විධායකය අහෝසි කිරීමේ බන්දුලගේ ප්‍රකාශයට වාසුත් එකඟවෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පසුගියදා බන්දුල ගුණවර්ධන මහතා දක්වන ලද අදහස්වලට සමාන අදහසක් වාසුදෙව නානායක්කාර මහතාද නිවේදනයක් නිකුකරමින් කියා සිටියි.

ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් ඇතුළත් කළ යුතු බව වාසුදේව නානායක්කාර මහතාද එම නිවේදනය මගින් පිළිගනියි.

මෙම ‍මොහොතේ ශ්‍රීලනිපය හා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයා සමග එක්ව එකඟතාවයකට පැමිණිය යුතු අතර ඒ හරහා පාර්ලිමේන්තුව විසුදරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බව ඔහු එම නිවේදනය මගින් අවධාරණය කරයි.

තවද ඔහු විසින් අවධාරණය කරන්නේ 2019 අවසාවන තෙක් සිට ජනාධිපතිවරණයකට යාමට පොදු ජන පෙරමුණේ සමහරු අපේක්ෂා කරන නමුත් ඒ වනවිට එජාපය විසින් සියළු දේ සිදු කරනු ඇති බවත් තවද ඔවුන් පිටුපස සිටින අධිරාජ්‍යවාදී බලවේග අවතක්සේකරු නොකළ යුතු බවත් ආණ්ඩුව අර්බුදයට ගොස් ඇති මේ මොහොතේ රජය විස්ථාපනය කිරීමට කළ හැකි සියලු දේ කළ යුතු බවය.

මේ අනුව පෙනී යන්නේ වාසුදේව නානායක්කාර මහතාද 2020දී පවත්වන ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් නොව බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ඒ සමගම පාර්ලිමේන්තු මැතිවරණයකට යන ක්‍රියාවකට බවයි.

වාසුදේව නානායක්කාර මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පල වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *