ඇමති මණ්ඩලය දිව්රුම්දීම, සැප්. 1වෙනිදා පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව

27වෙනි බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පෙරමුණෙන් නම් කෙරෙන අය  ඇමතිවරුන් ලෙස දිව්රුම් දෙන බවට ආරංචි පැතිර ගිය නමුත් එය වෙනස්කර ඇති වාර්තා වේ. ඒ අනුව  සැප්තැම්බර් 1 වෙනිදා නව පාර්ලිමේන්තුව විවෘත කිරීමෙන් අනතුරුව නව ඇමති මණ්ඩලය දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඇමති ධූර සංඛ්‍යව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව නව ව්‍යවස්ථා සංශෝධනයේ සදහන් වේ. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව පිරිනැමීමට නියමිත ඇමතිධූර සංඛ්‍යාව අනුමත කරගෙනම දිව්රුදීම යෝග්‍ය බව ඉහළ පෙලේ නායකත්වය තීරණය කළ බව ද සඳහන් ය.
මේ අතර අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැනනැගී තිබුණු ප්‍රශ්නය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව විසඳාගෙන ඇති බව ද සැලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *