20 වැනි සංශෝධනය පිළිබඳ තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන්න – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

20වැනි සංශෝධනයේ මූලික අරමුණ ඒකාධිපති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. ජවිපෙ 1978 සිටම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් නිවැරදි, සෘජු, ස්ථාවර ප‍්‍රතිපත්තියක හිටියා. ඒ ප‍්‍රතිපත්තියට අනුව තමයි 20වැනි යෝජනාව ඉදිරිපත් කරන්නේ. මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් ඉදිරිපත් කොට තිබෙනවා. ඇත්තටම එය හොඳ සංවාදයක්. ඒ වගේම එම විවිධ පුද්ගලයින්ට අදහස් ඉදිරිපත් කිරීමට ඇති අයිතියට අපි ගරු කරනවා. ඒ වගේම 20වැනි සංශෝධනය ගැන එවැනි අදහස් ප‍්‍රකාශ කිරීමේදී තාර්කික කරුණු මත පදනම්ව ඉදිරිපත් කළ යුතුයි. මේ අදහස් ඉදිරිපත් කරන බොහෝ අය 20වැනි සංශෝධනය කොයි වගේද කියලා දන්නේ නැහැ. එය මෙසේ සිදුවෙයි කියා ඔවුන් කල්පනා කරන අදහස අනුව අනියත බියක් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම අවංකවම රටට ආදරය කරන පුද්ගලයින්ද මේ පිළිබඳව අදහස් පළ කරනවා. මීට අමතරව තමන්ගේ අනාගත බල ව්‍යාපෘතිය අවුල් වීම නිසා ඒ පිළිබඳව කෝපයෙන් කලබල වුණු අය 20ට කඩා පනින බව අපිට පේනවා.
පසුගියදා නායක හාමුදුරුවරුන් වහන්සේලා පිරිසක් 20වැනි සංශෝධනය පිළිබඳ අදහස් ඉදිරිපත් කොට තබුණා. ඒ නිසා 20 අඩංගුව පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න අපි කල්පනා කළා. 20හි තිබෙන කරුණුවලට පරස්පර කරුණු තමයි ඒ පිළිබඳව දුර්මත තමයි ඉදිරිපත් වෙමින් තිබෙන්නේ. දැනට තිබෙන ජනතාවගේ ඡුන්දයෙන් පත්වන ජනාධිපතිවරයා වෙනුවට 20වැනි සංශෝධනයෙන් පසුව සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු පත්කිරීමයි. දැනට තිබෙන ජනාධිපතිවරයාගේ ඇතැම් බලතල කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට පැවරෙන අතර කොටසක් ජනාධිපතිවරයා සතුව එලෙසම පවතිනවා. 20න් පසුව පත්වන ජනාධිපතිවරයා නාම මාති‍්‍රක වෙන්නේ නැහැ. 20 සම්මත වීමෙන් පසුව එය බලාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පසුවයි. එනම් වර්තමාන ජනාධිතිවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසුවයි. ඒ වගේම 20 සම්මත වී කි‍්‍රයාත්මක වෙන්නේ 2020 ජනවාරි 08දා නම් එදිනට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ජවිපෙ යෝජනා කරනවා. ඒ අනුව රටට නව ජනාධිපතිවරයෙක්, නව කැබිනට් මණ්ඩලයක්, නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.
නව පාර්ලිමේන්තුවෙන් 20වැනි සංශෝධනය අනුව මසක් ඇතුළත මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත මත ජනාධිතිවරයා පත්වෙනවා. ඔහු රටේ රාජ්‍ය නායකයායි. ති‍්‍රවිධ හමුදාව බාර සේනාධිනායකයා වන්නේ ජනාධිපතිවරයායි. දැනට තිබෙන එම බලය එලෙසම පවතිනවා. එනිසා 20 සම්මත වීමෙන් පසුව ජාතික ආරක්‍ෂාව ගැන අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. 20න් පසුව පත්වන ජනාධිපතිවරයාට ඇමතිධුර දැරිය නොහැකියි. ඒ වගේම ඔහු කැබිනට් මණ්ඩලයේ නායකයාද නොවෙයි. නමුත් අමාත්‍ය මණ්ඩලයේ තීරණ දැන ගැනීමටත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකා ලබා ගැනීමටත් ඔහුට අයිතිය තිබෙනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලයට කැබිනට් පති‍්‍රකා ඉදිරිපත් කිරීමේ හැකියාවද ජනාධිපතිවරයාට තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ තීන්දු-තීරණ පිළිබඳව කැබිනට් ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයාට විමසීම් කළ හැකියි.
විධායක ජනාධිපතිධුරය අහෝසි වීමත් සමග රට බෙදන තැනකට තල්ලූ වන බව ඇතැම් අය චෝදනා කරනවා. මේ රටේ ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණ රට බෙදීමට විරුද්ධව අරගල කරපු පක්‍ෂයක්. 60,000ක් ජීවිත පරිත්‍යාග කරපු පක්‍ෂයක්. එපමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණය තුළදී රට බෙදීමට එරෙහිව නඩු තීන්දු ලබාගත්තු පක්‍ෂයක්. ඒ වගේම බෙදුම්වාදයට එරෙහිව යුදමය කි‍්‍රයාමාර්ග ගතයුතු බවට සෘජු ස්ථාවරයක හිටපු පක්‍ෂයක්. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස අවශ්‍ය සෑම වෙලාවකම එය දිනා ගැනීම වෙනුවෙන් මූලිකත්වය දෙන පක්‍ෂයක්. එනිසා 20වැනි සංශෝධනයෙන් කිසිදු අවස්ථාවක රට බෙදන, රට කැඩෙන තත්වයක් උදා නොවන බව ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට අපි අවධාරණය කරනවා. රට බෙදීමට හෝ කැඞීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවද එම භාරධූර කාර්යභාරය වෙනුවෙන් බැඳී සිටින බවද අපි අවධාරණය කරනවා.
1987 සම්මත වූ 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල කිසිවක් 20 නිසා වෙනස් වෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ බලය ඔවුන් ඉවත් කිරීමේ බලය එලෙසම තිබෙනවා. ඉඩම් බලතල, පොලිස් බලතල එලෙසම පවතිනවා. ඇතැම් අය ගේන තර්කයක් තමයි වර්දරාජා පෙරුමාල් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කළ මොහොතේ විධායක ජනාධිපති බලතල නිසා එම උත්සාහය නතර කළා කියන එක. එය සම්පූර්ණ අසත්‍යයක්. 1977 ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට එවැනි බලතල තිබුණේ නැහැ. ඒ නිසා වර්දරාජා පෙරුමාල් වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශ කළ මොහොතේ සිදුකළේ හදිසි පනතක් ලෙස පළාත් සභා පනතට සංශෝධනයක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීමයි. ඒ අනුව තමයි ජනාධිපතිවරයා විසින් වර්දරාජා පෙරුමාල්ගේ උත්සාහය ආපසු හැරවූයේත්. එනිසා එම පනත කිසිසේත්ම 20 සංශෝධනයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසාම තව දුරටත් පළාත් සභා දෙකක් ඒකාබද්ධ වීමෙන් පසුව හෝ වෙනත් ආකාරකයකින් වෙනත් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කළහොත් එය වැලැක්වීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබෙනවා.
ඒ වගේම 13වැනි සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු තීන්දුවක් ප‍්‍රකාශයට පත්වී තිබෙනවා. එම විනිසුරු මණ්ලයේ විනිසුරුවරුන් 09 දෙනෙක් හිටියා. නඩු තීන්දුවට අදාලව පළාත් සභා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල 20වැනි සංශෝධනය නිසා වෙනස් වන්නේ නැහැ.එනිසා අපි ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට මතක් කරනවා කාට හෝ වෙනම රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කිරීමේ බලය 20න් පසුවත් ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම මතයක් තිබෙනවා 20 යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර කාරක සභා අවස්ථාවේ බලය බෙදීමේ යෝජනා මෙම සංශෝධනයට ඇතුළත් කරන්න පුළුවන් කියලා. අපි ඉතාම වගකීමෙන් කියනවා එවැනි බලය බෙදීමේ යෝජනා කිසිවක් මෙම සංශෝධනයට ඇතුළත් කරන්න ඉඩ තබන්නේ නැහැ. රටේ ඒකීයභාවය, බුද්ධාගමට තිබෙන ප‍්‍රමුඛස්ථානය වැනි කිසිවක් 20වැනි සංශෝධනය නිසා වෙනස් වන්නේ නැහැ.
මෙම යෝජනාවෙන් ජනාධීපතිවරයා සතුව තිබෙන යම් බලතල වෙනස් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ අනුව තානාපතිවරු, කොමසාරිස්වරු පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති අත්තනෝමතික බලය වෙනස් කොට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව තානාපතිවරු සහ කොමසාරිස්වරු පත්කළ යුතු යැයි අපි යෝජනා කරනවා. මොකද, පසුගිය කාලයේ ජනාධිපතිවරු තමන්ගේ අත්තනෝමතික බලය පාවිච්චි කරලා මෙම තනතුරු සඳහා හොරු, මංකොල්ලකාරයින්, තමන්ගේ ඥාතීන් පත්කළා. එයින් විශාල ගැටලූ මතුවුණා පමණක් නොව රට අපකීර්තියට පත්වුණා. ඒ වගේම එම තනතුරු පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ ඉහළ නිළතල කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතු යැයි අපි යෝජනා කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාට තිබෙන පොදු සමාව දීමේ බලය කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ලක්විය යුතුයි. හොරුන්ට, මංකොල්ලකාරයින්ට ජනාධිපති සමාව ලබාදුන් නිසා එම පොදු සමාව දීම හෑල්ලූවට ලක්වෙලා තිබෙනවා. එය වෙනස් කළ යුතුයි. ජනාධිතිවරයා සමාව දීමට බලාපොරොත්තු වන වැරදිකරුවන්ගේ නාම ලේඛණයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා සතුව තිබෙන පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය අහෝසි කළ යුතුයි. රටට වැදගත්වන කිසිදු හේතුවක් නොමැතිව ජනාධිපතිවරයා සිය අත්තනෝමතික බලය පාවිච්චි කරලා පාර්ලිමේන්තුව කල් දානවා. එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි. එනිසා ජනාධිපතිවරයාට තමන්ට හිතුමතේ පාර්ලිමේන්තුව කල් තැබීම අහෝසි කල යුතුයි. ඒ වගේම 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා කිසිදු අධිකරණයට පැමිණවිය නොහැක. නමුත් 19 වන සංශෝධනයෙන් පසුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අධිකරණයට කැඳවිය හැකියි. ඊට අදාලව ජනාධිපතිවරයා සතුව තිබෙන මුක්තිය එලෙසම පවතිනවා. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ගන්නා තීන්දු තීරණ අභියෝගයට ලක්කොට ඔහු අධිකරණයට කැඳවන්න උත්සාහ කළොත් ඔහුට කි‍්‍රයාත්මක වීමට නොහැකි වෙනවා.
එමෙන්ම තවත් පිරිසක් අදහස් පළ කරනවා විධායක බලතල නැති වුණාම රට අරාජික වෙනවා කියලා. එය සම්පූර්ණ අසත්‍යයක්. අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් විය යුතුව තිබෙනවා. පාර්ලිමේන්තුව, රට ස්ථාවරව පවතින්න අවශ්‍යයි. එනිසා අපි 20වැනි සංශෝධනය සමඟ මන්තී‍්‍රවරුන්ට පක්‍ෂ මාරු කිරීමේ හැකියාව අහෝසි කළ යුතු බවට යෝජනා කරනවා. එක පක්‍ෂයකින් ජනවරමක් ලබාගෙන මුදල්වලට විකිණිලා තව පක්‍ෂයකට මාරු වීමේ හැකියාව නීතියෙන් අහෝසි කළ යුතුයි. මෙම යෝජනාව 19වැනි සංශෝධනයේත් ඉදිරිපත් වුණා. නමුත් දිනේෂ් ගුණවර්ධණලා එම යෝජනාවට විරුද්ධ වුණා. 20වැනි සංශෝධනයෙන් පසුව අගමැතිවරයා පත්කරන ආකාරය පිලිබඳව සඳහන් කොට තිබුණා. යම් පක්‍ෂක් මැතිවරණයට පෙර අගමැති අපේක්‍ෂකයා නම් කරන්නේ නම් එම පක්‍ෂය මන්තී‍්‍රවරුන්ගෙන් 50%ක් ලබාගත යුතුයි. එසේ නැතහොත් අගමැතිවරයා පත්කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුවයි.
අපි පක්‍ෂයක් ලෙස සම්පාදනය කොට තිබෙන යෝජනාවලියේ මෙම මූලික කරුණ තිබෙනවා.මේ සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡුා කොට සාධනීය කරුණු එකතු කරන්න අපි සූදානම්. එනිසා අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා, හිටපු ජනාධිපතිවරයා, විපක්‍ෂ නායකවරයා සමඟ මේ සම්බන්ධයෙන් අදහස් වුමමාරු කරගන්නාව. ඒ වගේම සියලූම ආගමික නායකයින් හමුවෙලා සාකච්ඡුා කරනවා. සියලූම අනු නායක හිමිවරුන් හමුවී කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු දැනුවත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපේ රටේ සංස්කෘතිය පිළිබඳව මනාව තේරුම් ගත් පක්‍ෂයක්. රටගැන හැඟීමක් කැක්කුමක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි සංස්කෘතික අමාත්‍යාංශය බාරගන්නකොට එම අමාත්‍යාංශයට ‘ජාතික උරුමයන්’ කියන කොටස එක් කළේ සංස්කෘතිය සමඟ ජාතික උරුමයන් පිළිබඳව අපිට තිබෙන හැඟීම නිසා. ඒ වගේම අපි සංස්කෘතික අමාත්‍යාංශය ලබා ගත්තේ රටේ සංස්කෘතිය ජාතික උරුමයන් ආරක්‍ෂා කිරීම මූලික කරුණක් නිසා. ඒ කැක්කුම අපිට තිබෙනවා. සියලූම ආගම්, ජාතිකත්ව නියෝජනය කරන ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතිවාසිකම් රැුකීමට අපි කටයුතු කරනවා. අපි ඒ බව වගකීමෙන් ගරු නායක ස්වාමීන් වහන්සේලාට මතක් කරන්න කැමතියි.
යාපනයේ මැයි දිනයේ අපේ පක්‍ක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා කළ ප‍්‍රකාශයන් ඇතැම් අය වැරදි විදිහට අර්ථකථනය කරනවා. අනුර දිසානායක සහෝදරයා යාපනය මැයි රැුලියේ කියා සිටියේ උතුරේ සටනක් පැවතුනා, එහි අරමුණ වෙනස් එකක්, දකුණේත් සටනක් තිබුණා, ඒ සටනේ අරමුණ උතුරේ සටනට වඩා වෙනස් එකක්, යනුවෙනුයි. ඒ වගේම අනුර දිසානායක සහෝදරයා ප‍්‍රකාශ කළා, වෙන් වෙන්ව සටන් කළ උතුරට සහ දකුණට රටේ සිදුවන අයුක්තිය, අසාධාරණයට එරෙහිවත් වංචාවට-¥ෂණයට එරෙහිවත් එක්ව කළ යුතු සටනක් තිබෙන බවත් ඒ සටන වෙනුවෙන් එකතු විය යුතු බවත්ය. එනිසා එම ප‍්‍රකාශයට වැරදි අර්ථ කථන දෙන්න එපා කියලා අපි කියනවා. එම ප‍්‍රකාශය යූ ටියුබ් වෙබ් අඩවියේ තිබෙනවා. එය නැවත හොඳින් අසන්න කියලා අපි ආරාධනා කරනවා.
අපේ රටේ විවිධ ආගම් අදහන විවිධ ජාතිකත්වයන් ජීවත් රටක්. ඒ සියලූ දෙනාම වෙනුවෙන් තමයි අපි 20වැනි සංශෝධනය ගෙන එන්නේ. අපේ රට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අශිෂ්ටත්වයෙන් යුත් රටක් වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත්කළ යුතුව තිබෙනවා. අපි 20වැනි සංශෝධනය ගෙන එන්නේ ඒකාධිපති පාලනය වෙනුවට ශිෂ්ඨ සම්පන්න පාලනයක් ගෙන ඒමට. ඇතැම් අය කියනවා 20 වෙනුවෙන් ජන වරමක් අවශ්‍යයි කියලා. මේ සඳහා ජනවරමක් අමුතුවෙන් අවශ්‍ය නැහැ. මොකද, ජනාධිපතිවරු 05දෙනෙක් අවස්ථා 5කදී ජනවරම ලබාගෙන තිබෙනවා. 1994, 1999, 2005, 2010, 2015 යන සෑම ජනාධිපතිවරණයකදීම ජනතාව විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න ජනවරම ලබාදී තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයාමාර්ග ගන්නේ වෙන කාගේ හෝ වුවමනාවකට නෙවෙයි. ජවිපෙ සෘජුව තීන්දු- තීරණ ගන්න පක්‍ෂයක්. කාට හෝ වුවමනා ආකාරයට අපේ තීන්දු තීරණ වෙනස් කරන්න බැහැ. ඇතැම් අය කියනවා එන්ජී ඕ වල වුමනාව ජවිපෙ ඉටු කරනවා කියලා. අපේ රටේ ක‍්‍රියාත්මක වෙන එන්ජී ඕ පිළිබඳව සොයාබලන්න පාර්ලිමේන්තුවේ තේරීම් කමිටුවක් දාන්න යෝජනා කළේ ජවිපෙ. ඒ වගේම එම කමිටුවේ සභාපතිවරයා මම. ඒ නිසා එන්ජී ඕවලට ඕන විදියට අපිව හසුරුවන්න බැහැ. අපි කරන්නේ අපේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන එකයි. අපි භික්ෂූන් වහන්සේලා ඇතුළු, පූජකතුමන්ලාගෙන් සහ සියලූ ජනතාවගෙන් ඉල්ලනවා අපේ රට ශිෂ්ඨසම්පන්න රටක් බවට පත්කරන්න එකතු වෙන්න කියලා.
මෙම යෝජනාව සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් අවශ්‍යයි. එය ලබාගැනීමෙන් පසුව ජනමත විචාරණයක් සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ යුතුබව අධිකරණය පවසන්නේ නම් ඒ සඳහා අපි සූදානම්. මොකද අපි ජනතාව ගැන විශ්වාසය තබන පක්ෂයක්. ඒ වගේම 20 පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් හෝ අදහස් දක්වන සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ අදහස් වලින් තමයි මේ සංවාදය ජනතාව අතරට යන්නේ. ඒ වගේම අපි කියනවා මෙම සංවාදය තාර්කික කරුණු මත පමණක් පදනම් වෙලා කරන්න කියලා. තමන්ගේ බල ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඇති වූ වියරුවෙන් ප‍්‍රකාශ නිකුත් කරන්න එපා කියලත් අපි ඉල්ලනවා. සියලූ දෙනා සමඟ සාකච්ඡුා කරලා අපි සාර්ථක යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *