|

බැදුම්කර චෝදනාවෙන් රනිල් , මලික් , කබීර් සහ එජාපය නිදොස් කොට නිදහස් – ජනාධිපති රටට නොකී කොමිසන් තීන්දුව මෙන්න

 

බැදුම්කර ගනුදෙනු මගින් පෙර්පෙචුඅල් ට්‍රේසරීස් සමාගම ලැබූ ලාභ සියල්ල එම සමාගම් සමුහයේ ගිණුම්වල තැන්පත්ව ඇති බවත් එයින් කිසිදු මුදලක් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයකුට හෝ ලැබී නැති බවත් බැදුම්කර කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් කොට ඇත . මෙම මුදල් එජාපයට ලැබුණු බවට කටකතා පවතී නිසා තමන් එම කරුණ විශේසයෙන් සොයා බලු බව වාර්තාවේ 30 පරිච්චේදයේ සදහන් කොට ඇත . එම සමාගම් සියල්ලේ ගිණුම් තමන් හා නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පරීක්ෂා කොට බලු බවත් කිසිදු සැක කටයුතු ගනුදෙනුවක් හමු නොවූ බවත් වාර්තාවේ 873 සිට 875 දක්වා පිටුවල විස්තර කොට දක්වා ඇත .එම කොටස පහත පලවෙයි

30 පරිච්ඡේදය

පර්පර්චුවල් ට්‍රෙෂරීස් ලාභයට කුමක් සිදු වී ද?

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික ගැනුම්කරුවකු ලෙස ක්‍රියාකිරීමේ බලපත්‍රය ලබාගෙන ඇත්තේ 2013 ඔක්තෝම්බර් මස 01 දායි.

2014 මුල දී ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම 2014 මාර්තු 31 දායින් අවසන් වූ මුදල් වර්ෂයේ ඉතිරි මාස කිහිපයේ දී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 3.7ක ශුද්ධ පාඩුවක් ලබා ඇත.

2014 අප්‍රෙල් 13 දා පටන්ගෙන 2015 මාර්තු 31 දායින් අවසන් වූ ඊළඟ මුදල් වර්ෂය තුළ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම ලබා ඇති ශුද්ධ ලාභය රුපියල් බිලියන 959.5කි.

පරීක්ෂණයට අපට බලය පැවරූ කාලයට ඇතුළත් වන 2015 අප්‍රේල් 13 සිට 2016 මාර්තු 31 දක්වා වන මුදල් වර්ෂයේ දී මෙම ලාභය විශාල ලෙස වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 5.124ක් වශයෙනි.

2016 අප්‍රේල් 01 දායි ආරම්භ වී 2017 මාර්තු 31 දායින් අවසන් වූ ඊළඟ මුදල් වර්ෂ‍යේ දී පර්පවුවෙල් ට්‍රෙෂරීස් සමාගම ලබා ඇති ලාභය රුපියල් බිලියන 6.365ක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇත.

මෙම මුදල් වර්ෂය අපට බලය පැවරූ කාලයට පිටතින් වන නමුත් මෙම කාලය තුළ පර්පචු‍වල් ට්‍රෙෂරීස් සමාගම ලබා ඇති ලාභය අපගේ බල සීමාව තුළ වන සේ සැලකිය හැකි වන්නේ පර්පචු‍වල් ට්‍රෙෂරීස් සාමාගම එම ලාභයෙන් විශාල වශයෙන් කොටස් ලබාගෙන ඇත්තේ අපට බලය ලබා දී ඇති කාලයේ ලබාගත් භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් බව සාක්ෂි මගින් තහවුරු වන නිසාය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අපට ලබාදුන් ..C239 ලෙස සලකුණු කොට ඇති බැඳුම් වාර්තා මගින් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපට ලබාදෙනු ලැබූ දත්ත මගින්ද ඉහත සඳහන් දත්ත තහවුරු වෙයි.

2015 පෙබරවාරි මස 1 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 මාර්තු 31 න් අවසන් වූ මුදල් වර්ෂය සඳහා පළමුවන හා අවසන් අන්තර් කාලීන ලාභාංශ ලෙස රුපියල් බිලියන 200.22ක් ද (බදුගෙවීමෙන් පසුව ශුද්ධ ලාභාංශය රුපියල් මිලියන 180.198ක් ගෙවා ඇත.) 2016 මාර්තු 31 අවසන් වූ මුදල් වර්ෂය සඳහා පළමු අන්තර්කාලීන ලාභාංශය රුපියල් මිලියන2526ක් ද (බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභාංශ රුපියල් මිලියන  23.004ක්) දෙවන අන්තර් කාලීන ලාභාංශ ලෙස  රුපියල් මිලියන 100.11ක් (බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභාංශ රුපියල් මිලියන 90.099ක්) සහ අවසාන ලාභාංශය ලෙස රුපියල් මිලියන 386.950ක් (බදු ගෙවීමෙන් පසුව ශුද්ධ ලාභාංශය 384.255ක්) ගෙවා ඇත.

ඒ අනුව අපට බලය පැවරුණු කාල වකවානුව තුළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ගෙවා ඇති සමස්ත ශ්‍රද්ධ ලාභාංශය වන්නේ රුපියල් මිලියන 641.556ක මුදලකි.

මෙහි ඉහතින් 15 වන පරිච්ඡේදයේ සඳහන්කොට ඇති පරිදි අපට බලය පැවරුණු කාලයේ දී  පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ ලාභ ලබන හිමිකරුවන් ලෙස සිටියේ සමාන කොටස් හිමිකම් ඇති ජෙෆ්රි ඇලෝසියස් මහතා හා අර්ජූන් ඇලෝසියස් මහතා යන පියපුතු දෙදෙනායි. මේ තත්ත්වය දිගටම පවතින බව අපගේ විශ්වාසයයි.

ඒ අනුව අපට බලය පැවරුණු කාල වකවානුව තුළ පර්පචු‍වල් ට්‍රෙෂරිස් සමාගම ගෙවා ඇති ඉහත සඳහන් රුපියල් මිලියන 641.556 ක මුදල ජෙෆ්රි ඇලෝසියස් මහතා හා අර්ජූන ඇලෝසියස් මහතා යන දෙදෙනා අතර සමාන ලෙස බෙදී ගිය බව හෝ ඔවුන් දෙදෙනාගේ ලැබීම් ලෙස එකතු වූ බව හෝ ලෙස සැලකීමට අපට හැකියාව ඇති බව අප සලකන්නෙමු.

අපට බලය පැවරුණු කාලයට අදාලව ලැබූ ලාභයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම ජාතික සංවර්ධන බැංකුවේ ආසන්න වශයෙන් කොටස් මිලියන 7633ක් ලබාගෙන ඇති අතර මේ වනවිට එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියනයකට වැඩිය.

පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ පලිසේන මහතාගෙන් හා ඔහුගේ සහායකයින්ගෙන් ලැබුණු සාක්ෂි අනුව සෙත්මල් ෆිනෑන්ස් සමාගමේ සහ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස් මිල දී ගෙන ඇති බව අප සටහන් කරගත් අතර එම කොටස් ලබාගෙන ඇත්තේ අපට බලය පැවරුණු පරීක්ෂණ කාලය තුළ උපයාගත් ලාභංශයෙන් බව පෙනෙන්නට තිබේ.

තවදුරටත් සාක්ෂි මගින් තහවුරුවූයේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභයෙන් විශාල කොටසක් පර්පචුවල් කැපිටල් හොල්ඩින් (පුද්ගලික) සමාගමට පර්පචුවල් කැපිටල් සමාගමට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට සහ සමාගම් සමූහයේ වෙනත් සමාගම්වලට මාරු කර ඇති බවයි.

පරීක්ෂණ සඳහා අපට බලය පවරා තිබූ කාලය තුළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැරදි ක්‍රියා මාලාවක යෙදී ඇති බවත්, එමගින් ඉහත සඳහන් ලාභ උපයාගෙන් ඇති බවත් යන අපගේ නිගමනය අනුව පර්පචු‍වල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවත්, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම උපයා ඇති මුදල් ආපසු අයකරගැනීමට කටයුතු කළ යුතු බවත් අපි මෙහි සඳහන් කළ යුත්තෙමු.

ලාභාංශ ලෙස ගෙවනු ලදුව ජෙෆරි ඇලෝසියස් හා අර්ජූන ඇලෝසියස්යන මහත්වරුන්ට ලැබුණු ඉහත සඳහන් රුපියල් මිලියන 614.556ක ඉහත සඳහන් මුදල ආපසු අයකර ගැනීමටත්, ජාතික සංවර්ධන බැංකුවේ සහ වෙනත් සමාගම්වල පර්පචු‍වල් ට්‍රෙෂරීස් සමාගම ලබාගෙන ඇති කොටස් අත්පත් කරගෙන විකුණා දැමීමත් ඒ සඳහා අවශ්‍යවනු ඇත.

අපට පරීක්ෂාව සඳහා බලය පැවරා තිබූ කාලය තුළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ලැබූ ලාභයෙන් කොටසක් දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන කේෂත්‍රයේ සිටින තැනැත්තන් අතට හෝ පත් වූයේද යන්න ගැන මහජනයා අතර කොටස් තුළ අනුමානකිරීම් තිබූ බව අප දැන සිටි බව අවසන් වශයෙන් මෙහි සඳහන් කළ යුතු යැයි අපි සිතුවෙමු.

මෙම අනුමාන කිරීම් නිසා පර්පචුවල් ට්‍රෙෂරීස් සාමාගමේ හා අනුබද්ධ සමාගම්වල මුදල් ප්‍රකාශන හා බැංකු ගිණුම් ප්‍රකාශන ලබාගත්තේ එමගින් එම ගිණුම් ප්‍රකාශන හා බැංකු ගිණුම් ප්‍රකාශ පරීක්ෂාකිරීම මගින් මෙම සමාගම්වල ව්‍යාපාරික කටයුතුවලට අදාළ නොවන බව පෙනීයන කිසියම් ආකාරයක මුදල් ගෙවීම් ආදිය සිදු වී ඇති දැයි පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බැවිණි.

මෙම මූල්‍ය ප්‍රකාශන හා බැංකු ගිණුම් ප්‍රකාශන‍ කොමිසමට සහය දුන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ද පරීක්ෂා කරනු ලැබිනි.

එම පරීක්ෂාවේ දී පෙනී ගියේ එම සමාගම්වල ව්‍යාපාරික කටයුතුවලට අදාළ නොවන බවට සැක කළ හැකි අසාමාන්‍ය හා ඉහළ අගයකින් යුතු ගනුදෙනු කිසිවක් ගැන එම මූල්‍ය ප්‍රකාශන මගින් හා බැංකු ගිණුම් ප්‍රකාශ මගින් හෙළිදරව් නොවන බවයි.

කෙසේ වෙතත් ඉහත කී අනුමාන කිරීම් නිසා අප එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගෙන් හා ලේකම් වරයාගෙන් මෙන්ම අගමැතිතුමාගෙන් විශේෂයෙන් ප්‍රශ්න කළේ දේශපාලන පක්ෂයකට හෝ එම පක්ෂයේ කිසිවකුට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් හෝ එම සමාගමට සම්බන්ධ සමාගම්වලින් මුදල් ප්‍රධාන ලැබුණි ද යන්න පිළිබඳවයි.

සාක්ෂිකරුවන් තිදෙනාම කීවේ ඔවුන් එබඳු කිසිදු මදල් ප්‍රධානයක් ගන නොදන්නා බවයි.

එම සාක්ෂි වැරදි බව හැඟෙන කිසිදු සාක්ෂියක් අප වෙත ඉදිරිපත් වූයේ නැත.

(බැදුම්කර ජනාධිපති කොමිසන් වාර්තාවේ 873-875 පිටු )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *