රාජපක්ෂලාගේ උඟුල් හමුවේ ආණ්ඩුව අවුල් වන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘ආණ්ඩුව මේ තරම් හොඳට මහින්දගේ පදේට නටන්නේ ඇයි ?’’ පසුගිය දින කිහිපය තුළ මා සමග කතා කළ බොහෝ දෙනෙක් මේ ප‍්‍රශ්නය විමසා සිටියා. ඔවුන් අතර වත්මන් දේශපාලන ප‍්‍රවණතා ගැන දැඩි සංවේදීභාවයක් ඇති පුද්ගලයින් සේම දේශපාලනය ගැන ඒ තරම් උනන්දුවක් නැතත් පවතින වෙන්නේ මොකක්ද ? කියලා විමසිල්ලෙන් සිටින කිහිප දෙනෙකුත් හිටියා. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට සිදු වූ දේශපාලන පෙළ ගැසීම් සියුම්ව නිරීක්ෂණය කරන විට මේ කතාවේ සත්‍යතාවය මනාව පැහැදිලි වෙනවා. මේ ගැන සාමාන්‍ය අදහස් දැක්වීමෙන් ඔබ්බට ගිහින් දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකු සමග කතා කළ විට ඔවුන් ද අවධාරණය කළේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහතා විසින් සකස් කරන දේශපාලන න්‍යාය පත‍්‍රය අනුව වැඩ කිරීමට යාම නිසා යහපාලන ආණ්ඩුව යළි ගොඩ ආ නොහැකි තරමේ අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බවයි.
බොහෝ දෙනෙක් මේ තත්ත්වය සලකන්නේ දේශපාලන අනතුරක් වගේම විකෘතියක් විදිහටයි. ආණ්ඩුවට, විශේෂයෙන් එජාපයේ විශාල පිරිසකට රාජ්‍ය පාලනය ගැන විධිමත් පළපුරුද්දක් නොමැති නිසා මේ තත්ත්වයට මුහුණ දෙනවා කියලා කියන පිරිසකුත් මේ අතර ඉන්නවා. ඔවුන් කියන්නේ 1994දී බලය අහිමි වීමෙන් පසු ආණ්ඩුකරණයට සම්බන්ධ වීමට (පළාත් හා පළාත් පාලන වශයෙන් පවා* එජාපයේ අති විශාල පිරිසකට අවස්ථාව හිමි නොවීම තුළ පවතින ආධුනිකත්වය වගේම මාධ්‍ය බහුලත්වය හමුවේ තිගැස්මට ලක්වීම ද අද මහින්ද රාජපක්ෂට පහසුවෙන් ආණ්ඩුවට උඟුල් අටවන්න අවස්ථාව නිර්මාණ කරන බවයි. මේ විශ්ලේෂණය කිරීමේ දී ඔවුන් බහුලව භාවිත කිරීමට කැමැත්තක් දක්වන්නේ ‘‘මහින්දගේ න්‍යාය පත‍්‍රය’’ යන්නට වඩා ‘‘මහින්ද අටවන උඟුල්’’ කියන වචනයයි.
‘‘ 2015 ජනවාරි 08 වැනිදා සිට මේ දක්වා සම්මුතිවාදී ආණ්ඩුවේ එදිනෙදා දේශපාලන කටයුතු පවා භූමණය වෙන්නේ මහින්ද රාජපක්ෂ අටවන උඟුල්වලට සමපාත වන ආකාරයටයි. ඒ සඳහා වැඩි දුරක් යා යුතු නැහැ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ගත් පියවරෙන් පස්සේ ඇතිවෙලා තිබෙන තත්ත්වය ගන්න. විශ්වාසභංගයෙන් ගොඩ ඇවිත් සතියක් ගියේ නැහැ. දැන් ආයෙත් මිනිස්සු අහනවා ආණ්ඩුවට මොකද වෙන්නේ කියලා. අති විශාල වැඩි ඡුන්ද සංඛ්‍යාවකින් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමෙන් පස්සේ ආණ්ඩුව ශක්තිමත් කියලා අදහසක් ජනතාවට දෙනවා වෙනුවට දැන් සිද්ධ වෙන්නේ මැයි 08 වැනි දා ආණ්ඩුව පරාජය කරන්න පුළුවන්, පරාජය වෙයි කියලා අදහසක් ජනතාව අතර පැතිරෙන එක. රාජපක්ෂවාදී ජනමාධ්‍ය වාගේම ආණ්ඩුවේ මාධ්‍යත් මේ අදහස ජනතාව තුළ තහවුරු වන ආකාරයට වැඩ කරනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුකරණය වගේම දුෂණ චෝදනා විමර්ශනය ආදිය පවා දුර්වල වන බව මේ පිරිසට නොවැටහීම පුදුමයක්. අපිට පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ රාජපක්ෂවරු ඉතාම සියුම් ආකාරයට අටවන මේ උඟුල ගස්සන්නේ ජනමාධ්‍ය විසින් බවයි. අද ඇතැම් ජනමාධ්‍ය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ආණ්ඩුව දඩයම් කරමින් ඉන්න ආකාරයක් අපිට දැකිය හැකියි. මේ තත්ත්වය ආණ්ඩුවට වගේම ආණ්ඩුවට සම්බන්ධ එජාපය – ශ‍්‍රීලනිප දේශපාලන පක්ෂවලටත් දැඩි හානියක්. ඉදිරි මැතිවරණවලදී මේ තත්ත්වයේ ඍජු ප‍්‍රතිඵල බුක්ති විඳින්න ආණ්ඩුවට වගේම එජාප – ශ‍්‍රීලනිප පක්ෂවලටත් සිදුවෙයි’’ මේ ප‍්‍රවීන දේශපාලන විශ්ලේෂකයෙක් වත්මන් තත්ත්වය හඳුනා ගෙන ඇති ආකාරයි.
පසුගිය දා හිටපු ජනාධිපතිනිය මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව බිඳ දැමීම සඳහා පසුගිය අවුරුදු තුන පුරාම අඛණ්ඩව කටයුතු කළ බවයි. එය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම සිදුවන බව හිටපු ජනාධිපතිනිය ප‍්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිනියගේ මේ ප‍්‍රකාශයට ඌන පූරණයක් කරමින් තවත් පිරිසක් ප‍්‍රකාශ කළේ සම්මුතිවාදී ආණ්ඩුව බිඳ දැමීම සඳහා රාජපක්ෂ කල්ලිය ගන්නා උත්සාහයට සමාන උත්සාහයක් ඔවුන්ට එරෙහිව ඇති චෝදනා විභාග කර නීතිය ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව විසින් ගත්තා නම් ලංකාවේ දේශපාලන සිතියම මේ වන විට සම්පූර්ණයෙන් ම වෙනස් වන බවයි.
අපට මේ තත්ත්වය තවත් මනාව වටහා ගත හැකියි පහසු ම උදාහරණය වශයෙන් පසුගිය විශ්වාසභංග යෝජනාව හඳුනා ගත හැකියි. මේ වන විට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සාකච්ඡුා කර ඇති ආකාරයට අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව බහුතර ඡුන්දයෙන් ජයග‍්‍රහණය කළ නොහැකි බව දැන දැනත් ඒකාබද්ධ විපක්ෂය විසින් එය ඉදිරිපත් කළේ එජාප – ශ‍්‍රීලනිප දේශපාලන අමනාපය සේම මෛත‍්‍රීති – රනිල් සම්බන්ධතාවේ සැබෑ තත්ත්වය සමාජය හමුවේ නිරාවරණය කිරීමටයි. එය ඒකාබද්ධ විපක්ෂය විසින් අපේක්ෂා කළ ආකාරයටත් වඩා හොඳින් ක‍්‍ර‍්‍රියාත්මක වන බව මේ වන විට ආණ්ඩුව තුළ පමණක් නොවෙයි ශ‍්‍රීලනිපය තුළත් වර්ධනයව තිබෙන අර්බුදය මගින් වටහා ගත හැකියි. මේ අර්බුදය ආණ්ඩුව බිඳ වැටීමට හේතු නොවුණත් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳ දැමීමට හේතු වෙලා තිබෙනවා. ඒ වගේම රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වීම මගින් විදේශ ආයෝජන ඇතුළු අන්තර්ජාතික සම්බන්ධතාවලට දැවැන්ත ඍණාත්මක බලපෑමක් සිදුවෙනවා. අද මහින්ද රාජපක්ෂලාට අවශ්‍ය වෙලා තිබෙන්නේ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියේ ප‍්‍රමුඛ කේෂත‍්‍රය ලෙස හඳුනා ගෙන සිටි විදේශ ආයෝජන අධෛර්මත් කිරීමයි. මේ දේශපාලන අස්ථාවරත්වය හරහා එකී අරමුණ ද යම් පමණකට ඉටුකර ගැනීමට රාජපක්ෂ කල්ලිය සමත්ව ඇති ආකාරයක් අපට දැකගත හැකියි.
ඒ අතර අප විසින් අමතක කරන තවත් පැත්තක් තිබෙනවා. ඒ ආණ්ඩුව මේ ආකාරයෙන් වල්මත් කිරීම මගින් ආණ්ඩුවේ ඍජු හා දැඩි අවධානය යොමුවිය යුතු තවත් බොහෝ දේ අඩාල කිරීම හෝ ප‍්‍රමාද කිරීම කළ හැකි බවයි. යහපාලන ආණ්ඩුවට බලයට පත් කිරීම කෙරෙහි ජනමතය සංවිධානය වීමට බලපෑ, ඇතැම් පිරිස් විසින් ජනවාරි 08 න්‍යාය පත‍්‍රය ලෙස හඳුන්වන, රාජපක්ෂ පාලන සමයේ ¥ෂිතයින්ට හා ඝාතකයින්ට එරෙහි නීතිය ක‍්‍රියාත්මක කිරීම, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ජනවාර්ගික ගැටලූව සඳහා තිරසාර විසඳුමක් ලබාදීම, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, නීතියේ ආධිපත්‍ය යළි ස්ථාපිත කිරීම, ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම, රැුකියා දස ලක්ෂයක් බිහි කිරීම සහ ‘එට්කා’’ ඇතුළු අන්තර්ජාතික ගිවිසුම් මේ අතර ඉදිරියෙන්ම සිටිනවා.
අද ඉහත සඳහන් බොහෝ අරමුණු ප‍්‍රමාණාත්මක අවසානයක් කරා ගෙන යාමට ආණ්ඩුවට නොහැකි වූ බවට ප‍්‍රබල විවේචනයක් පවතින්නේ ආණ්ඩුවේ සීමිතභාවය ඉක්මවා ගිය ‘‘රාජපක්ෂ උඟුල්වල පැටලීම නිසා බව අපට වටහා ගත හැකියි. විශේෂයෙන් රාජපක්ෂ කල්ලිය ‘‘කෝකටත් තෛලය’’ වශයෙන් භාවිත කරන නව ව්‍යවස්ථාව, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් සෙවීම වැනි ප‍්‍රමුඛතා සම්බන්ධයෙන් රාජපක්ෂ කල්ලිය විසින් පසුගිය කාලය පුරා ඇටවූ උඟුල්වලට ආණ්ඩුව ස්වේච්ඡුාවෙන් බිලි වූ ආකාරය අපට පහසුවෙන් වටහා ගත හැකියි. ආණ්ඩුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා පිඹුරුපත් සකස් කරමින් ඒ වෙනුවෙන් අවධානය යොමු කළ යුතු මොහොතක ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’’ යන මුට්ටිය ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුව ඇතුළට දාන්නේ කුමන අරමුණකින් දැයි අප වටහා ගත යුතුයි. එහි බැසිල් – ගෝඨා අර්බුදය ඉක්මවා ගිය දේශපාලන වුවමනාවක් තිබෙන බවක් අපට දැකගත හැකියි. එහිදී ක්ෂණිකව ඇතිවන ප‍්‍රතික‍්‍රියාව වන්නේ ආණ්ඩුවට හා ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන්ට යළිත් තම සියලූම ප‍්‍රමුඛතා ඉවතලා ඒකාබද්ධ විපක්ෂයේ මුට්ටිය බිඳීමට යාමට සිදුවීමයි.
එවිට රාජපක්ෂ කල්ලියට නයාට අඳුකොළ වැනි විශේෂ අධිකරණ ත‍්‍රිත්වය පිහිටුවීම සම්බන්ධ පනත් කෙටුම්පත යළි සංශෝධනය කර එය කඩිනමින් සම්මත කරගෙන අදාළ යාන්ත‍්‍රණය පිහිටුවීමට ඇති ආණ්ඩුවේ වුවමනාව හා ශක්තිය අඩාල කිරීමක් පැහැදිලිව සිදුවන බව අප හඳුනා ගත හැකියි. තමන්ට එරෙහි චෝදනා හැකිතාක් ප‍්‍රමාද කර ගෙන ‘‘කෝ හොරු ඇල්ලූවද?’’ ‘‘කෝ ඝාතකයෝ ඇල්ලූවාද?’’ යැයි සරදම් කරමින් යළි පිරුවට ඇඳ ගෙන ඉදිරි ඡුන්දයේදී ජනමතය කොල්ලකෑමට ඒකාබද්ධ විපක්ෂයේ කල්ලියට මේ ප‍්‍රමාදයන් හරහා අවස්ථාව ලැබෙන බව අප අමතක නොකළ යුතුයි.
මේ සමග බොහෝ දෙනෙකු තුළ පවතින ප‍්‍රශ්නයක් දෙස ද අපි අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ නැවත මහින්ද – බැසිල් – ගෝඨා බලයට පත්වීමේ අවස්ථාවක් ගැන සමාජය තුළ මේ තරම් අවධානයක් ඇතිවීමට හේතු ඇති වුණේ කෙසේද ? යන්න කෙරෙහියි. එහිදී අපට පහසුවෙන් වටහාගත හැකි වන්නේ අද රාජපක්ෂ පවුල යළි ඔසවා තැබීමට දිවා රූ වෙහෙසෙන සියලූ දෙනාම ඉතාම පහසුවෙන් (ක‍්‍රියාවලිය සංකීර්ණ විය හැකියි* අධිකරණමය ක‍්‍රියාවලිය මගින් දේශපාලන භූමිකාවෙන් ඉවත් කර කල්දේරම් බතේ රස බැලීමට යැවිය හැකි පුද්ගලයින් බවයි. එය රාජපක්ෂ පවුලේ සිට විමල් වීරංවශ, ගම්මන්පිල පමණක් නොව පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයාට මුවා වී රාජපක්ෂ පවුලේ බල වුවමනා එපාකම් ඉටුකළ තවත් බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් අදාළ වන බව අප විසින් වටහා ගත යුතුයි. එදා රාජපක්ෂ ආණ්ඩුවේ මුක්තිය ලැබ නිදැල්ලේ සිට දුමින්ද සිල්වා ඉතාම කෙටි කාලයකින් ඝාතන චෝදනා ඔප්පු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නේ නම් විමල් වීරවංශට, ඔහුගේ බිරියට, ගම්මන්පිලට, කුමාර වෙල්ගමට, මහින්දා නන්ද අලූත්මගේට මේ දක්වා නිදැලේ පසුවීමට සිදුවීම, බැසිල්, ගෝඨභාය, නාමල්, යෝෂිත, ශිරන්ති රාජපක්ෂ, යන ප‍්‍රබලයින් නිදැල්ලේ පසුවීම සිදුවන්නේ මහින්දගේ උඟුල්වල ස්වේච්ඡුාවෙන් වැටීමේ ප‍්‍රතිඵල නිසා බව අප අමතක නොකළ යුතුයි. (
අවසාන වශයෙන් මේ මොහොතේ දීත් කැබිනට් මණ්ඩල පත් කිරීම්, එජාප නායකත්ව ගැටලූ, ශ‍්‍රීලනිපයේ අභ්‍යන්තර ගැටලූ ආදි අති සංකීර්ණතාවකට ආණ්ඩුව මුහුණ දී සිටින්නේ ආණ්ඩුකරණයේ හෝ ජනමතයේ අඩුවක් නිසා නොව මහින්දගේ උඟුල්වල පැටලීම නිසා බවට ජනතාව අතර පවතින මතය ගැන ආණ්ඩුවේ සේම අප සැමගේ අවධානය යොමු විය යුතුයි. එනිසා ආණ්ඩුව මේ මොහොතේ කළ යුතු වැදගත්ම කාර්යය වන්නේ පන්දු යැවීමයි, පන්දු රැුකීමයි, පන්දුවට පහරදීමයි යන තුනම රාජපක්ෂ කල්ලියට භාර දී තරඟයේ විස්තර විචාරයත් රාජපක්ෂවාදී මාධ්‍ය කල්ලියට භාර දී හුදු පේ‍්‍රක්ෂකයින්ගේ තත්ත්වයට පත් නොවී පන්දු යැවීම හා පන්දු රැුකීම යන තීරණාත්මක කාර්යය තමන් අතට ගැනීමයි. ප‍්‍රචාරක යාන්ත‍්‍රණයේ යතුර තමන් අතට ගැනීමයි.
මේ තත්ත්වය වඩා සරලව පැහැදිලි කරන්නේ නම් ආණ්ඩුව කළ යුතු වන්නේ රටේ දේශපාලන න්‍යාය පත‍්‍රය තමන්ට අවශ්‍ය පරිදි සම්පාදනය කරගෙන එහි වගකීම හා සංවිධානය තමන් අතට ගැනීමයි. එසේ නොවුණහොත් රාජපක්ෂලා විසින්ම ගසන මැච් එක අවසානයේ ආණ්ඩුවට ටොෆිකොළ, හිස් බෝතල් අහුලා ගැනීමට පමණක් සිදුවේවි. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා පළක් නැති බව පමණක් අපි සියලූ දෙනාම යළිත් සිහිපත් කර ගත යුතුයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *