මහැදුරු රොහාන් සමරජීව තොරතුරු තාක්ෂණ ආයතනයේ මුල් පුටුවට

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපතිවරයා ලෙස මහාචාර්ය රොහාන් සමරජීව මහතා පත්කර ඇත. මහාචාර්ය සමරජීව මහතා සභාපති ධූරයට පත්කර ඇත්තේ එහි නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරමිනි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් ඉක්ටා ආයතනය පිහිටු වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව මහතා එමගින් ක්‍රියාත්මක වූ ඉ-ශ්‍රී ලංකා ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවර්ධන වැඩපිළිවෙල් මූලික සැලසුම් සකස් කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් කළේය. මහාචාර්ය සමරජීව මහතා විදුලි සන්දේශ හා නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.

නව අධ්‍යක්ෂ මණ්ඩලය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය, සයිබර් ආරක්ෂණය හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය ICTA පිළිබඳ විශේෂඥයින්ගෙන් හා විද්වතුන්ගෙන් සමන්විත වේ. අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැනට ක්‍රියාත්මක කරගෙන යමින් තිබෙන ව්‍යාපෘති හා ආයතනයේ වත්මන් ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ පසු විපරමක් කිරීම මූලිකව ආරම්භ කළ බව මහාචාර්ය සමරජීව මහතා පැවැසීය.
දැනට ක්‍රියාත්මක කරමින් සිටින සියලූම ව්‍යාපෘති මඟින් රාජ්‍ය අංශයේ ඵලදායීතාව, ආර්ථික සංවර්ධනය හා සමාජීය ඒකාබද්ධතාවය සඳහා දායක වන ඩිජිටල් ව්‍යපෘති ප්‍රමුඛතා සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද මහාචාර්ය සමරජීව මහතා වැඩිදුරටත් සඳහන් කළේය

lankadeepa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *