ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනවලට සහයගන්න ලිබරල් ඇගයීම්වලට ගරු කළ යුතුය

Janaපරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව බරපතල විවේචනයක් එල්ල වී තිබේ. විශේෂයෙන්ම මේ අතර පසුගිය මැතිවරණයේ දී රාජපක්ෂ පරාජය කිරීමට ක්‍රියාකළ පුරවැසි සංවිධාන ද තිබේ. මා මේ ප්‍රශ්නය දෙස බලන්නේ වෙනත් ආකාරයට ය. මෙම පත්කිරීම් පිළිබඳව යහපත අයහපත් තීරණය කෙරෙන්නේ නිශ්චිත වූ හොඳ නරක යන මිණුම් දඬු වලට වඩා සාපේක්ෂ අර්ථයෙනි. උදාහරණයක් ලෙස ගතහොත් පරාජය වූ නොව, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන තාවකාලික ආණ්ඩුවට සහයෝගය දැක්වීම හේතු කොටගෙන පරාජය කරන ලද අපේක්ෂයන් කිහිප දෙනෙකු සිටිති. ඒ අයට සාධාරණයක් ඉටුකිරීමට සදාචාරමය වගකීමක් මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබේ
අනික් අතට තම පක්ෂය ජාතිවාදිවාදයට යටකිරීමට උපකාරි වූ පිරිස් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මේ මොහොතේ බලවත් වී සිටිති. යහපාලනය ඉදිරියට ගෙනයෑමට නම් පක්ෂය තූල සිටින එම පිරිසගේ බලය දුර්වල කළ යුතු ය. ඒ වගකීම පැවරී ඇත්තේ පක්ෂ සභාපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට ය. නියමිතව ඇති ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු පමණක් නොව ශි්‍රී ලංකා නිදහස් පක්ෂය ද නැවත වරක් ලිබරල් ඇගයිම් ගරුකරන තැනට පත්කරගත යුතු ය. එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වලට සහයෝගය ලබාගත නොහැක. ඒ අනුව අදාළ සන්දර්භයට සාපේක්ෂව පරාජිතයින් පාර්ලිමේන්තුව ගැනීම හෝ නොගැනීම යහපත් ද අයහපත් ද යන්න තීරණය කෙරෙනු ඇත.
ජාතික ආණ්ඩුවක් ඇතිකරගැනීමට එකඟතාවයක් තිබිය දී ඒ එකඟතාවයේ එක් පාර්ශවයක් වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තවත් කොටසක් විරුද්ධ පක්ෂය ලෙෂ පෙනී සිටීමේ සදාචරය පිළිබඳව ඇතැමෙක් ප්‍රශ්න කරති. මෙහි දී ගැටළුවක් පැන නගින්නේ තම පක්ෂය ඇතිකරගත් සම්මුතියේ අඩංගුවට පාර්ලිමේන්තුවේ දී සහයෝගය නොදෙන්නේ ද යන්න මත ය. විපක්ෂය පාර්ලිමේන්තුවේ මුර බල්ලා ලෙෂ සැළකෙන නමුත් ජාතික වැදගතකමක් ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂයේ සිට සහයෝගය දැක්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූල ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *