? සභාග රජයක්ද? මෙම ආණ්ඩුවෙන් රටට යම් සාධනීය මෙහෙවරක් ඉටු වෙයිද? එහි ආයුෂ කාලය කොහොම වෙයිද?

මේ ප‍්‍රධානයයි කියන පක්‍ෂ දෙකම තමයි මාරුවෙන් මාරුවට මේ රට පාලනය කෙරුවේ. දැන් ඔය ප‍්‍රධානයයි කියන පක්‍ෂ දෙකටම තනි බලයක් ජනතාවගෙන් ගන්න බෑ, මේ දුෂ්ඨ ක‍්‍රමය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා ඔවුන්ට  ඕන වෙලා තිියෙනවා දුෂ්ඨ පෙරමුණේ ශක්තිය වර්ධනය කරගන්න. ඒකට තමයි මේ ජාතික ආණ්ඩු ලේබල් එක ගහල, දැන් හවුලක් හදාගන්න උත්සහ ගන්නේ. අපි දෙන්නා මේ සාකච්ඡුාව කරන මොහොතෙත් තාම මේක හදල නැ. තාම මේක අවුලක්. මේ උත්සාහ කරන්නෙ මේ තියෙන ජරා ක‍්‍රමය තවදුරටත් ගෙනියන්න හවුලක් හදාගන්නයි. ඒක ජනතාව තේරුම් ගන්න අවශ්‍යයි. දැන් හොරුයි හොරුයි එකතු වෙන එකක් තමයි මේ කෙරෙන්නෙ.

එක්සත් ජාතික පක්‍ෂය පහුගිය කාලෙ කිව්වා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බෑ කියල. ශ‍්‍රී ලංකා එක පහුගිය කාලෙ යූ.එන්.පී. එකට බෑ කියල කිව්ව. ඒක නිසා තමයි වෙන වෙන ම ඡුන්ද ඉල්ලූවේ. දැන් මොකක්ද ගහන්න යන හවුල ජනතාව මුලූමනින්ම නොමග යවල තියෙනව. මුලාවෙ දාලා තියෙනව. වරදාන, වරප‍්‍රසාද, තනතුරු, ඇමතිකම් වෙනුවෙන් පෞද්ගලිකව වාසි ලබාගන්න සහ පොදුවේ මේ අයට වාසි ලබාගන්න, ස්ථාවර බලයක් ලබාගන්න අරමුණින් තමයි මේ හවුල් වෙන්නෙ. ජනතාවගෙ පැත්තෙන් හිතල නෙමෙයි. පක්‍ෂ දෙකම එකක් කියල අද බොහොම පැහැදිලිව ඔප්පු කරල තියෙනව. මේ ගොල්ල එහාට මෙහාට වෙවි බලය හුවමාරු කරගන්නව. දැන් පුද්ගලයො පුද්ලයො විතරක් එකතුකරගන්නෙ නැතුව පක්‍ෂ විධිහටම එකතුවෙන තරමටම පල්ලම් බැහැල තියෙනව.

මේ පෙළගැසීම් වෙනකොට මේක ජනතාවට පැහැදිලි කර දෙන්න  ඕන. මේ හවුල් හදනකොට, පිරිත් නූල් බඳින්න, කට්ටකුංජල් අල්ලන්න, ප‍්‍රසස්ති ගායනා කරන්න අය ඉන්නවා. මේක තමයි හරි. මේක තමයි ෂෝක් කියන අය ඉන්නවා. නමුත් ඇත්ත තමයි තනිවම මේ ජඩ ක‍්‍රමය ගෙනියන්න බැරිවෙච්ච පාලකයෝ හවුලෙ මේ ජඩ ක‍්‍රමය ගෙනියන්න පෙළ ගැසීම. ඒක තමයි දැන් මේ සිද්ධ වෙන්නෙ.
ජතික ආණ්ඩුවක් හදනවනම් ඇමති කම් 30 ක් ඇති කියල ව්‍යවස්ථාවෙ තියෙනව නම්, ජාතික ආණ්ඩුවක් හදන්න 50 ක් මොකටද? පුද්ගලයන්ට සලකන්නම තමයි මේ ඇමතිකම් වැඩිකිරීම.

මේවට උදව් කරන, නිවැරදි ජනමතය ඉදිරියට ඒම වලක්වන විවිධ ස්වරූපයන්ගෙන්යුත් ආගමික නායකයින් ඉන්නවා, විද්වත්තු කියන අය අතර විවිධ අය ඉන්නව. කලාකරුවන් අතරත්, කලා කරු තියෙනවා. මේ අයගෙන් ප‍්‍රවේශම් වෙන්න කියල ජනතාවට කියන්න  ඕන. විවිධ ආගමික ස්වරූපයෙන්, විවිධ විත්වත් ස්වරූපයෙන්, කලා සාහිත්‍ය සූරීන් හැටියට, බුද්ධිමතුන් හැටියට පෙනී සිටින අය ජනතාවට සම්පූර්ණ කොලේ වහල ජනතාව නොමග යවන දැවැන්ත ක‍්‍රියාවලියක ඉනිරත වෙනව. අපි ආරාධනා කරනවා ජනතාව සවිඥ්ඥාණක කරන්න ඉදිරිපත් කරන්න කියල. අවිඥ්ඥානයෙ ගිල්වන්නෙ නැතුව.

ජනතා විමුක්ති පෙරමුණ වැඩියෙන්ම පහර දුන්නෙ මහින්ද ප‍්‍රමුඛ සන්ධානයට. ඒකෙන් වාසියක් ඇත්වුණේ එදා ඉඳන්ම ධනේශ්වරයයි හඳුන්වන, ප‍්‍රතිගාමීයි කියන එක්සත් ජාතික පක්‍ෂයට නෙමේද?

යූ.එන්.පී ආණ්ඩුවක් බලයේ ඉන්නකොට, අපි ඔවුන්ට පහර දෙනකොට, ඒකෙන් වාසියක් ශ‍්‍රී ලංකා එකට යනව. පහුගිය කාලෙ එහෙම වුණා. ශ‍්‍රී ලංකා ආණ්ඩුවක් බලයෙ ඉන්නකොට, ඒකට පහර දෙනකොට ඒකෙන් වාසියක් යූ.එන්.පී. එකට යනවා. ඒක නවත්වන්න බෑ. ඒකට ගන්න තියෙන පියවර තමයි ඒ ඒ අවස්තාවන්හි රටේ තියෙන දේශපාලන ප‍්‍රවනතාවයන් නොසලකා, මූලධර්මවාදී ස්වරූපයෙන් අඛණ්ඩ ප‍්‍රහාරයක් දෙපැත්තටම එල්ල කරගෙන, එල්ල කරගෙන යන එක. එසේ නොකර පවතින දේශපාලන තත්ත්වය සලකලා, බලයේ ඉන්න අයට අපි පහර දෙනකොට, ඊළ`ගට බලයට එන්න ළ`ගින්ම ඉන්න කෙනාට ඒකෙ වාසිය යනවා කවුරු බලයෙ හිටියත්. ඒක වලක්වන්න බෑ. ඒක යතාර්ථයක්.

කාලයක් අපිට කිව්වා චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලිලා කියල. පසුගිය දවස්වල අපිට කිව්වා රතු අලි කියල. මේක දේශපාලන යතාර්ථයක් මිස අපේ පෟද්ගලික ප‍්‍රශ්නයක් නෙමේ. අපි තොරන උපක‍්‍රම වල වැරැුද්දකුත් නෙමේ. පහුගිය දවස්වල මහින්ද රාජපක්‍ෂ ඇතුළු එම රෙජිමයට පහර ගහනව හැර, ඔහුව වට්ටනව හැර ප‍්‍රමුඛ දේශපාලන ක‍්‍රියාවක් තිබ්බේ නැහැ. එහෙම කරද්දි දෙවන කණ්ඩායම වශයෙන් ඉන්න කෙනාට වාසියක් ලැබෙනව. කවදහරි අපි දෙවන කණ්ඩායම වෙලා ඔය ප‍්‍රහාරය එල්ල කරනතාක් කල් මේක මාරුවෙන් මාරුවට සිද්ධ වෙනව. මේක වලක්වන්න නම් කොන්දේසි විරහිතව මේ කණ්ඩායම් දෙක හෙළිදරව් කරමින්, ඒ ඒ මොහොතෙ දේශපාලන තත්ත්වය ඉක්මවා ගිහිල්ලා පොදුවෙ, පොදු හතුරන් විදිහට උනුත් එකයි, මුනුත් එකයි කියල අඛණ්ඩ ප‍්‍රහාරයට යන්න අවශ්‍යයි. දැන් එවැනි තත්ත්වයකට යන්න පසුබිම උදාවෙලා තියෙන්නෙ.

සමානුපාතික ඡුන්ද ක‍්‍රමය, මනාප ඡුන්ද ක‍්‍රමය දැන් පටලවගෙන තියෙනව. ආසන මට්ටමට යා යුතුයි කියල පිරිසක් කියනව. ජනතා විමුක්ති පෙරමුණ ආසන මට්ටමට යාමේ අකමැත්තක් දක්වන බවක් පේනවා. මොකක්ද ජ.වි.පෙ. ස්ථාවරය.

මනාප ක‍්‍රමයට අපි විරුද්ධයි. මනාප ක‍්‍රමය නැති කරලා, ප‍්‍රතික්‍ෂේප කරල, භාවිතාවෙන් ඔප්පු කරල පෙන්වපු පක්‍ෂය තමයි අපේ පක්‍ෂය. අනිත් අයට තවම ඒක කරගන්න බැරිවෙලා තියෙනව. ඒක පක්‍ෂ වශයෙනුත් කරගන්න බැරිවෙලා තියෙනව. ව්‍යවස්ථාවෙනුත් කරගන්න බැරිවෙලා තියෙනව. මනාප ක‍්‍රමය දේශපාලන ව්‍යාපාරයෙන් අතුගාලා, නැතිකරල දාන්න  ඕන. අපි අපේ පක්‍ෂය ඇතුලේ ඒක නැත්තටම නැතිකරල තියෙන්නෙ. අනිත් අයට ඒක කරගන්න බැරිවීම අපේ ප‍්‍රශ්නයක් නෙමේ.

සමානුපාතික නියෝජන ක‍්‍රමය අවශ්‍යයි. කේවල ක‍්‍රමය තිබ්බොත් අනිත් අය සේරම දේශපාලනයෙන් පිටමං කරල තනි කණ්ඩායමකට බලය යනව. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලක්‍ෂණයක් නෙමේ. සමහර අවස්ථාවක ආසනයක ඡුන්ද 100 ක් තියෙනව නම්, 60 ක් විපක්‍ෂයට බෙදිල ගිහිල්ල, 40 ගත්ත මන්ත‍්‍රි වරය එනව. අනිත් ඒවටත් නියෝජනයක් තියෙන්න  ඕන. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නවනම් විවිධ නියෝජනයන්ට අපි ඉඩ හදන්න  ඕන. ඒ හින්ද අපි කියන්නෙ සමානුපාතික ක‍්‍රමය  ඕන. මනාප ක‍්‍රමය අවශ්‍ය නැහැ කියල.

විපක්‍ෂ නායකකම ගැන අර්බූදයක් තියෙනව. සන්ධානයට තවම තීරණයක් ගන්න බැරිවෙලා තියෙනව. ද්‍රවිඩ සංධානය කියනව ඒ ගොල්න්නට  ඕන කියල. ජනතා විමුක්ති පෙරමුණට විපක්‍ෂ නායකකමට අයිතිවාසිකම් කියන්න බැරිද ?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ආණ්ඩුවක් කරන්නයි, විපක්‍ෂයෙ ඉන්නයි ඉඩදෙන්න බැහැ. ඒක මේ පාර්ලිමේන්තු ක‍්‍රමය මුළුමනින්ම අවුලකට ඇදල දානව. අපි එයාලට කියනව ඔක්කොම විපක්‍ෂයෙ ඉන්න. නැත්නම් ආණ්ඩුවට යන්න කියල. ආණ්ඩුවෙයි විපක්‍ෂයෙයි දෙකක් තියාගන්න දෙන්න බැහැ. එහෙම තියාගන්න හදනවානම් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනව ඔබ නැගිටින්න. ඔබගේ මතය දක්වන්න. ඉදිරියට එන්න. එවැනි ක‍්‍රියාවක් උනොත් අගෝස්තු 17 න් පස්සෙ මේ රටේ ඇතිවන දෑවැන්තම උද්ඝෝෂණ ව්‍යාපාරය බවට පත්වෙන්න පුළුවන් මෙය. ආණ්ඩුවත් අල්ලගෙන, විපක්‍ෂයත් අල්ලගන්න එක පක්‍ෂයකට ඉඩ දෙන්න බෑ.

දෙමළ ජාතික සංධානයට ඡුන්ද අපිට වඩා අඩුයි. මන්ත‍්‍රී සංඛ්‍යාව වැඩියි. අපිට පන්ලක්‍ෂ පණස්දායක් තියෙනව. එයාලට තියෙන්නෙ පන්ලක්‍ෂයයි. ඡුන්ද පදනම බැලූවොත් විපක්‍ෂනායක කම අපිට දෙන්න  ඕන. මන්ත‍්‍රී සංඛ්‍යාව බැලූවොත් ඒගොල්ලන්ට දෙන්න  ඕන.
අපේ පාර්ලිමේන්තුව ඇතුලෙ විපක්‍ෂනායකයා පත් කිරීමේ නීතියක් නැ. කථානායකයා යම් කෙනෙක් විපක්‍ෂ නායකයා ලෙස බාරගතහොත්,  එයා තමයි විපක්‍ෂ නායක. විපක්‍ෂයේ වැඩි කැමැත්තෙන් පත්කරල නෑ කවදාවත්. විපක්‍ෂය වැඩි පක්‍ෂයෙන් සම්ප‍්‍රදායක් විධිහට පත්කරල තියෙනව. ඒ නිසා විපක්‍ෂ නායකයා වෙන්නෙ, කතා නායකයා පිළිගන්න කෙනා බවට දැන් පත්වෙලා තියෙනව.

කවුරු පත්වුනත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩු ගොහොරුවෙ ඉන්නව නම් කිසිසේත්ම විපක්‍ෂයේ නායකකම ලබා නොදිය යුතුයි.

එදා ජනතා විමුක්තිපෙරමුණේ හිටියෙ දේශපාලන වශයෙන් දැනුම්වත් පිරිසක්. ඒ සඳහා පන්ති පහ වැනි දේශපාලන වශයෙන් දැනුම්වත් කිරීමේ ව්‍යාපාර තිබුණා. පක්‍ෂය අද එයින් අයින් වෙලාද? දේශ පාලන රැුලි, පුවත් පත් හා විද්‍යුත් සාකච්ඡුා වලට පමණක් ජනතාව ඥාණනය කිරීම සීමා වෙලාද?

ජේ.වී.පී. පන්ති පහ අඛණ්ඩව කෙරෙනවා. පන්ති පහ නොකර ජේ.වී.පී. සාමාජිකයෙක් ගොඩනැගෙන්නේ නැහැ. ඒ අභ්‍යාසයන් ඔස්සේ යන්නෙ නැතුව මේ පොදුභාවය හදන්න බැහැ. ඒ අතරත් පෞද්ගලිකත්වයක් මතුවෙලා එන අවස්ථා තියෙනව. නමුත් අපි පන්ති 5 කරගෙන යනව.

ඊට අමතරව අද සමාජයට අවශ්‍ය කර තියෙන, ඉන් එහා ගිය විෂයයන් රැුසක් අපි පක්‍ෂය ඇතුළේ වැඩමුළු හැටියට, අධ්‍යාපන කව හැටියට කරගෙන යනවා. අපි පක්‍ෂය ගොඩනැගීමේ ක‍්‍රියාමාර්ග අඛණ්ඩව කරනව. ඒ නිසා තමයි විවිධ බෙදීම්, හැලහැප්පීම් මැද්දෙ අපේ ගුණය සහිත පක්‍ෂයක් සාමූහිකව පවත්වාගෙන යාමට පුළුවන්කම ලැබිල තියෙන්නෙ. ජාතික ලැයිස්තුවෙ අපේ පක්‍ෂයෙ පොරයක් නැත්තෙ ඒ නිසා. අපේ පක්‍ෂයෙ සාමාජිකයන් අතහරින්න ලෑස්තියි පක්‍ෂය වෙනුවෙන්. අනිත් පක්‍ෂවල මිනිස්සු බදාගන්නයි ලෑස්ති පක්‍ෂය වෙනුවෙන්. අපි බැඳිලා ඉන්නෙ පක්‍ෂයේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීමටයි. භාහිර සමාජයේ පක්‍ෂ දිහා බලලා තමයි අපෙන් ප‍්‍රශ්න කරනනෙ. ‘ඔයගොල්ල අතර ගැටුමක් තියෙනව නේද? පක්‍ෂය දාලා යනවද?’වගේ ප‍්‍රශ්න.

ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ දේශපාලන පෝස්ටර් ව්‍යාපාරයේ නිර්මාණශීලී මෙන්ම, ඉදිරියෙන්ම හිටිය පක්‍ෂය. අද පෝස්ටර්, අත්පත‍්‍රිකා මේවා යල් පැනලා නේද? ජනතාව ආමන්ත‍්‍රණය කිරීම සඳහා ඔබලා භාවිතා කරන අලූත් මෙවලම් මොනවද?

සමාජ මාධ්‍ය හා අලූත් මාධ්‍ය කියලා අද ක්‍ෂේත‍්‍ර දෙකක් තියෙනව.   සෝෂල් මීඩියා, ීදජස්ක පැාස් නිව් මීඩියා. භැඅ පැාස් ඒ ක්‍ෂේත‍්‍රවල අපි දැන් කටයුතු කිරීමට ආරම්භ කරල තියෙනව. තව අවුරුදු 10 ක් පමණ වන මුද්‍රිත සංනිවේදනයට ඇති ඉල්ලූම අති විශාල වශයෙන් කඩා වැටෙන්න ඉඩ තියෙනව. අලූත් පත්තර පටන් ගන්න නෙමේ කල්පනා කරන්න අවශ්‍ය. අලූත් මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට ඇතුල් වෙන්න.

අද අන්තර් ජාලය හරහා මුද්‍රිත කියවීම මගින්, එෆ්.එම්. නාලිකා වලින්, රූපවාහිනී නාලිකා මගින් කරන සන්නිවේදනය කළ හැකියි නේද?
ඔව්. අපි ඒකට සීඝ‍්‍රයෙන් ඇතුල් වෙමින් තියෙනව. අද කල්පනා කරන්න  ඕන පත්තරයක් පටන්තන්නවත්, එෆ්.එම්. නාලිකාවක් හෝ රූපවාහිනී නාලිකාවක් පටන්ගන්නවත් නෙමෙයි. අන්තර් ජාලය ඔස්සේ  සංනිවේදනය කාර්යේ නියුතුවීමටයි. අපි එය පටන් අරගෙන තියෙනව. විද්‍යාවේ තාක්‍ෂණයේ දියුණුව තුළින් අපි සංනිවේදනයෙන් ඉදිරියට යනව.

ඔබලා මොනවා කිව්වත් තාමත් ජනතාව අතරට යෑමේ වේගවත් බව අඩුයි නේද?

අපි ඉස්සරහ නිර්මාණය වෙලා තිබුණ බංකර් අපි දැන් කඩන්න පටන් අරගෙන තියෙනව. අපේ ඇඳුම, අපි සමාජයත් එක්ක කටයුතු කරන විදිහ, අපි යන තැන්, නොඑන තැන් කියල අපිම වෙන්කරගෙන තිබුණ බාධක දැන් බිඳ දමමින් ඉන්නව. මගේ විදේශ ගතවූ මිතුරෝ ආපහු එනවා. එයාල 5 ස්ටාර් හෝටලයකට කෑමකට ආරාධනා කළොත්, මම යනව. එයාලා කැමතියි අපිව එහෙම තැනකට ගෙනියන්න. අපි ගියොත් එයින් පිරිසක් අඳුර ගන්නවා. තව සංස්කෘතියක් ඉගෙන ගන්නව. ඒ වගේම ගමේ පොල්අතු කඩෙන් කන්නත් පුළුවන්. සයිවර් කඩෙන් කන්නත් පුළුවන්, බඩගින්නෙ ඉන්නත් පුළුවන්. අපි මේ දෙකම ඇසුරු කරනව. ඇසුරු කරන්න අවශ්‍යයි. එහෙම නැත්නම් සමාජයක් විදිහට අපිට ඉස්සරහට යන්න බෑ.

ව්‍යාපාරික ප‍්‍රජාව අපෙන් සෑහෙන දුරින් හිටියෙ. දැන් අපි ව්‍යාපාරික ප‍්‍රජාව සමග සම්බන්ධවීමට බැරිව තිබුණු බංකර් එක කඩල තියෙනව. අපි හිතනව, ව්‍යාපාරික ප‍්‍රජාවටත්, පෞද්ගලික අංශයටත් රට ගොඩනැගීමේ විශාල වැඩකොටසක්, ජාතික කර්යභාරයක් තියෙනව, ජාතික වැඩ පිලිවෙලක් ඇතුළෙ කියල. එක එක විදිහට අපිට සමාජයට කිට්ටුවෙන්න බැරි අයුරින්, අපි විසින්ම දාගෙන තිබුණ බංකර් කඩමින් තියෙනව. පහුගිය වකවානුවෙ අපි එහෙම දේවල් කෙරුවා. සමහර අයගෙන් අපිට විවේචනත් තියෙනව.  අපි හිතනවා, අපි ඒ විවේචනය කාගෙන, ඒවා විඳගනිමින්, පරාජය කරමින්, තවත් බංකර් හඳුනාගෙන ගනිමින් සමාජයට ළං වෙන්න, කිට්ටු වෙන්න උත්සාය ගතයුතුයි. මේ සමාජ බලවේග තමයි අද සමාජය මෙහෙය වන්නේ. ඒ සමාජ බලවේග සමග ගණුදෙනුවක් නැතුව, ඔවුන් පිළිබඳව අවබෝධයක් නැතුව රාජ්‍ය බලයට කිට්ටු කරන්නවත් බෑ.

මේ කියන කාරණාත් එක්ක ‘අද ජනතා විමුක්ති පෙරමුණ’ විප්ලවීය ගුණය බැහැර වූ සුලූ ධනේශ්වර පක්‍ෂයක් කියලා කරන හැඳින්වීමක් සමාජයේ නිර්මාණය වෙමින් තියෙනව නේද?

අපේ හතුරො හැමදාම ජනතා විමුක්ති පෙරමුණට කිව්වා, මේක සුළු ධනේශ්වර පක්‍ෂයක් කියල. ඒ වගේම කිව්ව මේක වැඩකරන ජනතාව මත පදනම් නොවෙච්ච පක්‍ෂයක් කියල. ගම්බද හා විශ්වවිද්‍යාල එක්ක පමණක් වැඩ කරන පක්‍ෂයක් කියල. ඒ ඔක්කොම අපි දැන් කඩල තියෙනනෙ. අපේ ප‍්‍රබලම ව්‍යාපාරය තමයි කම්කරු ව්‍යාපාරය. තවත් කම්කරු සංවිධාන කොපමණ තිබුණත් එහි වැඩි බලයත් තියෙන්නෙ අපිට.

විප්ලවවාදී ගුණයට කැපකිරීම අවශ්‍යයි. ඒක ජනතා විමුක්ති පෙරමුණ තුළ වෙනදා වගේම අසීමිතව තියෙනව. ඊට පස්සෙ විප්ලවය, විප්ලවවාදි පරිවර්තනය කියන එක පිළිබඳව අවබෝදයක් අවශ්‍යයි. රැුවුල වවාගත්තට, නැත්නම් දෑකැත්තයි මිටියයි බෙල්ලෙ එල්ල ගත්තට, පපුවෙ කොටාගත්තට විප්ලවවාදීන් වෙන්නෙ නෑ. සමාජය තියෙන තැන ඉඳලා වෙනත් පැත්තකට පරිවර්තනය කිරීම තමයි විප්ලවය. ඒකට අපිට රාජ්‍ය බලය අවශ්‍යයි. සමාජවාදය අරමුණු කරගෙන, රාජ්‍ය බලය ඉලක්ක කරගෙන තමයි අපි මේ වැඩකටයුතු කරගෙන යනනෙ.

රාජ්‍ය බලය ගැන ඉලක්කයක් නැත්නම්, වහාම ප‍්‍රබල ඇමතිකම් 6 ක් අරගෙන ඔය මඩ ගොහොරුවට රිංගන්න පුළුවන්. අපි මඩ ගොහොරුවට වැටෙනනෙ නැත්තෙ රාජ්‍ය බලය සඳහා අපිට ඉලක්කයක් තියෙන නිසා. සමාජ බලයක් පිළිබඳ ඉලක්කයක් අපිට තියෙන නිසා.

අපි ඒ ගොල්ල අතරට යන්න යන්න එයාලට යම්කිසි සුජාතභාවයක් අපි ලබා දෙනව. අපි පරාජය කළයුතු බලවේග අපි විසින්ම නගාසිටුවල තියෙනව. ඒක එක්තරා ආකාරයකින් 2003 සන්ධාන වැඩපිළිවෙලින් වුණා. මේ සමාජයේ පරාජය කළ යුතු බලවේගයක් අප සබ්බන්ධ වීම නිසා නැවත වතාවක් පණ ලැබුවා. ඒ නිසා පරාජය කළයුතු සතුරු බලවේග සමග අපි සම්බන්ධ වෙන්නෙ නෑ. ඒවට පණ දෙන්න අපි සූදානම් නැ.

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි සැලසුම් මොනවාද?

යුද්දෙ අවුරුදු 30 ක් තිබුණා. මුලූ සමාජයම බිඳ වැටුණා. ඒත් යුද්ධය නිසා මිනිස්සු පෙළගැසුණා. ඒත් යුද්ධය නැති වුණාට පස්සෙ මිනිස්සු හසුරුවන්න කවුරුත් නෑ. සියලූ සංස්ථා, මණ්ඩල සේරම බිඳවැටී තියෙනව. ඒ නිසා දැන් සමාජයට ප‍්‍රබල ප‍්‍රතිසංස්කරණ ගණනාවක් අවශ්‍යයි. ඒ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට මහින්ද රාජපක්‍ෂ අත තිබ්බේ නෑ. ඔහු කෙරුවෙ බිඳ වැටිලා, බොරවෙලා තිබුණ වලේ මාලූ බාන එකයි. දැන් ප‍්‍රබල ප‍්‍රතිසංස්කරණ සඳහා සමාජය පෙළගැස්වීමට අවශ්‍යයි.

අපි මේ තියෙන ආණ්ඩුව සමාජය ඉල්ලා සිටින ප‍්‍රබල පරිවර්තනයක් සඳහා තල්ලූ කළයුතුයි, ඒ සඳහා අපි පුළුල් මැදිහත්වීමක් පාර්ලිමේන්තුවෙන් පිට නිර්මාණය කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුවෙන් පිට නිර්මාණය කරන ඒ ප‍්‍රබල හඬ අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 6 දෙනා හරහා පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරවන්න අපි බලාපොරොත්තු වෙනව. අපේ ප‍්‍රධාන භූමිකාව තියෙන්නෙ සමාජය තුළ. පාර්ලිමේන්තුව අපි ඒ සඳහා පාවිච්චිකර ගන්නවා. මේ දෙක එකට බද්ධ කිරීමෙන් මේ තියෙන ආණ්ඩුවෙන්, යම් සමාජ ප‍්‍රගතිශීලී සංසෝධන පද්ධතියක් දිනා ගැනීමට අදාල වන ක‍්‍රියාකාරීත්වයක් සඳහා අපි සූදානම් වෙමින් ඉන්නවා.

සංවාදය – මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *