විශ්වාසභංග යෝජනාවට සහය දෙන එජාප මන්ත්‍රීවරුන්ට රතු එළියක්

විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය ලබාදෙන රජයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමන් මේ බව ප්‍රකාශ කළේය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය ලබා දීමට ඒක මතිකව තීරණය කළ බවත් එම තීරණයට පිටින් ගේස් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුට එරෙහිව පක්ෂ විනය අනුව නිසි විනය පරීක්ෂණයකින් අනතුරුව පක්ෂයෙන් නෙරපීමට කටයුතු කරන බව එතුමන් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඊයේ (31) දිනයේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ බවත් එම සාකච්ඡා සාර්ථක බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් කෙසේ හෝ හේතුවක් නිර්මාණය කර පොහොට්ටුවට පැන ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවත් මෙම විශ්වාසභංගය දිගු කාලීන සැලැස්මක ප්‍රතිඵලයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *