|

විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේනවා – ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග

විධායකය අහෝසි කරන යෝජනාව පක්ෂ නායක රැස්වීමට ගේන එන බවත් තමාද එය අනුමත කරන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ද විපක්ෂයේ කැදවුම්කරු ප්‍රසන්න රණතුංග  මහතා ද ප්‍රකාශ කොට ඇත . අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඒකාබද්ද විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතාට කිට්ටුම නායකයන් අවුරුදු දින මැදමුලනට රැස්වී තීරණය කොට ඇත්තේ ජනාධිපතිවරණයකට මුහුණ දීම මගහැර ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීමටය . ජනාධිපතිවරණයකදී සුළු ජාතික චන්ද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවීම නිසා එය ජයගැනීම අපහසු බව මහින්ද හිතවතුන්ගේ තක්සේරුව වී තිබේ .

කෙසේ වෙතත් විමල් වීරවංස මහතා ඇතුළු ගෝටාභය කණ්ඩායම එයට තම බලවත් විරෝධය ප්‍රකාශ කොට ඇත . එම කණ්ඩායමේ දොස්තර වසන්ත බණ්ඩාර , ගුණදාස අමරසේකර , මොහාන් සමරනායක මහත්වරුන් මාධ්‍ය සාකච්චාවක් කැදවා ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් බවයි . විමල් වීරවංස මහතාද පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් එම අදහස තහවුරු කළේය .

කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමා  එකග බව මහින්ද රාජපක්ෂ මහතා මහනුවරදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කළේය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *