මැයි දින ප්‍රශ්නය හා වෙසක් ප්‍රශ්නය – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකා සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් නොවිය යුත්තක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමියෝ කියා තිබුණි. උන්නාන්සේ ගේ තර්කය වන්නේ ජාත්‍යන්තර වෙසක් උත්සවය සහ අනෙකුත් බෞද්ධ රටවල වෙසක් පෝය දිනය මැයි මස 29 දිනට යොදාගෙන තිබිය දී මෙරට වෙසක් පෝය වශයෙන් අප්‍රේල් පෝය යොදා ගැනීම විහිළුවක් බවයි.

මැයි මාසය වෙසක් මාසය වන්නේ ජනවාරි පෙබරවාරි වශයෙන් වසරේ මාස 12 ගණනය කරන ක්‍රමය අනුවය. උන්වහන්සේ කියන ශ්‍රී ලාංකික සම්ප්‍රදාය නම් දුරුතු නවම් මැදින් බක් වශයෙන් ගණනය කෙරෙන මාස ක්‍රමයයි. එකී ක්‍රමයේ සම්ප්‍රදාය අනුව මාස වෙනස් වීම ගණනය කෙරෙන්නේ දින ගණන් අනුව නොව චන්ද්‍ර මාස හෙවත් සඳ මෝරන ක්‍රමය අනුවයි. එවිට ජනවාරි පෙබරවාරි හෝ අන් මාසයක සද දෙවරක් පූර්ණ චන්ද්‍රයා වශයෙන් දිස් වූයේ නම් මාසය වෙනස් වූවා සේ ගණනය කෙරේ. ඒ අනුව මල්වතු අනුනායක හිමි පටලවා ගෙන තිබුණා වුව මෙවර වෙසක් පෝය අප්‍රේල් මාසයට යෙදී ඇත්තේ ද සිංහල මාස ක්‍රමය අනුව ගණනය කිරීම නිසාය. එහෙයින් එහි දී ශ්‍රී ලංකික සම්ප්‍රදාය ට පිටුපෑමක් සිදු නොවී ඇති අතර සිදුව ඇත්තේ ශ්‍රී ලාංකික සම්ප්‍රදාය අනුව කටයුතු කිරීමක් පමණි. නමුත් උන්වහන්සේ පවසන්නේ අප්‍රේල් 29 දිනට යෙදී ඇති පුන් පොහොය අධි බක් පොහොය යනුවෙනි. එහි දී උන්වහන්සේ බක් යනු අප්‍රේල්ය යන සරල මතයේ පසුවන බව පෙනේ. අධි පොහොය යෙදෙන්නේ සිංහල බෞද්ධ කැලැන්ඩරයට අනුව නොවේ. ලාංකේය පැරණි සම්ප්‍රදාය පුන් පොහොයෙන් පුන් පොහොයට මාස වෙනස් විය යුතු නිසාය.

තායිලන්තය ඉන්දියාව චීනය වැනි රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ අවසානයට යෙදී ඇති පසළොස්වක පෝය දිනයේ බව ද උන්වහන්සේ කියති. එකි රටවල් එසේ වෙසක් සැමරීම ඔවුන්ගෙ මට්ටමෙන් සාධරණ වන්නේ ඔවුන් බරහිර ක්‍රමය අනුව පමණක් මාස ගණනය කරන බැවින් හෙවත් සඳ මෝරන ආකාරය අනුව මාස ගණනය කිරීම ඔවුන් නොසලකන බැවිනි.

නියංගොඩ විජිතසිරි අනුනායක හිමිගේ වඩාත් බරපතළ ප්‍රකාශය වන්නේ ‘‘කිසිවෙකුගේ උපදෙස් මත සාම්ප්‍රදායික බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීරණ ගැනීම සාවද්‍යයි. මෙවැනි අත්තනෝමතික තීරණ තීන්දු නිසා රටට ජාතියට දුර්විපාක භුක්ති විඳීමට පවා සිදුවීමට ඉඩ තිබේ.’’ යන්නනය. අප මුලින් කීවා සේ මෙම වෙසක් පොහොය අප්‍රෙල් 29 වැනිදාට යොදා ගැනීම බෞද්ධ සම්ප්‍රදායට බැහැරව යාමක් හෝ බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව යාමක් නොව වුවමනාවටත් වඩා බෞද්ධ වර්ෂය පිළිගැනීම නිසා සිදු වූවක් බව උන්වහන්සේ කල්පනා කළ යුතුය.

 

තවත් අතකින් ගත් කළ බෞද්ධ සම්ප්‍රදායට බැහැරව යමින් හෝ අප්‍රෙල් 29ට යෙදෙන පුන් පොහොය වෙසක් පොහොය ලෙස සලකා වත් පිළිවෙත් පින්කම් කිරීමෙන් රටට ජාතියට දුර්විපාක භුක්ති විඳීමට සිදු වීමට ඉඩ තිබේය යන කරුණ පිළිගත හැකි තර්කයක් නොවේ. බුදුන් වහන්සේ ගේ උපත, බුද්ධත්වයට පත්වීම, පරිනිර්වාණය සිදු වූ දිනය ලෙස සලකා වැරදි දිනයක දන් පින් කිරීම රටකට ශාප වීමට හේතුවක් යැයි බෞද්ධ දර්ශනය පිළිබද වැටහීමක් ඇති තැනැත්තෙක් පිළි‍‍නොගන්නවා ඇත. බුදුන් වහන්සේ වෙනුවෙන් වැරදි දිනයක පින් දහම් කිරීම ශාප වීමට හේතුවක්ද? ඉහත තර්කය වෙසක් පුන් පොහොය යනු මහා නැකැත් දිනයක් සේ සලකා කරන ලද ප්‍රකාශයක් සේද බුදුන් වහන්සේ යනු මහා කාරුණිකයාණන් වහන්සේ ය. උන්වහන්සේ වෙනුවෙන් වැරදි දිනයක පින් දහම් කිරීම ශාප වීමට හේතුවක් ද? ඉහත තර්කය වෙසක් පුන් පොහොය යනු නැකැත් දිනයක් සේ සලකා කරන ලද ප්‍රකාශයක් සේද බුදුන් වහන්සේ යනු දෙවියකු යක්ෂයකු සේ සිතා කරන ලද ප්‍රකාශයක් සේ ද සලකන්නට පුළුවන. නමුත් වෙසක් යනු නැකැත් දිනයක් නොවේ. එය වරදවා ගැනීමෙන් කිසිවකුට අයහපතක් වන්නට ඉඩක් ඇත්තේ නැත.

 

වෙසක් පුන් පොහොය සහ ලෝක කම්කරු දිනය

වෙසක් පුන් පෝය හෙතුවෙන් මැයි දිනය වෙනස් කිරීම සම්බන්ධෙයන් ද විවිධාකාර විවේචන මතු වී තිබේ. ලංකා සමසමාජ පක්ෂයේ ලෙකම් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති තිස්ස විතාරණ කියා තිබුණේ ආණ්ඩුවේ නොහැකියාව හා ජනතා විරෝධය වෙනතකට යොමු කිරීම සදහා ඉතිහාසයේ කිසි කෙලකවත් නොවූ අයුරින් මෙවර ලෝක කම්කරු දිනය සහ බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය දිනය පවා වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.

වෙසක් පොහොය දිනය වෙනස් කිරීමෙන් හෝ ලෝක කම්කරු දිනය වෙනස් කිරීමෙන් ආණ්ඩුවේ නොහැකියාව (එවැන්නක් ඇත්නම්) වෙනතකට යොමු කරන් නෙ කෙසේ දැයි උගත් මහාචාර්ය තිස්ස විතාරණ පැහැදිලි කර නොතිබීම අඩුවකි. තෙමගුල් දිනය වෙනස් කිරීමෙන් ජනතා විරෝධය  මගහැරවිය හැකිද? ඇත්තෙන්ම කියන්නෙ නම් වෙසක් සහ මැයි දින ප්‍රශ්නය හේතුවෙන් ආණ්ඩුවට මේ වන විට සිදුව ඇත්තේ නොතිබුණු විරෝධයකට සහ නොතිබුණු ප්‍රශ්නයකට මුහුණ දීමටය.

‍ලෝක කම්කරු දිනය යනු මැයි 01 වෙනිදාට නිශ්චිතව යෙදන දිනයක් වුවත් මෙරට පොහොය දිනය නියම කෙරනු ලබන්නෙ පෝදා කමිටුව මගිනි. පෝදා කම්ටුව යනු ස්වෙද්ශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන්නක් වුව ඊට ආණ්ඩුවේ බලපෑමක් නැත. පෝදා කමිටුව යනු, භික්ෂුන් වහන්සේ, ෙජ්‍ය්ෂ්ඨ ෙජ්‍යාතිෂෙව්දින්, ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවකි.

වාර්ෂික දින දර්ශන සකස් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් වසර දෙකකට පෙර පොහොය දින සහ වෙනත් නිවාඩු දින තීරණය කරන බව ද පැවෙස්. ඒ අනුව 2018 වෙසක් පොහොය දිනය නියම කර ඇත්තේ 2016 වසෙර් දී බව ද සදහන් වේ.

මැයි දිනය සම්බන්ධ ගැටලුව හෝ වෙසක් පෝය අප්‍රේල් මාසයට යෙදීම ප්‍රශ්නයක් වශෙයන් කලින් අවෙබෝධකර ගත්තෙ නම් සැමට සකච්ඡා කොට මැයි 29 දිනට යෙදන පසෙළාස්වක පොහොය වෙසක් පොහොය ලෙස යොදා ගන්නට තිබුණායයි පිළිගත හැකිය. අනෙක් අතට මැයි දිනය මැයි 01 දිනෙන් වෙනස් කළ යුතුය යන යොජනාව භික්ෂුන් වහන්සේගේ පාර්ශවෙයන් ඉදිරිපත් වූවකි. ආණ්ඩුව සිදුකර ඇත්තෙ ඒ ඉල්ලීමට අනුග්‍රහය දැක්වීමක් පමණි.

මැයි දිනය වෙනස් වීම ඒනම් මැයි 07 දාට මැයි දිනය යොදා ගැනීම සම්බන්ධෙයන් පෙළපාලි යාමට හැකි වනවාද නැද්ද යන්නට වඩා බරපතල කරුණක් තිබේ. නමුත් ඒ ගැන කිසිවකු කල්පනා කරන බවක් හෝ කරුණු ඉදිරිපත් කරන බවක් හෝ පෙනන්නට නැත.

නිදසුනක් වශෙයන් ලෝකයෙ සියලුම කම්කරුවන්ට නිවාඩු දිනයක් වන මැයි 01 මෙවර ලංකාවට වැඩ කරන දිනයකි. එදින වරායට පැමිණෙන විදෙස් නැව් වලට බඩු පැටවීම බෑම කළනොහැකි වනු ඇත්තෙ ඒකී රටවල නාවික කාර්ය මණ්ඩල නිවාඩු ගන්නා බැවිනි. නමුත් මෙරට කම්කරුවනට මේ මැයි 01 දා නිවාඩු නැත. ඔවුන්ට සේවයක් කිරීමෙන් තොරව වැටප් ගෙවිය යුතුය. වරායට එය අලාභයකි. ඊළගට මැයි 07 දා නිවාඩුව කලින් සැලසුම් කර තිබූ ඒකක් නොවේ. ඒබැවින් එදිනට උසාවිවල නඩු විභාගවන්නට නියමිතව තිබෙන්නට ඇත. රෝහල්වල සායන, සැත්කම් යොදාගෙන තිබෙන්නට ඇත. ඒ නඩුවලට, ඒ සායනවලින් බෙහෙත් ලබාගන්නට සිටි සැත්කම් කරගන්නට සිටි රෝගීන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය කුමක්ද?

බුද්ධියට නොව ආවේග සහ හැගීම්වලට මුල්තැන දී කටයුතු කිරීමේ දී සිදුවන විනාශය තේරුම් ගන්නට මේ මැයි දිනය වෙසක් පෝය යොදා ගන්න් නම් ඒ පමණක් වුව සෑහේ.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *