ජනාධිපති තුමනි, යහපාලනයට තවම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියනවා. එන්න ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමු. රට හදමු – දඹර අමිල හිමි

 

බැඳුම්කරයට අදාලව පාර්ලිමේන්තුවෙ දි දුන් මේ ප්‍රතිඵලය ජනාධිපතිතුමාට ක්‍රම දෙකකට ගන්න පුලුවන්. එකක් මාව පැරැද්දුවා‍, මාව නන්නත්තාර කළා, මම දැන් කුජීතයි. ඒ නිසා මම දැන් සියල්ල බකල් කරනවා මෙතන සිට. මෑත කාලීන ඉතිහාසයේ ඉඳන් කළා වගේම ඒක තීව්ර කරනවා. රට අරාජික කිරීම වේගවත්කරනවා මොකද මාව කුජිත කළා. මාව පරාද කළා. මාව විනාශ කළා. ගිනි තියලා යනවා. ඒක ඒකක්.

එහෙම නැත්නම් ‘2015 ජනවාරි අට පණිවිඩය තමයි මේ මතක් කෙළ්. ඒක පෙබරවාරි 10ත් මතක් කළා මහජනතාව විසින්. දැන් පාර්ලිමේන්තුව විසිනුත් ඒක මතක් කරල තහවුරු කරලා එතෙන්ට යමු කියන යෝජනාව තමයි මේ කරල  තියෙන්නෙ.  වැරදි කොච්චර සිද්ධවුණත්, කොයිතරම් අඩුපාඩු තිබුණත් තව අවුරුදු දෙකක් තියනවා ඉස්සරහට. ඒ නිසා මේ දෙක දිවා රාත්‍රි වෙහස නොබලා රාජ්‍ය බලය සම්පූර්ණෙයන් යොදවා ජනවාරි 08 අරමුණු ටික මම පසක් කරමි. මම දැන් ටොකු දෙක තුනක් කෑවා. ඒ නිසා මම මේ පණිවිඩය නිහතමානීව පිළිගනිමි. ඒ නිසා සම්මුති ආණ්ඩුවට මම කිසිසේත් අකුල් නොහෙලමි. මම මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගීමට මින් මතු උත්සාහ නොකරමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම පමණක් මම නොකරමි. මම යහපාලන අරමුණ ඉටු කරන්නට ඉස්සරහට ඒමි. ඒ නිසා සම්මුතිය තවදුරටත් ඉස්සරහට ගෙනයාමට මම මගේ අඩුපාඩු මම හදාගනිමි. නිහතමානීව මම හදාගනිමි. මෙම මාතෘ භූමිය ප්‍රවර්ධනය කොට සංවර්ධනය කොට නිරවුල්ව බාර දීම මගේ වගකීමක් ලෙස මම සිතමි. ජනවාරි 08 මම පිලිගත්ත දේ ඒ විදිහටම මම නැවත තහවුරු කරගනිමි’ කියන තැනට ඇවිල්ලා. අංශක180 වකින් විතර ආපහු හැරිලා එතුමා ඒ තීන්දුවට ඒනවා නම් ඒක තව එකක්.

මේ දෙක විතරයි ඒතුමාට තියෙන්නෙ. මේ දෙකන් ඒකක් කොයිකට හරි ඒතුමාට ඒන්න පුලුවන්. ඒ දෙකන් ඒකකට ඒන්න පුලුවන් කරුණු තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් පෙබරවාරි මාසෙ මැතිවරණය ගත්තොත් ඒහෙම යහපාලනයෙ ඒකට හිටපු කණ්ඩායම වෙන වෙනම ඉල්ලුව නිසා පොහොට්ටුවක යම් මතුවීමක් තිබුණ. යහපාලනයත් ඒක්ක ඒකට හිටපු කණ්ඩාමට වෙන වෙන ලැබුණු ඡන්ද ප්‍රතිශතය ගත්තාම අනිවාර්යෙන්ම පොහොට්ටුව පරාජයට පත් කරලා බහුතරය දිනලා තියෙන්නෙ යහපාලන කණ්ඩායම. ඒ කියන්නෙ යහ පාලනයේ ජනවාරි 08 මහජනයා විසින් සනාථ කරලා තියෙනවා. ඒ නිසා ඒතුමාට සාධාරනීකරණය කරගන්න පුලුවන්, බය වෙන්න වුවමනාවක් නැහැ. ජනවාරි 08 පරාජය වෙලා නෑ‍. ජනවාරි 08 තවම ඕකේ. ජනතාව වෙනස් වෙලා නැහැ. ඒ බලවේග එහෙමම ඉන්නවා. පක්ෂත් එහෙමම ඉන්නව. ඒ නිසා ඉදිරියට යන්න පුලුවන්. ඒක හොඳයි.  පෙබරවාරි 10 පණිවිඩය එහෙම ගන්න පුලුවන්.

ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවෙ දී දුන්න පණිවිඩයත් එහෙමයි. යහපාලනයත් ඒක්ක හිටපු අය තමයි ඔක්කොම ඉන්නෙ. යහ පානලයත් එක්ක හිටිය කට්ටිය තමයි 122 වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙමයි විශේෂයෙන්ම ආපු නැති අය අතරත් යහපාලන සංස්කෘතිය විසින් හසුරවපු හැසිරීම නිසා, යහපත් වෙච්ච පුණරුත්තාපනය වෙලා සත්පුරුෂෙයා වෙච්ච විසි හයකුත් එතන ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ ඒ ‍ගොල්ල යහපාලනයත් එක්ක ඕකේ වෙලා ඉන්නෙ. ඒ 26යි මෙතන 122යි කිසිම ප්‍රශ්නයක් නැහැ.

ජේ.වී.පී. ඒක යහපාලනයේ කිසිම ප්‍රතිත්තියකට විරුද්ධ අය නෙමයි. අපි හිතමු හොරු ඇල්ලීමේ කාරණය පාර්ලිමේන්තුවට ආවා කියල. කිසි ප්‍රශ්නයක් නැහැ ඒ 06 තුනෙන් දෙකට සම්බන්ධ වෙනවා. ඒ වගේම සංහිදියාවට අදාල කාරණයක් කියලා කිසි ප්‍රශ්නක් නැහැ අනිවාර්යන්ම ඒ ගොල්ල තුනෙන් දෙකේ අවශ්‍යතාවට සම්මාදම් වෙනවා. බලය බෙදලා වාර්ගික ගැටුම රටේ ඇති නොවීමට වග බලාගන්න ස්ථිරසාර විසදුමකට යන්න පාර්ලිමේන්තුවෙ පනතක් ඒනවා කියල ජේ.වීපී. 06 දෙනා නිවාර්යෙන්ම ඉන්නවා. ඒ සඳහා පූර්ණ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයකට යන්න ඕනැ වුණත් ඒත් එයලා ඉන්නව. කිසි ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන්ම මේ තුනෙන් දෙකට මේ  ඔක්කොම ඉන්නවා.

මෛත්‍රිපාල ජනධිපතිතුමාට පුලුවන් කම තියෙව ජනවාරි 08 ආපහු හැරෙමුයි කියල, ඒකට ගත හැකි සක්‍රීය කාරණා තවම තියනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා, මම මේ ඔක්කොම ගිනි තියල යනවා කියල කියන්න ඕන කමක් නැහැ. ඒහෙම කියන්න තියා අඩුගානෙ හිතන්නවත් හොඳ නැහැ. ඒතුමා ළග ඉන්න කේවට්ට ඉතා අසත්පුරුෂ කවුරු හරි ඒක්කෙනෙක් දෙන්නෙක් විසින් කියන ඒවායින් තමයි එතුමා මොළය අවුල් කරෙගන තියෙන්නේ.

රට ගිනි තියනවා, අරාජික කරනවා, මාව කුජිත කළා, මාව නන්තාර කළා කියල හිතනව නම්, අර මල්වතු මහා නා හිමියන් පෙබරවාරි 10 මැතිවරණය දිහා දැකල රට අරාජික කරන්න එපා කියල ලිපියක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමාට. ඒකත් අපි සිහිපත් කරනවා. ඒකත් සිහිපත් කරමින් හරියට යහපාලනයත් එක්ක හිටගන්නෙ නැතුව රට අරාජික කරන්න හදනව නම් ඒකටත් එයාට අයිතියක් නෑ. මොකද පෙබරවාරි 10 මැතිවරණෙයන් ඔප්පු කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 4% යි ඉන්නෙ කියල. දෝෂාභියෝගයෙන් ඔප්පු කළා මන්ත්‍රි සංඛ්‍යාවෙන් 16යි එයත් එකක ඉන්නෙ කියල. මහජනයාගෙන් 4%යි තනි මිනිහෙක් වශයෙන්. රට ගිනි තියල, සියල්ල ගිනි තියල යන්න හි‍තෙන කෙනාට ඒහෙම කියන්න තියන අයිතිය මොකක්ද, එයාට තියන බලය සම්බන්ධ කාරණය අරගෙන බැලුවොත් එහෙම, ජනමතයෙන් 4%යි තියෙන්නෙ. 4%ක් තියාගෙන 96% ක් එයාට විරුද්ධ පැත්තෙ ඉන්න රට එයා කොහොමද ගිනි තියන්නෙ. ඒ ස්ථාවරයට යන්න එයාට අයිතියක් නැහැ.

පාර්ලිමේන්තුව තුළ 225ක් ඉන්නවා. ඒයාට ඉන්නෙ 16කියලා ඊයෙ පෙරේදා ඔප්පු වුණා. 16ක් තියාගෙන ඒයා කොහොමද රට ගිනි තියන්නෙ. රට ගිනිතැබීම, රට අරාජික කිරීම කියන ස්ථාවරයට යන්න මෛත්‍රිට අයිතියක් නෑ. ඒ වගේම එයාට අයිතිය තියනවා ජනවාරි 08 වැඩේට ආයෙමත් පුනරුත්තාපනය ලබන්න. ඒකට තමයි ධ්‍යෛර්ය දීලා තියෙන්නෙ මේ රටේ මිනිස්සු හා පාර්ලිමේන්තුව. මහජනයා පෙබරවාරි 10 – 50%කට වැඩි ප්‍රතිශතයක් දීලා තියනවා. ඔක්කොම ටික ඒකතු කරපුවාම. ඒ වගේම ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවෙන් කෙළින්ම 3/2 තවම තියනවා කියල ඔප්පු කරල තියෙනව. 122ක් විද්‍යමාන වුණා. 26ක් අනියමින් සහයෝගයක් දුන්නා. එයාලා ඇලට් එකේ ඉන්නවා. ජේ.වී.පී. එක රටේ යහපත වෙනුවෙන් ගේන පනතක් සම්මත කරන්න ඒකඟ වෙනවා. ඒ කට්ටිය පුද්ගලික ඉල්ලීම් ඉල්ලන්නෙ නැහැ.

ඒ නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමනි! අන්තිම මොහොතෙත් හිතන්න, මේකෙන් දෙවෙනි වර්ගයෙ විසඳුම එයාට තියනව. කකුලෙන් අදින වැඩ, දුෂ්ඨ වැඩ අතාරින්න. ශිරාල් ලක්තිලක හරි වෙන කවුරුහරි නොමග යවන අය ඉන්නවනම් ටොක්කක් ඇනල අයින් කරන්න. ඒ වෙනුවට වහාම මහජනයා ඉස්සරහට රට ඉස්සරහට එන්න. අපිව ආශ්‍රය කිරීමෙන් ඔබට කිසිදු හානියක් වෙන්නෙ නැහැ. අපි තමයි ඔබේ නියම මිත්‍රයො. අපි ශත පහක දෙයක් පුද්ගලිකව ඉල්ලන්නෙ නැති, රට හැදීම ඉලක්ක කරගත් උපදෙස් වලින් විතරයි ඔබව අමතන්නෙ. අපි ඔබ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නෙ, යහපාලනය කොහොමද ඉස්සරහට ගෙනියන්නෙ කියන එක ගැන කතා කරන්න විතරයි.

ඔබට මේ රටේ විශිෂ්ඨතම පාලකයෙක් කියල මේ රටේ ලකුණක් තබන්න ඕන නම්, ඔබේ ගමට, ඥාතීන්ට යම් ගෞරවයක් අත්පත් කරගන්න ඕන නම් මේ තීන්දුවත් හරියට කිරා මැන බලා ජනවාරි 8 වැඩේ සපුරන්න දැන් ඉස්සරහට එන්න.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *