තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හෙට (8) සහ අනිද්දා (9)

ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් සම්මත වූ  පනත ක්‍රියාත්මක වී 2018 ට වසරක් සම්පුර්ණ වීම නිමිති කරගෙන, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, නොර්වේ තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගයෙන්  දෙදින ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

 

තොරතුරු දැනගැනීමේ අයිතියෙන් බලගැන්වුණු රටක් – වසරක විමසුම’ යන තේමාව යටතේ, මැයි මස 8 හා 9 දෙදින තුල ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ දී මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වීමට නියමිතය.

විදේශීය හා දේශීය වශයෙන් කීර්තිනාමයන් දිනාසිටින තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ විශාරදයින්, මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහභාගී වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *