|

ජනාධිපති අපේක්ෂකත්වයට ගෝටාභය සුදුසු නැහැ – මහින්ද රාජපක්ෂ

මීළග ජනාධිපතිවරණයේ තම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම සුදුසු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත . ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පසුගිය දිනක හමුවූ අවස්ථාවේ කල විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ . ඩිව් ගුණසේකර මහතා මෙම තොරතුර තම පක්ෂ නායකයන්ට හෙළිදරවු කොට ඇත .

ගෝටාභය රාජපක්ෂ මහතා පසුගිය දිනවල කල ප්‍රවෘත්ති සකච්චාවලදී ප්‍රකාශ කොට තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබුනහොත් තමා ඇමෙරිකානු පුරවැසි බව ඉවත් කරගෙන ජනාධිපතිවරණයට සුදානම් වන බවයි .

මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටු පක්ෂය  මේ වනවිට ගෝටභය පිල හා බැසිල් පිල ලෙස දෙපිල බෙදී ඇතිබව දේශපාලන ආරංචි මාර්ග කියයි . මහින්ද රාජපක්ෂ මහතාගේ සහය හිමි වී ඇත්තේ බැසිල් පිලට බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *