එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකට සිට කල මෙහෙයුමක ප්‍රතිපලයක්

විශ්වාසභංගය පරාජය කිරීම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම එකාවන් ව එකට සිට කල මෙහෙයුමක ප්‍රතිපලයක් බව තතුදත් දේශපාලන විචාරකයෝ කියති . මෙම පිරිස එය කළේ ජනමාධ්‍ය මගින් විශාල බොරු ප්‍රචාර කිරීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබියදීය . තම පක්ෂයේ මෙන්ම වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන්ද වෙන වෙනම හමුවෙමින් ඔවුන්ට කරුණු කියා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට එජාප මන්ත්‍රීවරු දිව රෑ ක්‍රියාත්මක වූ බව තතුදත් අංශ කියති . මෙය අගමැති රනිල්ගේ ජයක් මෙන්ම එය එජාප මන්ත්‍රී කණ්ඩායමේත් පක්ෂයේත් ජයග්‍රහණයක් බව එම අංශ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *