අද පවතින අර්බුදය කුමක්ද ? – ලාල් විජේනායක

අද හැමෝම නගන ප‍්‍රශ්නය නම් රටතුල අද මහා පරිමාණ අර්බුදයක් පවතිද යන්නය ? මෙයින් අදහස් කරනුයේ ආණ්ඩුව විශාල අර්බුදයකට මුහුණ පා සිටිද යන්නයි .මෙම ආණ්ඩුවේ පාලන කාලය සලකා බැලිමේදි 2015 ජනවාරි මස 8 වන දින ජනාධිිපතිවරණය පැවැත්වු දිනයේ සිට 2015 අගෝස්තු මස මැතිවරණය දක්වාත් එදින සිට අද දක්වා කාලය සලකා බැලිය යුතුව ඇත. මෙම කාලය තුල අයවැය ලේඛණ තුනක් ඉදිරිපත් කර ඇත. එම අයවැය ලේඛණ තුනම 2/3 ක වැඩි ඡුන්දයෙන් පාර්ළිමේන්තුවේදි සම්මත වි ඇත. මෙය අප රටේ පාර්ළිමේන්තු ඉතිහාසයේ වාර්ථාගත සිද්ධියකි. එපමනක්ද නොව මෙම කාලය තුල ඉතා වැදගත් ව්‍යුහාත්මක කලහැකි පනත් කිහිපයක් සම්මත කර ඇත.
එයින් ප‍්‍රධාන වන්නේ ආන්ඩුව ව්‍යවස්ථාවට ගෙනා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති සතුව තිබු අසිමිත විධායක බලය කප්පාදු කිරිමය. අද එම සංශෝධනය මගින් රටතුල බිදිගොස් තිබුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදි පාලන ක්‍රමය පන ගැන්විම සදහා ස්වාධින අධිකරණයක්” ස්වාධින පොලිසියක්” ස්වාධින රාජ්‍ය සේවයක ඇති කිරිම සදහා විධි විධාන ඇතුලත් කරන ලදි. ඒ අනුව ස්වාධින අධිකරණ සේවා කොමිෂන් සභාව පොලිස් කොමිෂන් සභාව හා රාජ්‍ය සේවා කොමිෂන් සභා ස්ථාපිත කරන ලදි එමෙන්ම මානව කොමිෂන් සභාවද ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලදි.

එමෙන්ම රටේ ශේෂ්ඨාධිකරණ විනිසුරුතුමන් අභියාචණාධිකරණ විනිසුරුතුමන්, නිතිපති පොලිස්පති වැනි ඉහල තනතුරු සදහා පත් කිරිමද නිර්දේශපාලණිකරනය සදහා, පත්විම,ඔවුන් විසින් ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් කරන ලදි. මෙම ඉතා වැදගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයද 2/3 වැඩි ඡන්දයෙන් සම්මත විය. එමෙන්ම ඉතා වැදගත් ජනතාව සවි ගැන්විමට අත්‍යවශ්‍ය පනතක් වු තොරතුරු දැනගැනිමේ පනතද 2/3 වැඩි ඡන්දයෙන් සම්මත විය.පලාත් පාලන මැතිවරණ පනතද 2/3 වැඩි ඡුන්දයෙන් සම්මත විය. එයද ඵෙතිහාසික පනතකි . කාන්තා නියෝජනය 25% කිරිම තුලින් ආන්තික කොටසක් ලෙස සැලකු කාන්තාවන් ඉදිරියට ගෙන සම අයිතිවාසිකම් ඇති කිරිම සදහා ප‍්‍රථම පියවර වේ. එපමනක්ද නොව කුමන රටේ ජනතාවද තමන් නියෝජනය කිරිම සදහා ඍජුවම තම නියෝජිතයන් පත් කිරිමේ අයිතිය නැවත හිමිකර දිම තුලින්ද ජනතාව සවිගැන්විම සිදුවි ඇත. මෙම පනතද 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වි ඇත.

ඉහත සදහන් අන්දමට පාර්ලිමේන්තුව තුල අයවැය ලේඛණයේ සිට ඇති සියලූ පනත් අති විශාල බහුතරයක් අනුමැතිය ඇතිව පාර්ළිමේන්තුව තුල සම්මත වන්නේ නම් රට ඉදිරියට ගෙනයාම පිළිබදව ප‍්‍රතිපත්තිමය මත භේදයක් නොමැති බව පෙනි යයිි එසේ නම් දේශපාලන අර්බුදයක් මතුවිය නොහැකි රටක් තුල දේශපාලන අර්බුද මතුවන්නේ පවතින රජයේ ඉදිරි ප‍්‍රතිපත්ති පිළිබදව ප‍්‍රතිපත්තිමය පලල් වෙනසක් මතුවිමේදිය. එසේ නම් ආර්ථික අර්බුදයක් ඇතිදැයි සලකා බැලිය යුතුය. අති විශාල ණය බරක් අප රට මත පැටවි ඇති හෙයින් ආර්ථික අර්බුදයක් ඇති බව පිළිගත යුතුව ඇත. එම තත්වයන් තුල වුවද රටතුල උදාහරණයක් වශයෙන් පොහොර සහනාධාරය කැපිම හා/ හෝ අත්‍යවශ්‍ය ප‍්‍රමානයක් අවශ්‍ය අවස්ථාවලදි නොලැබිම මත විශාල උද්ඝෝෂණයක් පැවති වුවද මෙම කන්නයේ අස්වැන්න වාර්ථාගත ඉහල මට්ටමක ඇත. එමෙන්ම 2017 වසර තුල නැවත බැලිමේදී විශාලම විදේශිය ආයෝජනය ලැබි ඇත. එය ප‍්‍රමාණවත් නොවන බව සැබැය. එහෙත් පසුගිය වසර හා සංසන්දනය කිරිමේදි වර්ධනයක් පෙන්නුම් කර ඇත. පසුගිය වසර තුල තේ අපනයනය ඉහල ගොස් ඇත. කෘෂි හා කාර්මික නිශ්පාදනය ඉහල ගොස් ඇත.

පහල ආදායම්ලාභි ජනතාවට සහන සැලසිමට නොහැකි නම් එය බරපතල අර්බුදයකි. අති විශාල ණය බරක් තිබිම සහන සැලසිමට බාධාවකි. එහෙත් පසුගිය වසර 3 තුල එම අධික ණය බර තිබියදි ඉන්ධන මිල අඩුකිරිම” ගෑස්වල මිල අඩුකිරිම, රජයේ සේවකයන්ගේ වේතන රු 10000/- කින් වැඩි කිරිම අත්‍යවශ්‍ය ජනතාවට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන ඖෂධ මිල 50 % පමන අඩු කිරිම ” ඇස් කන්නාඩි නොමිලේ ලබාදිම, හෘද රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ හෝ පහසුකම් වලින් ලබාදිම මෙන්ම අධ්‍යාපනයට හා සෞඛ්‍යයට විශාල මුදලක් වැය කිරිමටද සිදුව ඇත. 2015 වන විට ජාත්‍යන්තර පිළිගැනිම් අතින් ඉතාමත් පහල තත්වයකට පත්ව තිබුණු රට නැවත ජාත්‍යන්තර වශයෙන් ඉහල පිළිගැනිමක් ඇති රටක් බවට කවුරුත් බලාපොරොත්තු නොවු ආකාරයට ඉතා කෙටි කලකදි පත් කිරිමට හැකිවිම තුලින්ද ආර්ථික වර්ධනයට අවකාශය සලසාගෙන ඇත.GSP ප්ලස් සහනය හා යුරෝපිය මත්ස්‍ය ආනයනය නැවත ඇති කිරිමට පියවර ගැනිම ” ඉන්දියාව ” චිනය ඇතුලූ රටවල් ගණනාවක් සමග නව වෙළද ගිවිසුම් ඇති කර ගැනිම මෙන්ම අතිරේක වෙළද ගිවිසුම් ඇති කර ගැනිමට අවකාශය පෑදි ඇත. එසේ තිබියදි ජනතාවගේ ඇගට දැනෙන මෙම අර්බුදය කුමක්ද යන්න සොයා බලන කල අප රටතුල අද පවතින අර්බුදය ප‍්‍රතිපත්ති පිළිබද අර්බුදයක් හෝ විශාල ණය බරින් අප මත තිබියදි මතුවන ආර්ථික අර්බුදයකටත් වඩා මෙම අර්බුදය හුදෙක් දේශපාලන බල අරගලයක් තුලින් මතුවන අර්බුදයක් බව පෙනි යයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුන නව දේශපාලන බලය තම සමාජ හැඩ ගැස්ම තුල යලි ස්ථානගත කිරිමේ බල අරගලය අද රටේ විශාල අරගලයක් ලෙස මතුවි ඇත. මෙම අරගලයට හුදෙක් පටු ආත්මාර්ථකාමි දේශපාලන බලය පිළිබද අරගලයකි. එය දේශපාලන වශයෙන් ප‍්‍රතිපත්තිමය අර්බුදයක් සේ සැලකිය නොහැක. ජනවාරි 8 දින ජනතාව ලබාගත්තාවු ඵෙතිහාසික ජයග‍්‍රහනයකට මුලික පදනම වුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කිරිම, ජාතික සංහිදියාව ඇති කිරිම හා දුෂණය තුරන් කිරිම තුලින් සාධාරණ සමාජයක් ඇති කිරිමය.

එම අරමුණු අතරින් සම්පුර්ණයෙන්ම පාහේ ඉෂ්ඨ කර ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරිම කර ඇති බව පෙනි යයි. අද නිතියේ ආධිපත්‍ය තහවුරු කර ඇත. අධිකරණයේ ස්වාධිනත්වය ස්ථාපිත කර ඇත. පොලිසිය හා රාජ්‍ය සේවය ස්වාධින කිරිම සදහා ජාතික සංහිදියාව ඇති කිරිම සදහා කොමිෂමක් ඇති කර ඇත. අතුරුදහන්වීම්, දේශපාලන ඝාතන, මාධ්‍ය මර්ධනය අසන්නටවත් නොමැත. ජනතාවට නිදහස් අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතිය එමට ක‍්‍රියාත්මක වේ. ජාතික සංහිදියාව ඇති කිරිම සදහා නොයෙකුත් පියවර ගෙන ඇත. සුලූ ජාතින් තුල යම් විශ්වාසදායකත්වයක් ගොඩනැගිමට ක‍්‍රියාකර ඇත. වෙන්වි තිබුන උතුර සහ දකුණ යුධ ජයග‍්‍රහණයෙන් පසුව පවා සමාජිය වශයෙන් වෙන්වි තිබුන අතර අද උතුරු හා දකුණ අතර ඇති සම්බන්ධතාවය වර්ධනය වෙමින් පවති.

ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාද විම විශාල වශයෙන් කනස්සල්ලට කරුනකි. එසේම දුෂණය තුරන් කිරිම හා දුෂිතයින්ට දඩුවම් පැනවිම ප‍්‍රමාද විම ප‍්‍රශ්නයකි. එහෙයින් අපගේ අද සටන විය යුත්තේ ජනවාරි 8 ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමය. අපට ආපස්සට යා නොහැක. ඉතාමක් කණගාටුදායක පක්ෂ දේශපාලන බලය පිළිබද අර්බුදය තුලින් වුවද අපට ජනවාරි 8 දින සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ශක්තිය සිවිල් සමජය සතුව ඇත’ ජනවාරි 8 ව්‍යාපාරය එක පක්ෂයක හා ව්‍යාපාරයක් නොව සිවිල් සමාජයේ ව්‍යාපාරයකි. එම එහි අරමුණ ඉටු කර ගැනිම සදහා ඉදිරියට එම ව්‍යාපාරය ගෙන යා යුතුව ඇත. අද රටේ දේශපාලනය තුල ප‍්‍රගතිශිලි ජනතාවගේ කාර්යභාරය එය වේ

ලාල් විජේනායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *