ඒකාබද්දයේ ගැටුම පුපුරයි ; බන්දුලගේ ප්‍රකාශයට විමල්ගෙන් ප්‍රහාරයක්

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කොන්දේසි යටතේ සහය දීමට ඒකාබද්ද විපක්ෂය  සුදානම් බවට බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය දැඩි ලෙස හෙළ දකිමින් විමල් වීරවංශ මහතා නිවේදනයක් නිකුත් කොට ඇත . එයින් කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීමට ඒකාබද්ද විපක්ෂය තීරණයක් ගෙන නැති බවයි . ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දීම ද්‍රෝහී ක්‍රියාවක් බවද එම නිවේදනයේ සදහන්ය .

ඒකාබද්ද විපක්ෂය තුළ බැසිල් පිල හා ගෝටාභය පිල අතර තිබු අභ්‍යන්තර ගැටුම මෙලෙස පුපුරා ගොස් ඇතිබව දේශපාලන නිරීක්ෂකයෝ කියති . ගොටභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ගොටා පිල උත්සහ දරන අතර බැසිල් පිල උත්සහ දරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දී විධායක අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමටය .

සුළු ජාතික චන්ද තමන්ට එරෙහිව වැටෙන නිසා ජනාධිපතිවරණයක් ජයගැනීම අපහසු බව බැසිල් පිලේ තක්සේරුව වී තිබේ .

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විස්වාස භංගයක් ඉදිරිපත් කිරීමට ද බැසිල් පිල විරුද්ද වූ අතර එයින් එජාපය වඩා ශක්තිමත් වූ බවට විවේචන එල්ල වී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *