අපට එකසිය විස්සක් ඉන්නවා – සන්ධානය නැතත් ආණ්ඩුව හදනවා – එජාප මහලේකම් කබීර් හසීම්

 

 

 

 

 

 

 

 

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් එකසිය විස්සක පමණ පිරිසක් තමන්ට සහයදීමට දැනටමත් කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් එබැවින් ජාතික ආණ්ඩුවකට සහායදීමට සන්ධානයේ එකගත්වයක් ඇති නොවන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවක් හැදීමට සුදානම් බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම් මහතා ප්‍රකාශ කොට ඇත . ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇත්තේ ආණ්ඩුව හැදීමට සන්ධානයේ සහාය නොලැබෙන්නේ නම් ගන්න පියවර පිලිබදව කළ විමසීමකට පිළිතුරු වශයෙනි .
“යුක්තිය”ට දැනගන්නට ලැබී ඇති ආකාරයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව එජාපය සමග මුල සිටම සම්බන්දවී සිට ඇත . එසේ වුවද රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇත්තේ ජනාධිපතිවරයා සමග මුලින් එකග වී රටට ප්‍රකාශ කළ ආකාරයට සමගි සන්ධාන ආණ්ඩුවකට යාම වඩා සුදුසු බවය . එසේ වුවද එබදු ආණ්ඩුවක් ගොඩනැගීමට ජනාධිපතිතුමාට අවශ්‍ය සහාය සන්ධානයෙන් ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය සුදානමින් සිටින බව කියති .
අනෙක් අතට බලනවිට තේරුම් ගතයුතු කරුණක් ලෙස නිරීක්ෂකයන් පෙන්වාදෙන්නේ ආණ්ඩුවක් පිහිටුවීමට 113ක් ම අවශ්‍යය යන අදහස නිවැරදි නොවන බවයි . මඩකලපුවෙන් මුස්ලිම් කොන්ග්‍රසය දිනාගත් ආසනයත් සමග එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තු ආසන 107ක් හිමිව ඇත . එම පක්ෂයට සුළුතර ආණ්ඩුවක් පිහිටුවිය හැකිය . එය පරාජය කළ හැක්කේ එක්සත් ජනතා නිදහස් නිදහස් සන්ධානය සමග  දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණද එකතු වුවහොත් පමණකි . එය මෑතකාලයේ සිදුවීමට  ඉඩක් නැත .
එබැවින් සන්ධානය නැතත් ආණ්ඩුව පිහිටුවන බව එජාපය කියන්නේ නිකමට නොවන බව නිරීක්ෂකයන්ගේ මතයයි . එසේ වුවද එබදු තීරණයක් ගැනීමට එජාපය ඉක්මන් නොවනු ඇති බව ඔවුහු කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *