රුපියල හා වයිමලාගේ ශත පහේ දේශපාලනය – භාතිය බරුකන්ද

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය දා 2017 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව නිකුත් කිරීම සමග රටේ ආර්ථිකය ගැන සංවාදය අලූත් වෙලා තිබෙනවා. ඒ අතර රුපියල  අවප‍්‍රමාණය වීම ගැනත් දේශපාලන හා ආර්ථික දෘෂ්ටිකෝණවලින් විවිධාකාර විවේචන ප‍්‍රකාශයට පත් වෙනවා.
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ප‍්‍රබල විවේචන ඉදිරිපත් වන වාතාවරණය හමුවේ ආණ්ඩුව හා ආණ්ඩුවට නායකත්වය දෙන එජාප-ශ‍්‍රීලනිප කණ්ඩායම් දෙක තම පක්ෂ අභ්‍යන්තර ගැටලූ අවම කර ගැනීම සඳහා ප‍්‍රතිසංස්කරණ කටයුතු වේගවත් කර තිබෙනවා. ඒ අතර පසුගිය දා සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයත්, මැයි 08 වැනිදා පාර්ලිමේන්තුව රැුස්වීමත් තුළ රටේ ආර්ථික හා දේශපාලන කරළිය තුළ සැලකිය යුතු වෙනසක් ජනතාව විසින් අපේක්ෂා කරනවා.
එහිදී ජනතාව විසින් අපේක්ෂා කරන්නේ තමන්ගේ පොකැට්ටුවට බරක් නොවන, තමන්ට වැඩියෙන් යමක් හිමිවන ප‍්‍රතිසංස්කරණයි. මේ බහුතරයක් ජනතාව සිතන පතන ආකාරය සරලව කිවහොත් බඩුමිල අඩුවිය යුතු අතර වැටුප් ද වැඩි විය යුතුයි. ඒ අතර අධ්‍යාපනය, සෞඛ්‍ය පමණක් නොව හොඳ පාරවල් ද, දුම්රිය ඇතුළු ප‍්‍රවාහන සේවා ද ඉහළ ගුණත්වයෙන් යුතුව ඔවුන්ට හිමිවිය යුතුයි.
ඒ සමග මෙහි විලෝමයක් ද ජනතාව විසින් බලාපොරොත්තු වෙනවා. ඒ කිසිදු ආකාරයකින් බදු වැඩි කිරීමක් (වක‍්‍ර බදු* සිදු නොවිය යුතුයි. එද පරිප්පු ටිකට, හාල් මැස්සාට ගහන බද්දේ සිට මෝටර් රථය දක්වා අදාළයි. ඒ වගේම තමන් කොපමණ ධනයක් උපයා ගත්තද එයට කිසිදු බදු පැනවීමක් (ඍජු බදු* සිදු නොවිය යුතුයි. එපමණක් නොවෙයි ආණ්ඩුව විසින් ගොවීන්ට අවම මිලට පොහොර ද, වැඩි ම මිලට ඔවුන්ගේ වී මිලදී ගැනීම ද සිදු කළ යුතුයි. ඒ අතර අනෙක් සියලූම නිෂ්පාදනවල (අල, ලූනු, එළවළු, ගම්මිරිස්, බුලත් ද ඇතුළුව* මිල පහත වැටෙන අවස්ථාවක ඔවුන් ආරක්ෂා කිරීම ද ආණ්ඩුව විසින් සිදු කළ යුතුයි. තමන්ගේ මල්ල පුරාවා ගැනීම මිස එයින් අළුක්කාලක් වත් ආණ්ඩුවට ලබා නොදෙන මතයක සිටින ලංකාවේ පොදුජනතාව සිතන පතන මේ තත්ත්වය අනුව අද ආණ්ඩුවට ලෝක වෙළෙඳපොළේ කොතරම් මිල ඉහළ යාමක් සිදු වුවත් ආණ්ඩුව ඒ අවාසිය තමන්ම දරා ගනිමින් අඩු මිලට ඛණිජ තෙල්, ගෑස්, කිරිපිටි ජනතාවට ලබාදිය යුතුයි.
අද ජනතාව ‘‘හොඳ ආණ්ඩුවක් ’’ ලෙස සලකන්නේ මේ ආකාරයේ ආණ්ඩුවක් නිසා වත්මන් ආණ්ඩුව කිසියම් ආකාරයක සිරවීමක ලක්ව සිටින බවක් අපට දැකිය හැකියි. මේ තත්ත්වය වඩාත් සරලව පැහැදිලි කරන්නේ නම් අද ජනතාව රාජපක්ෂ ආණ්ඩුවේ හොරු ඇල්ලීමටත් වඩා ප‍්‍රමුඛත්වය දී තිබෙන්නේ බඩු මිල අඩුවීම, බදු නොපැනවීම වැනි කාරණා කෙරෙහියි. අලූත් ව්‍යවස්ථාව, ජාතික ගැටලූව විසඳීම, නීතියේ ආධිපත්‍ය යළි ස්ථාපිත කිරීම, ජාතික සංහිඳියාව ඇති කිරීම වැනි කාරණා මේ වන විට ඔවුන්ගේ ජීවිතවලට බොහෝ ඈතින් තිබෙන බවයි අද අපට පෙනී යන්නේ. කොටින්ම කිවහොත් 2015 ජනවාරි 08 වැනිදා න්‍යාය පත‍්‍රය වෙනුවට අද ඔවුන් විසින් ඔසවා ගෙන තිබෙන්නේ අතිෂයින් පටු අවස්ථාවාදී වුවමනා එපාකම් හා බැඳුණු ඉල්ලීම් කිහිපයක්.
අද රාජපක්ෂවාදී මාධ්‍ය ජුන්ටාව විසින් සියලූම යහපාලන අපේක්ෂාවන්ට වඩා ඉහළින් ඔසවා තබමින් ජනමතයක් බවට පත් කර තිබෙන්නේ ඉහත සඳහන් කළ කාරණා වීම තුළ අද බන්දුල ගුණවර්ධන, මහින්ද රාජපක්ෂ ඇතුළු පරාජිත කල්ලියට යළිත් ජනතාව අතර හිස ඔසවා ගෙන සිටීමට පහසු තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා. වැටුප් වැඩි කිරීමට අසමත් වීම, ජීවන වියදම අඩු කිරීමට අසමත් වීම හමුවේ නිරුත්තරව ඒ වගකීම සක‍්‍රයාගේ පුතා වයිමා වෙත පැවරූ පරාජිත පාලකයින්ට අද රුපියල අවප‍්‍රමාණය වීම, ආර්ථික වර්ධනය මන්දගාමී වීම අමතර බෝනස් අවස්ථාවක්් ලැබීමක් වෙලා තිබෙනවා.
එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ අර්බුදයේ පීතෘවරුන් විසින් ම අද එහි වගකීම හා සියලූ ඍණාත්මක තත්ත්වයන් වත්මන් ආණ්ඩුව වෙත පටවා එය ආණ්ඩුවේ නොහැකියාව හෝ ජනතා ද්‍රෝහීත්වය යනුවෙන් සමාජගත කිරීමට වෑයම් කිරීමයි. මෙය ඉතාම පැහැදිලිව යළි බලය අල්ලා ගැනීම සඳහා වන සැලසුමේ කොටසක් හෙයින් එහි සැබෑ තත්ත්වය නිරාවරණය කර ගැනීම අප සැමගේ වගකීමක් / යුතුකමක් වශයෙන් සැලකිය හැකියි.
වයිමලාගේ ආර්ථිකය
ආර්ථික වර්ධනය සහ රුපියල අවප‍්‍රමාණය වීම එකම කාසියේ දෙපැත්තක් වශයෙන් ආර්ථික විශ්ලේෂකයින් විසින් සලකනවා. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ දේශීය ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වීම තුළ ආනයනය සඳහා වන ඉල්ලූම ඉහළ යාමට සමානුපාතික අපනයන මගින් ලැබෙන ආදායම වර්ධනය නොවීම සමග රුපියල අවප‍්‍රමාණය වන බවයි. මෙය තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් රට තුළ නිෂ්පාදන කටයුතු ප‍්‍රමාණවත් නොවීම (සහල්, පරිප්පු ආදියේ සිට* නිසා ඒවා ආනයනය කිරීමට සිදුවන විට ඒ සඳහා ගෙවීමට ඩොලර් සඳහා ඉල්ලූමක් ඇතිවන බවත් එම ඩොලර් ඉල්ලූම සපුරා ගැනීම සඳහා අපනයන, විදේශ ආයෝජන, විදේශ ණය සහ ආධාර, සංක‍්‍රාම ආදිය මගින් මගින් රටට ලැබෙන ඩොලර් සැපයුම ප‍්‍රමාණාවත් නොවීම නිසා (ඉල්ලූමට සැපයුම ප‍්‍රමාණවත් නොවීම නිසා* රුපියල අවප‍්‍රමාණය වීම සිදු වන බවයි.
ආර්ථික විද්‍යානුකූලව සිදුවන මෙවැනි පැහැදිලි කිරීමක් මේ රටේ සාමාන්‍ය ජනතාවට වටහා ගැනීමට හැකියාවක් නැහැ. බන්දුල ගුණවර්ධන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පපුවේ අත ගසමින් කියන කතා පමණක් ඔවුන්ට පහසුවෙන් වටහා ගත හැකියි. එහිදී මේ කල්ලිය පෙන්වා දෙන්නේ ‘‘ආණ්ඩුවේ නොහැකියාව නිසා රුපියල බාල්දු වන බවයි. ඒ හරහා රට තුළ ආර්ථික අර්බුදයක් නිර්මාණය වන බවයි. ජනතාව එදා වේල කන්න බැරි තත්ත්වයට පත්වන බවයි.
එහෙත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ රුපියල අවප‍්‍රමාණය වීම /බාල්දු වීම ඍණාත්මක හා ධනාත්මක යන ප‍්‍රතිඵල ද්විත්වයම ඇති කරන බවයි. ඒ අනුව රුපියල අවප‍්‍රමාණය වීම ලංකාවෙන් සිදුවන අපනයන සඳහා වාසිදායක වන අතර විදේශීය සංචාරකයින්ට (මිල අඩුවීම* සහ විදේශ සංක‍්‍රාම (විදේශගත ශ‍්‍රී ලංකිකයින් ලංකාවට එවන මුදල්* සඳහා යහපත් බවයි. අපයන සංවර්ධනය, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ආදිය මගින් රුපියල අවප‍්‍රමාණය වීමේ ඍණාත්මක තත්ත්වයන් (ආනයනවල මිල ඉහළ යාම හා විදේශ ණය ඉහළ යාම වැනි* නිසි පරිදි කළමනාකරණය කරගත හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. එහෙත් පොදුවේ සැලකුවහොත් රුපියල අවප‍්‍රමාණය වීම රටට කෙටිකාලීනව මෙන්ම දේශපාලනිකව ද හානිකර ප‍්‍රතිවිපාක ජනනය කරන බව අප විසින් පිළිගත යුතුයි.
රුපියල අවප‍්‍රමාණය වීම කෙරෙහි ආනයන හා අපනයන සේම විදේශ ආයෝජන ඇතුළු තත්ත්වයන් ඍජුව බලපාන හෙයින් පසුගිය කාලය තුළ මේ ත‍්‍රිත්ව අංශය තුළ සිදු වූ ප‍්‍රවණතා ගැන අපගේ අවධානය යොමු කළ යුතුයි.
අර්බුදයේ පීතෲන් හඳුනා ගැනීම
වත්මන් ආර්ථික අර්බුදයේ පීතෲන් සොයා ගැනීමේදී මෙම ලියුම්කරු විසින් ඇසූ අපූරු කතාවක් උපුටා දැක්විය යුතුයි. ඒ පසුගිය කාලය පුරාම රාජපක්ෂ කල්ලිය තළුමරමින් සිටින පොල් මිල ඉහළ යාම ගැන කතාවක්. පොල්් මිල ඉහළ යාම ගැන ආණ්ඩුවට කරන චෝදනා ගැන පිළිතුරු දෙමින් එක් පුද්ගලයෙක් ප‍්‍රකාශ කළේ ‘‘මේ ආණ්ඩුව බලයට පත් වූ දා සිට වෙන වැඩක් නොකර පොල් වගා කළත් ඒ පොල් ගස්වල ඵලදාව ලබා ගැනීමට තවත් අවුරුද්දක් දෙකක් ගත වන බවයි. ඒ නිසා පොල් මිල ඉහළ යාම ගැන අවුරුදු 10ක් රට පාලනය කළ හිටපු පාලකයින් වගකිව යුතු බව ඔහු ප‍්‍රකාශ කළා. රූපවාහිනි නාලිකාවල සිදුවන ප‍්‍රබුද්ධ සංවාදවලින් බැහැර ගමේ ගොඬේ කඩපිළේ, මළ ගෙවල්වල සිදුවන මෙවැනි කතාවලින් හෙළිවන දේශපාලන යථාර්ථයක් තිබෙනවා. ඒ රටේ සිදුවන බොහෝ දේවල් ගැන පොදු ජනතාව තුළ ද මතයක් පවතින බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ 2005 – 2015 යුගය දෙස අප අපගේ අවධානය යොමු කළ යුතු වන්නේ මෙම පදනමේ සිටයි.
ආසියාවේ ආශ්චර්යය
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන තේමා පාඨය ‘‘සුබ අනාගතයක්’’ වන විට ආර්ථික දැක්ම ‘‘ආසියාවේ ආශ්චර්යය’’ වෙනුවෙන් කැප වුණා. 2005 – 2015 යුගයේ සමත් ආර්ථික හා දේශපාලන ක‍්‍රියාකාරීත්වය නාභිගත වුණේ ඉහත සඳහන් තේමාපාඨය තුළයි.
මෙහිදී අපගේ ප‍්‍රමුඛ අවධානය මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථික සංවර්ධනය වෙත යොමු කළ යුතු වන්නේ වත්මන් ආර්ථික පැතිකඩ කෙරෙහි එය තීරණාත්මකව බලපාන නිසයි. ඒත් මේ සමග ක‍්‍රියාත්මක වූ දේශපාලන න්‍යාය පත‍්‍රය ද නොසලකා හැරිය නොහැක්කේ රාජපක්ෂ යුගයේ ආර්ථිකමය තීන්දු ඍජුව දේශපාලන අවශ්‍යතා හා මූලෝපායන් මත තීන්දු වූ නිසයි.
ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීම සඳහා වන රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන තීන්දුව සමග ‘‘ලංකාව පංචවිධ බලකේන්ද්‍රයක් ’’ බවට පත් කිරීමේ දැවැන්ත සැලසුමක් දියත් වුණා. ඒ හරහා හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ සේම හම්බන්තොට කේන්ද්‍රකරගත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ද දියත් වුණා. මේ සමග ඕස්ට්‍්‍රලියානු ජාතික ජේම්ස් පැකරේ වැනි කැසිනෝ බලවතුන් හරහා කොළඹ කේන්ද්‍රීය විශේෂ ආර්ථික කලාපයක් ද, ගාලූ මුවදොර පිටියේ ෂැන්ග‍්‍රිලා හෝටල් ව්‍යාපෘතිය, වරාය නගරය හරහා තවත් දැවැන්ත සංවර්ධන සැලසුමක් ද දියත් වුණා.
එහෙත් මේ සියලූ සංවර්ධන සැලසුම් හා ව්‍යාපෘති ඵලදායී අවසානයක් කරා ගෙන ගොස් ඒ හරහා ආර්ථික සංවර්ධනයක් උදාකර ගැනීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තම දශකයක පාලන සමය තුළ කිසිදු හැකියාවක් ලැබුණේ නැහැ. 2015 වන විට නිම කළ සංවර්ධන ව්‍යාපෘති බවට පත්ව තිබූ හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ආර්ථික අතින් කිසිදු සාර්ථකත්වයක් හෝ ප‍්‍රතිලාභයක් ලබා නොදුන් සුදු අලි බවට පත් වුණ අතර කොළඹ වරාය නගර අති සංකීර්ණ ව්‍යාකූලත්වයක් නිර්මාණය කර තිබුණා. ඒ අතර 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් කඩිනමින් සිදුකළ හම්බන්තොට දැවැන්ත නාගරික සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කිසිදු ආර්ථික වටිනාකමක් ලබා නොදෙමින් ආර්ථිකයට ණය හා පොලී පමණක් එක් කළා. මේ තත්ත්වය කෙටියෙන් සඳහන් කළහොත් අපට පැහැදිලිව දැකිය හැකි වන්නේ ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීම වෙනුවෙන් රාජපක්ෂ පාලනය සමයේ දියත් කළ මෙගා සංවර්ධන සැලසුම් කිසිදු ආකාරයක සංවර්ධනමය දායකත්වයක් රටට ලබා නොදුන් බවයි.
ඒත් මෙහිදී බොහෝ දෙනකු විසින් පහසුවෙන් / හිතාමතා මගහරින කරුණ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ දියත් වූ සියලූම සංවර්ධන කටයුතු (කොළඹ ලස්සන කිරීම ද ඇතුළත්ව* සඳහා ලබාගත් විදේශ ණය ගෙවීම ආරම්භ වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී නොව 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් යහපාලන ආණ්ඩුව සමයේදී බවයි. (මේ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කෙටි කාලීන ණය ලබා නොදුන් නිසා* ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජපක්ෂ යුගයේ මෙගා සංවර්ධන ව්‍යාපෘති සඳහා වන ණය වාරික වල පළමු වාරිකය පවා රාජපක්ෂ යුගය තුළ ගෙවා තිබුණේ නැහැ.
මේ අනුව අපට පැහැදිලි වන්නේ කුමක්ද ? අද මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන්ගේ සංවර්ධන ආශ්චර්යය යැයි කියමින් ජනතාව මුලා කරන සියලූම සංවර්ධන කටයුතුවල ණය ගෙවමින් සිටින්නේ වත්මන් ආණ්ඩුව විසින් බවයි. වත්මන් ආණ්ඩුව විසින් පසුගිය 2015 වසරේ සිට ජාත්‍යන්තර වශයෙන් ලබා ගත් සියලූම ණය මුදල් මගින් සිදුකරන්නේ, හැකි තරම් සකසුරුවම් වෙමින් ඉතිරි කරගත් මුදල්වලින් ගෙවමින් සිටින්නේ ද රාජපක්ෂ සමයේ බිල් බවයි.
රාජපක්ෂ යුගයේ මෙම මෙගා සංවර්ධනය මගින් සිදු වූ තවත් ප‍්‍රධාන කරුණක් වන්නේ ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් ඇතුළු අංශ කිහිපය දැවැන්ත වර්ධනයක් සිදුවීමත් එය ආර්ථික වර්ධනය ඉහළ යාමට ඍජුව හේතුවක් වීමත්ය. හුදු ඉදිකිරීම් බවට පත් මෙම මෙගා සංවර්ධන ව්‍යාපෘති රාජපක්ෂ යුගයේ ප‍්‍රදර්ශනාත්මක ආර්ථික සංවර්ධනයක් පෙන්නුම් කළත් එය ඵලදායී හෝ ගුණාත්මක එකක් නොවුණේ ඉහත සඳහන් කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් මගින් ඒවා සඳහා ලබාගත් ණය වාරික ගෙවීම සඳහා වන පොලියවත් උපයාගත නොහැකි වූ නිසයි. (අධිවේගී මාර්ගවල තත්ත්වය ද එසේමය* අද රාජපක්ෂ යුගයේ ආර්ථික සංවර්ධනය ගැන පම්පෝරි ගසන්නෝ මේ යථාර්ථය හිතාමතා වසං කරන අතර එම නිසාම ‘‘කෝ එදා වාගේ සංවර්ධනයක් නැහැනේ ’’ යැයි විමතිය පළ කිරීමට ද අවස්ථාව උදාකර ගෙන ඇත. එහෙත් සැබෑව වන්නේ රාජපක්ෂ යුගයේ සංවර්ධන බිල ගෙවන්නේ තම නම් ගසා ගත් රාජපක්ෂවරුන් නොව වත්මන් යහපාලන ආණ්ඩුව විසින් බවයි.
මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථිකයේ නාභිය බවට ඊනියා පංචබල කේන්ද්‍රය පත්කර ගනිද්දී දේශීය ආර්ථිකය වළපල්ලට ගියේ රජයේ අවධානය ඒ සඳහා යොමු නොවීම නිසාය. ඒ අතර දේශීය කෘෂිකර්මාන්තය, විශේෂයෙන් වී වගාව කැපී පෙනේ. කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා අත්‍යවශ්‍ය සේ සැලකූ මොරගහකන්ද ජලාශ යෝජනා ක‍්‍රමය රාජපක්ෂ යුගය තුළ හමස් පෙට්ටියේ බහා තිබීම මේ සඳහා පහසු උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි.
මේ අතර ලංකාවේ ප‍්‍රධාන අපයනය ආදායම් ප‍්‍රභවය වන ඇඟළුම් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දුන් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි කර ගැනීම නිසා වසර කිහිපයක් පුරා රටට අහිමි වූ විදේශ විනිමය ප‍්‍රමාණය ගැන සිතා ගැනීමටවත් නොහැකියි. ඒ අතර රාජපක්ෂ පාලන සමයේ අවසාන භාගයේ රටට අහිමි වූ යුරෝපා සංගම් මත්ස්‍ය අපනයන අවස්ථාව ද රටට දැවැන්ත හානියක් කළා. මේ සියලූ සිදුවීම් හරහා සිදු වුණේ රටේ අපනයන කර්මාන්ත පිරිහීම හා දැවැන්ත ණය කන්දක් රටට උරුම වීමයි. අද යහපාලන ආණ්ඩුව ගෙවමින් සිටින්නේ මේ දේශපාලන සූදුව වෙනුවෙන් විනාශ කළ දැවැන්ත ධනස්කන්ධය සඳහා වන ගිනි පොළිය සහ වන්දිය බව අප අමතක නොකළ යුතුයි.
මෙවැනි ආර්ථික ප‍්‍රතිපත්තියක් මත ක‍්‍රියාත්මක වූ රාජපක්ෂ පාලනය තුළ රටේ සැබෑ ආර්ථික සංවර්ධනය සිදු වූ බව පිළිගත හැක්කේ අඳ බාලයෙකුට පමණයි. හේතුව වන්නේ අපනයන ආදයම් අහිමිකර ගනිමින් ද ගිනි පොළියට විදේශ ණය ගෙන සිදු කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටට කිසිදු ආර්ථික ප‍්‍රතිලාභයක් අත්පත් කර නොදුන් නිසයි.
එසේ නම් 2005-2015 යුගයේ අදට වඩා ආර්ථික සංවර්ධනයක් හා ස්ථායිතාවක් තිබූ බව කියන්නේ කුමන පදනමක් මතද ? මෙය අප පැහැදිලි කරගත යුත්තේ 2005 -2009 යුධ ආර්ථිකය ද 2009 -2015 චීන ආධාර මත ක‍්‍රියාත්මක වූ මෙගා සංවර්ධන ව්‍යාපෘති ද ආර්ථිකය තුළ කෘත‍්‍රීම, ප‍්‍රමාණාත්මක වර්ධනයක් වාර්තා කළ බවයි. අනෙක් අතින් 2009දී යුද්ධය නිමා වීම සමග උතුරු – නැගෙනහිර පළාත්වල ස්වභාවිකව සිදු වූ කෘෂිකාර්මික හා ධීවර කටයුතුවල දායකත්වය ද ආර්ථික වර්ධනය සඳහා ක්ෂණික, ප‍්‍රමාණාත්මක දායකත්වයක් ලබා දුන් බවයි.
මේ ඊනියා සංවර්ධනය මත අද ඒකාබද්ධ කල්ලියට වත්මන් ආණ්ඩුවට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල කරමින් තමන්ගේ පව් සෝදා ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා. හුදු දේශපාලන විමර්ශනවලින් බැහැර රාජපක්ෂ යුගයේ සංවර්ධන මිත්‍යාව ගැන ජනතාවට යථාවබෝධය ලබාදීම අද යුගයේ අවශ්‍යතාවක්ව තිබෙනවා. එවැනි විධිමත් ප‍්‍රවේශයකින් තොරව බන්දුල ගුණවර්ධනලාගේ වයිමාගේ දේශපාලනය පරාජය කළ නොහැකියි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *