කැපකිරීමේ තරම ගැන චන්ද්‍රිකා මෛත්‍රීට කියාදෙයි

පසුගිය 09 දා සඳුදා පැවති ශ්‍රී ලං.නි.ප. මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පක්ෂයේ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව දේශපාලන අංශ කියයි. එහි දී මෛත්‍රිපාල ජනාධිපතිවරයා තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කොට රාජපක්ෂ රජය පරාජය කළ බවටත්, එයට නිසි ගෞරවයක් නොලැබුණු බවටත් කළ ප්‍රකාශයක් නිසා මෙම වචන හුවමාරුව සිදු වී තිබේ.

මෙහි දී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කොට ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නට පෙර මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එක්ව ඒ සඳහා පසුබිම සකසා තිබූ බවයි. ‘ඒ වෙලාවේ කවුරු ඉදිරිපත් කරත් දිනනවා’ යැයි චන්ද්‍රිකා කුමාරතුංග  මහත්මිය පවසා ඇත. එයින් මෛත්‍රිපාල සිරිසේන මහතා කෝපයට පත්ව අදහස් ප්‍රකාශ කළ බව වාර්තා විය.

2014 නොවැම්බර් වන විට එජාප ය, වෙනත් පක්ෂ හා සිවිල් සංවිධාන එක්ව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබිණි. ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා තෝරාගන්නා ලද්දේ ඔහු සමග ආණ්ඩුවෙන් හතලිස්පස් දෙනෙකුට වැඩි පිරිසක් පැමිණෙන බව ප්‍රකාශ වූ නිසාය. එසේ වුවද පැමිණියේ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එච්. ගුණවර්ධන යන තිදෙනා පමණකි. එයින් අද ඔහු සමග ඉතිරිව සිටින්නේ දුමින්ද දිසානායක මහතා පමණකි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුර භාරගත් වහාම පරාජිත පිලේ නායකත්වය භාරගෙන විධායක ජනාධිපති තනතුර අහෝසිකිරීමේ පො‍රොන්දුව කඩකිරීමේ මාර්ගය තෝරා ගත්තේය. අද ඔහු සමඟ සිටින්නේ මහින්ද රාජපක්ෂ පිලේ ප්‍රබලයින් පිරිසකි. ඒ කිසිවකුට ජනාවාරි 8 වෙනස කළ බලවේගයේ අවශ්‍යතා පිළිබඳ වගකීමක් හෝ වුවමනාවක් හෝ නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *