අර්බුද විසදන්න මෛත්‍රී, රනිල්, චන්ද්‍රිකා හමුවෙයි

එජාපය හා සන්ධානය අතර සමගි සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ දී ඇමතිකම් සම්බන්දව මතුවේ ඇති ප්‍රශ්න විසදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් හා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතර සාකච්චාවක් මේවනවිට ආරම්භ වීඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . නායකයින් තිදෙනාගේ මෙම හමුවේදී අවසන් තීන්දු ගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි කියති . අදත් හෙටත් කරන සාකච්චා මගින් එකගත්වයකට පැමිණ නව ඇමැති මණ්ඩලයේ ප්‍රධාන කණ්ඩායම දිවුරුම් දීම බ්‍රහස්පතින්දා සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. අලුතින් අමාත්‍යංශ ගණනාවක් ඇතිකරන නමුත් බොහෝ අමාත්‍යංශ කලින් සිටි ඇමැති වරුන්ටම හිමිවන බවද දැනගන්නට ඇත . කෙසේ වෙතත් නායකයින් තිදෙනාගේ හමුවේදී බොහෝ දේ  වෙනස්විය හැකි බවද විශ්වාස කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *