ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය විද්‍යාත්මක නෑ … ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

මේ ආණ්ඩුව බලයට පත්වෙනකොට ජනතාවට දුන්නු පොරොන්දු අතර විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් පත් කරනවා කියන එකත් ප‍්‍රධාන එකක් වුනා. මේ ආණ්ඩුවට එහෙම කියන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ පාලනයේ අමාත්‍ය මණ්ඩලය ජනතාවට, රටට දරාගන්න බැරි අසීමිත එකක් වීමයි. ජනගහනයට සාපේක්‍ෂව චීනයටත් ඉන්දියාවටත් වඩා වැඩි ඇමති මණ්ඩලයක් රාජපක්ෂ ආණ්ඩුවේ හිටියා. ඒ ඇමති මණ්ඩලය ලෝකය පුදුම කරවන ඇමති මණ්ඩලයක් වුණා. රාජපක්‍ෂ ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වීම නිසා මේ ආණ්ඩුවට ඇමති මණ්ඩලය විද්‍යාත්මකව පතකරන බවට පොරොන්දු වුනත් ආණ්ඩුව ආරම්භයේදීම ඒ පොරොන්දුව කඩලා දැම්මා. කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව පළවැනි කැබිනට් මණ්ඩලය හැදුවා. මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලය වගේම ඇමති මණ්ඩලය වැඩිකළා. රාජ්‍ය ඇමතිධුර කියලා ඇමතිධුරත් නියෝජ්‍ය ඇමතිධුර, කැබිනට් ඇමතිධුර විදිහට ඇමතිධුර පැටව් ගැහුවා.
මේ වෙනකොට ආණ්ඩුවට වසර තුනක් ගෙවී තිබෙනවා. කැබිනට් මණ්ඩලය හතර වතාවක් සංශෝධනය කොට තිබෙනවා. ඒකෙන්ම පේනවා, මේ ආණ්ඩුවට දැක්මක් වැඩපිළිවෙළක් නැහැ කියලා. අඩුම තරමේ ජාතික ආණ්ඩුවක් කියලා හදාගත්තු මේ ආණ්ඩුවට වසර 5කට සැලසුමක් ඉලක්ක සහගත වැඩපිළිවෙළක් සහිතව කැබිනට් මණ්ඩලයක් හදාගන්න හැකියාවක් තිබුණේ නැහැ. ඇත්තටම වෙලා තිබෙන්නේ ඔළුගෙඩි මාරු කිරීමක් විතරයි. ඇතැම් ඇමතිධුර පුද්ගලයින් යාළු කරගන්නත් ඇතැම් යාළුකම් රැුකගන්නත් ලබාදී තිබෙනවා. ඒ වගේම ඇතැම් පුද්ගලයින් සමඟ තිබුණු තරහා පිරිමසා ගන්නත් ඇමතිධුර වෙනස් කොට තිබෙනවා. මුලින් වගේම ඇමති විෂයන් බෙදීමේදී කරපු වැරදි ඒ විදිහටම මේ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී සිදුකර තිබෙනවා.
වන රක්‍ෂණ ඇමතිධුරය එක් පුද්ගලයෙකුටත් වන ජීවී අමාත්‍යාංශය තවත් පුද්ගලයෙකුටත් ලබා දෙන්නේ කුමණ විද්‍යාත්මක පදනමකටද? විද්‍යානුකූලව නම් විය යුත්තේ වන රක්‍ෂණ සහ වන ජීවී විෂයන් එක් අමාත්‍යාංශයක් යටතට ගැනීමයි. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් යන සියල්ල ඒකාබද්ධ කළ අමාත්‍යාංශයක් වනවා වෙනුවට කෘෂිකර්ම එක් ඇමතිවරයෙකුටත් ඉඩම් තව ඇමතිවරයෙකුටත් වාරිමාර්ග තව අයෙකුටත් වෙන්කර දී තිබෙනවා. මෙම විෂයන් වෙන් වෙන්ව තිබියදී කෘෂිකර්මය දියුණු කරන්නේ කොහොමද? දුමින්ද දිසානායකගේ කෘෂිකර්ම අමාත්‍යාංශය මහින්ද අමරවීරට දීලා. මහින්ද අමරවීරගේ අමාත්‍යාංශය විජිතමුණි සොයිසට ලබාදීලා. විජතමුණිගේ අමාත්‍යාශය දුමින්ද දිසානායකට දීලා. මොකක්ද මෙතන තිබෙන මහලොකු විද්‍යාත්මක පදනම?
ඒ වගේම ප‍්‍රාදේශීය සංවර්ධන ඇමතිලා කියලා ඇමතිවරුත් මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. වයඹ පළාතට, උතුරු පළාතට, දකුණු පළාතට සංවර්ධන ඇමතිලා ඉන්නවා. එම පළාත්වලට කිසිදු සම්බන්ධයක් නැති ඇමතිලා ඒ අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමතිධුර දරනවා. ඇතැම් පළාත්වලට සංවර්ධන ඇමතිලා නැහැ. ලක්‍ෂ්මන් කිරිඇල්ලට මහනුවර සංවර්ධන ඇමතිකමක් දීලා. නුවරට කිසිදු සම්බන්ධයක් නැති අම්පාරේ හාරිස් ඇමතිවරයා මහනුවර සංවර්ධන නියෝජ්‍ය ඇමති බවට පත්වෙලා. මහනුවරට සංවර්ධන ඇමතිකමක් දෙනකොට අනෙක් දිස්ති‍්‍රක්වලට සංවර්ධන ඇමතිලා නැහැ. නාගරික සංවර්ධන ඇමතිවරයා විදිහට සියලූම නගර අයිති වෙන්නේ චම්පික රණවක ඇමතිවරයාටයි. නමුත් මහනුවර ඒ අමාත්‍යාංශයෙන් ගලවලා. ලක්‍ෂ්මන් කිරිඇල්ලට දීලා තිබෙනවා. ඒවා කොහොමද විද්‍යාත්මක වෙන්නේ?
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූර දෙන්නෙකුට දීලා. එම විෂයයන් දෙක එක අමාත්‍යාංශයක් යටතේ නොතබා අධ්‍යාපනය දියුණු කරන්නේ කොහොමද? පළාත් සභාවලදී මෙම අධ්‍යාපන විෂය මධ්‍යම ආණ්ඩුවේ සහ පළාත් ලෙස බෙදෙනවා. ඒ වගේම තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු විෂයන් අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ. සාමාන්‍යයෙන් තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු එකට බැඳී තිබෙන විෂයන් දෙකක්. එනිසා ඊයේ සිදුකළ මෙම කැබිනට් සංශෝධනය විකාරසහගත ජනතාව සිනාගස්වන විගඩමක් පමණයි. මේ ආණ්ඩුව ජනතාවට විහිළු සපයන ආණ්ඩුවක්. ජනතාවගේ ප‍්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුවක්. ගෑස් මිල රු.245කින් වැඩිවෙලා. දිනෙන් දින රුපියල බාල්දු වෙනවා. රැුකියා නැතිව උපාධිධාරීන් 52,000ක් උද්ඝෝෂණ කරනවා. වසර තුනක් ගතවෙලත් මේ ආණ්ඩුවට උපාධිධාරීන්ට රැුකියාවක් දෙන්න වැඩපිළිවෙළක් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන විසඳුම් මේ ආණ්ඩුවට නැහැ. ආණ්ඩුව ඇතුළේ තිබෙන අර්බුදය තව පැත්තකින් මේ කැබිනට් මණ්ඩල සංශෝධනය හරහා රටටත් ජනතාවටත් පෙන්වමින් තිබෙනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා රට ගොඩනගන්න දැක්මක් වැඩපිළිවෙළක් නැති මෙවැනි පාලනයන් වෙනස් කරන්න ඉදිරියට එන්න කියලා. දැක්මක් වැඩපිළිවෙළක් නැතිව ආණ්ඩුවේ අර්බුද වහගන්න පත්කරන ඇමති මණ්ඩලවල නාස්තිකාර වියදම් ජනතාව මත පැටවියයුතු නැහැ.
රවී කරුණානායක විජේදාස රාජපක්ෂ වැනි අය ඇමති ධුරවලින් ඉවත් වුනාට පසුව ආණ්ඩුව විවේචනය කරන්න පටන් ගත්තා. ආණ්ඩුව විවේචනය කර කර ඉඳලා විජේදාස රාජපක්ෂ දැන් මේ ආණ්ඩුවේම ඇමති ධුර බාරගත්තා. ආණ්ඩුව කරන විගඩමම මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කරනවා. කැබිනට් එකෙන් ඉවත් කළේ කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණ ක‍්‍රීයාවට නගන්නේ නැහැ කියලා. එහෙම කියලා ආයෙත් වටයකින් ඇමතිකම් දෙනවා.
සාකච්ඡුා වට කිහිපයකින් අනතුරුව 20 වැනි සංශෝධනය මැයි මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 20 සංශෝධනය පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට දාන්න 2/3ක කැමැත්තක් අවශ්‍ය නැහැ. යෝජනාව සම්මත කර ගැනීමට 2/3ක බහුතර කැමැත්තක් ඕනෑ. එය ලබාගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එම 2/3කේ බහුතර කැමැත්ත ලබාගන්න අපි කටයුතු කරනවා.
1978 ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය සම්මත කරගන්න කලින් ඉඳලම ජනතා විමුක්ති පෙරමුණ එහි භයානකකම දැක්කා. එදා ඉඳලම අපි ප‍්‍රතිපත්තියක් ලෙස විධායක ජනාධිපතිධුරයට විරුද්ධ වුණා. සම්මත කරගැනීමෙන් පසුව එය පරාජය කරන්න කටයුතු කළා. එයට විරුද්ධව වැඩ කරපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නත් ජේ. ආර්. ජයවර්ධන කටයුතු කළා. ජනතා විමුක්ති පෙරමුණ එදත් අදත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ප‍්‍රතිපත්තියේ ඉන්නවා. මේ වතාවේ අපි එය අහෝසි කිරීම සඳහා යෝජනාවක් ගේනවා. ඇතැම් අය මෙයට කලබල වෙලා. ඒ පුද්ගලයින් ප‍්‍රතිපත්ති වෙනස් කළාට ජවිපෙ ප‍්‍රතිපත්ති වෙනස් කරලා නැහැ. ඇතැම් අය 20ට බය වෙන්නේ එහි තිබෙන කරුණුවත් දන්නේ නැතිවයි. විධායක අගමැති ධුරයක් හදනවා කියලා චෝදනා කරන්නේ ඒකයි. 20 කරුණුවලට අනුව ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා ඇතුලූ කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් ව්‍යවස්ථා සභාවටත් පැවරෙනවා. කිසිසේත්ම අගමැතිට විධායක බලතල ලැබීමක් සිදුවෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය චෝදනා කරනවා 20වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ විධායක බලතල අහිමි වීමෙන් රට කැඩෙන, රට බෙදෙන අවස්ථාවක් උදාවෙන්න පුළුවන් කියලා. නමුත් 20ට අනුව 13වැනි සංශෝධනයට අදාල බලතල ජනාධිපතිවරයාට තිබෙනවා. 20වැනි සංශෝධනය මගින් රට බෙදන්න හැකියාවක් උදාවෙන්නේ නැති බව අපි සහතික වෙනවා. මොකද, ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ රට බෙදන එක වළක්වන්න සටන් කරපු පක්‍ෂයක්.
අලූත් ව්‍යවස්ථාවක් සඳහා කි‍්‍රයාවලියක් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව තුළ සාකච්ඡුා වෙමින් තිබුණා. එහි මූලික යෝජනාවක් වූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි. නමුත් එම නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කි‍්‍රයාවලිය දැන් අඩපණ වෙලා තිබෙනවා. එනිසා එහි තිබූ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම් යෝජනාව පමණක් අපි පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ගේනවා.

 මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *