එක්සත් ජාතික පක්ෂයට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නය තියෙන්නෙ වැඩවසම්වාදි හා ජනතාවාදි පිල් දෙක අතරයි – ජාතික විද්වත් මණ්ඩලයේ – සුජිත් අක්කරවත්ත

 

පසුගිය ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් උණුසුමේ විවිධ සංවිධාන කරළියට ආවා. ජාතික විද්වත් මණ්ඩලයත් එම මැතිවරණ ව්‍යාපාරය එල්ලකර ගෙන බිහි වූ සංවිධානයක් ද?

ජාතික විද්වත් මණ්ඩලය ආරම්භ වෙන්නේ 2004 වර්ෂයේ දී.  ඒ වෙනකොට චන්ද්‍රිකා රජයේ නිලකාලය අවසන් වෙමින් තිබුණා. ඒ වෙනකොට ව්‍යවස්ථාවෙන් පනවපු නිර්ණායකයන් පිළිඅරගෙන ජේ.ආර්. ජයවර්ධන, ඩී.බී. විජේතුංග ආදි ජනාධිපතිවරු ගණනාවක් සිය දුර කාලය නිමවී ගෙදර ගිහින් හිටියා. මේ වන විට ලංකාවේ මතවාදී අවකාශය විශාල ප්‍රශ්නයකට භාජනය වෙමින් තිබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද, රාජපක්ෂ මැතිතුමා ද කියන කාරණය. ඒ වෙනකොට ලංකාවේ ජාතික ධාරාවේ ප්‍රඥ්ඥාවන්ත කථිකාව මෙන්ම වාමවාදී ලිබරල් කථිකාව ප්‍රශ්නකාරී තත්ත්වයක තිබුණා. ඒ වෙනකොට කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් ආදිය රටේ මතවාදය එක් තැනකට ගෙනල්ලා තිබුණෙ. මේ පසුබිම යටතේ තමයි ජාතික විද්වත් මණ්ඩලය බිහිවෙන්නේ. ඒ මිසක් කිසිදු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට නතුවීමට හෝ ‍ උදව් කිරීමට බලාපොරොත්තුවෙන් බිහි වූ සංවිධානනයක් නොවේ.

ඉන්පසුව පසුකාලෙකදි එය විද්වත් මණුඩලයේ විද්වතුන් කණ්ඩායමක් වශයෙන් ජනතාවට ආමන්ත්‍රණය කරන්න ගන්නවා. ජනතාව ඔවුන්ට සවන්දෙන බවක් දෘශ්‍යමාන වෙනවා.‍

2005 මැතිවරණයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ නුදුරේදි පත්වන අනතුර පෙනුන කණ්ඩායමක් මේ වන විට සාකච්ඡාවක නිරත වෙමින් හිටියා. 2005 මැතිවරණයෙන් පසු අපි සිවිල් බුද්ධිමතුන් එකතුවක් විදිහට තීරණය කළා ලංකා රාජ්‍ය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා  මැදියත් වියයුතුයි කියල. ඒ අනුව 2006 ජුලි මාසෙ තමයි මෙම ජාතික විද්වත් මණ්ඩලය බිහිවෙන්නේ. ඒකට පරම්පරා ගණනාවක ස්ථර එකතු වුණා. 1956 වෙනසට පෙර සමාජය දුටු එඩ්මන් ජයසූරිය වගේ විද්වතුන් හිටියා. එයාලා එක ධාරවක් එතනින් ගියහම ප්‍රොපෙසර් සොයිසා, එච්.එම්. ජයවර්ධන වගේ සංගීතඥ්ඥයන්, ප්‍රගීත් එක්නැලිගොඩ වගේ මාධ්‍යවේදි සගයන්, කවියෝ, සාහිත්‍යධරයො වැනි විවිධ කුලකවල අය එක්ක කටයුතු කරමින් තමයි ඒ ගමන ඉදිරියට ඇවිත් හිටියෙ.

60,70, දශකයේ වගේම අපිත් එක්ක 90 දශකයේ තරුණ කණ්ඩායම් පවා එකතුවෙලා හිටියා. අපි ඍජුවම ප්‍රකාශකළා ලංකාවේ දේශපාලන දිසානතිය වෙනස් කිරීමට පියවර ගත යුතුයි කියල.

ඔබලාගේ දැක්ම ඉටු කරගැනීමටත් එවකට තිබූ භීෂණකාරි පාලනය අවසන් කිරීම සඳහාත් පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියන තැනට නැඹුරු වීමට හේතු වූ කාරණා මොනවාද? ඇයි ඔබලා ස්වාධීන පුරවැසි සංවිධානයක් වශයෙන් නොසිට ඍජු දේශපාලනයකට මැදිහත් වෙන්නෙ.

අපි තේරුම්ගත්තා දේශපාලනයට පිටින් ඉඳන් මේක කරන්න බෑ කියල. මේක කරන්න පුළුවන් දේශපාලනයත් එක්ක බද්ධ වීමෙන් පමණයි කියලා. ලංකාවෙ යථාර්ථය තියෙන්නෙ එතන. මැතිවරණ කාලයට පමණක් සංවිධානය වෙලා මේක කරන්න බෑ කියල අපි තේරුම් ගත්තා නිසයි අපි ඍජු දේශපාලනයකට මැදිහත් වෙන්නෙ.

යහපත් දිසානතියකට රට ගෙනියන්න, ඔබ සංවිධානය තෝරාගන්නේ එක්සත් ජාතික පක්ෂය?

ඇත්තෙන්ම ඒ වෙනකොට ප්‍රබල විකල්ප කණ්ඩායමක් දේශපාලන ධාරවේ හිටියෙ නැහැ. අපි එක්සත්ජාතික පක්ෂය තෝරා ගන්නවා. වාසුදේව සහෝදරයා, දිනේෂ් ගුණවර්ධන ගැන කතා කළත් මේ හැමෝම ජනතාව අතරින් කොන්වෙමින් තිබුණා. හෙළ උරුමය වගේ නව ධාරාවලටත් එම අනතුර එමින් තිබුණා. මේ සියල්ල එක්ක අපි කල්පනා කෙරුවා පුරවැසියො විදිහට අපි දේශපාලනය කරන්න නම්, දේශපාලනය කරන්න හැකි තැනක අපි හිටගන්න ඕන කියල. ස්වෛරී පිළක් ඒ වෙනකොට තිබුණෙ නැහැ. ඒ වෙනකොට දෙවෙනි ලෝකෙ වගේ තත්ත්වයක තමයි තිබුණෙ. අපි විද්වතුන් එකතුවෙලා ප්‍රතිපත්ති සමුදායක් හැදුවා. මේ ප්‍රතිපත්ති සමුදාය පිළිගන්න තැනක් තියනවද අපි ඍජුව දේශපානික වශයෙන් එතන ඉන්න ඕනැ කියල අපි තීරණය කෙරුවා. 2005 අප සංවිධානය බිහිවුණු දා ඉඳල එක්සත් ජාතික පක්ෂයේ මතවාදී දිසානතිය රාජපක්ෂගේ දිශානතිය නොවිය යුතුයි කියන තැන අපි හිටියා. තවත් රාජපක්ෂ දිසානතියක් නෙමෙයි අපිට ඕනැ වුණේ. අපි එදා ඉඳලා අද දක්වා දේශපාලනය කරනවා. හෙටත් එහෙමයි.

ඔබලාගේ මතවාදයත් සමඟ පෑහෙන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ කියල තීරණය කෙ‍රුව නම්, ඇයි පසුගිය ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂ ‍අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර පොදු අපේක්ෂ‍කයෙක් තොරගන්නේ?

අපි පොදු අපේක්ෂයෙක් ඕනැ කියන තැනට එන්නේ, පක්ෂයේ අභ්‍යන්තර අර්භූය වැරදි විදිහකට සමාජගතවෙලා තිබුණ අවස්ථාවක. අපි දකින සමාජ දේශපාලන න්‍යායපත්‍රය ඉෂ්ඨ කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළ යුතුයි කියන තැන රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටියා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ යම් කණ්ඩායමක් අපි දකින ප්‍රජාතන්ත්‍රවාදි න්‍යායපත්‍රය ඇතුළෙ නෙමෙයි හිටියෙ. එක්සත් ජාතික පක්ෂයේ චින්තනය නැවත වැඩවසම්වාදි වියයුතුයි කියන තැනයි ඔවුන් හිටියෙ. මේ වගේ ප්‍රශ්න ගොඩක් මැද ප්‍රධාන විකල්ප ධාරාව ප්‍රශ්නගොඩක මැදිවෙලා හිටිය.

අපිටත් උවමනා වුණා එක්සත් ජාතික පක්ෂයේ මතවාදි ප්‍රශ්නයට මැදිහත් වෙන්න. ඒක පක්ෂයේ නායකත්ව ප්‍රශ්නයක් නෙවෙයි එතන තිබූ ප්‍රශ්නය, එක්සත් ජාතික පක්ෂය වැඩවසම්වාදි වියයුතු ද? ජනතාවාදි වියයුතු ද? කියන එකයි. ගෝත්‍රවාදය එක්සත් ජාතික පක්ෂය තුළ පරාජය කළ යුතුයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා හරිතැනයි ඉන්නේ.

අපි දඹර අමිල හාමුදුරුවො, වියන්ගොඩ, වික්‍රමභාහු වගේ විවිධ කණ්ඩායම් සමඟ වැඩ කෙරුවා. මේ තුළින් වැටහීගියා අපි තුළ පොදු ප්‍රශ්න රැසක් තියෙනව. එහෙමනම් පවතින පාලනය වෙනස් කරන්න පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියන මතවාදය නිර්මාණය වෙනවා. එක්සත් ජාතික පක්ෂයත් ඒක පිළිගත්තා. අද විද්වත් මණ්ඩලය එය දකින්නෙ ඒ මොහොතේ තොරාගත්ත වැරදි උපායක් ලෙසයි.

‘පොදු අපේක්ෂක සංකල්පය’ වැරදි උපායක් ලෙස එදා කල්පනා වුණේ නැතිකම ද? එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීමට නොහැකිවෙයි කියා පූර්ව නිගමනයක හිටිය ද?

අපි ගනුදෙනු කරන්නේ අවුරුදු ගාණක් ගතානුගතිකව වැඩකර පුරුදු ව්‍යහුයන් එක්ක. අපිට සම්පූර්ණයෙන්ම එය වෙනස් කරන්න බැහැ. ඒක පක්ෂනායකයන්ටත් පිළිගන්න වෙනවා. අපි හොඳ නිර්ණායකයන් ගෙනාවත් පක්ෂනායකයන්ට ඒවා පිළිගැනීමේදී, පක්ෂයේ විවිධ කණ්ඩායම්වල ගතානුගතික මදවාදයන් එක්ක මුහුණ පෑමට සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට කටයුතු කරන්න සිද්ධ වුණේ ඩී.එස්. සේනානායක කටයුතු කරපු සරු එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ නෙමෙයි. එතුමාට කටයුතු කරන්න සිද්ධ වුණේ විශාල පරම්පරා ගැටීමක් ඇතුළෙ ප්‍රශ්න රැසකට මුහුණ දීලා හිටිය පක්ෂයක් සමඟ. රාජ්‍ය නායකයෙක් වශයෙන් එතුමා පරිනත නායකයෙක් වුණාට මතවාදී වශයෙන් අනෙක් අයත් එක්ක හිඩැසක් ඒ වනවිට නිර්මාණය වෙලා තිබුණා.

මේක මහින්ද රාජපක්ෂ ඉව කළා. ඒක හින්දාතමයි ඔහු හදිස්සියේ ජනාධිපතිවරණයක් කැඳවන්නෙ. ඒ පසුබිම තුළ එක්සත් ජාතික පක්ෂ නායකයාට සිදු වුණා සමාජය බලගන්වන්න පුළුවන් නවීන යාන්ත්‍රයක් අවශ්‍යයි කියලා තීන්දු කරන්න. එතුමා එක විචක්ෂණශීලිව තෙරුම් අරන් තිබුණා. ඒ වෙලාවේ ජනතා සියළු බලවේග අවධිකර කුළුගන්වන්න පුළුවන් තත්ත්වෙක අලුත් ජනාධිපති අපේක්ෂයකයෙක් රටට ඕනැ වුණා. එයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා ඥණාන්විතව කැමැත්ත දුන්නා.

මේ දිනවල එක්සත් ජාතික පක්ෂය ගැන සමාජ කථිකාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්විය යුතුයි යන්නයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ මේ මෙහොතේ නායකත්වයට සුදුස්සා රනිල් වික්‍රමසිංහයි. එය වෙනස් වියයුතුයි කියා කියන මතවාදය සමාජයට එන්නේ එක්සත් ජාතික පක්ෂයේත්, පුරවැසි සමාජයේත් තියෙන වැඩවසම් ගතානුගතික බව නිසයි.

පසුගිය ජනාධිපතිවරණයත් මහමැතිවරණයත් ජයග්‍රහණය කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වෙන්නේත් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අගමැති බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වෙන්නෙත් මේ රටේ ජාති ආගම් කුල භේදයෙන් තොරව ලක්ෂ 62ක ජනතාවක් ඔවුන්ට ඡන්දය පාවිච්චි කළ නිසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කරමින් ඔහුට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට තීරක ඡන්ද ප්‍රමාණය ලබා දුන්නේ උතුරු නැගෙන හිර ජනතාව, එහෙමත් නැත්නම් ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව කියල කිව්වොත් හරි. ඔවුන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වැඩිපුරම බැට කෑ පිරිස. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔවුන් ගැන බැලුවද? ඔවුන්ගේ ප්‍රශ්නලට නිසි පිළිතුරු ලබාදුන්න ද? ඔවුන් පත්කරන ලද නායකයින් ගැන ඔවුන් තෘප්තිමත්ද? කියල ඇහුවොත්.

හැටදෙලක්ෂයේ ජයග්‍රහණය කියන්නේ, මේ රටේ හැම ජනවර්ගයක්ම නියෝජනය කරන  ධාරවන්ගෙ දියුණුම මිනිස්සු ටික තමයි මේකට දායක වුණේ. දෙමළ ජාතිකත්වය මත හිතන අයගෙ සාරම නායකත්වය සප්බන්දන් වගේ අය. එයාලගෙ පක්ෂ න්‍යාය පත්‍ර අයින් කරල මේ පොදු සටනට ආවා. එයාල ලොකු පරිත්‍යාගයක් කෙරුව. ලංකාවේ වාම ධාරාවේ එක පැත්තක් නියෝජනය කරපු රාජිත සේනාරත්නල වගේ අයත් හිටිය. ජාතිවාදි චම්පික රණවකල වගේ අයත් ආව. මෙහෙම හැමෝම නියෝජනය කරන කොටස් සම්මුතියකට ආවා. මේ දෙ‍පැත්තටම ප්‍රශ්න තිබුණ. ඒ ප්‍රශ්නවලට පළාත් කුල ජාති ආගම් නෑ. අතුරුදන් වීම ප්‍රශ්නය, දූෂණ වංචා ප්‍රශ්නය කාටත් පොදුයි. මේ කවුරුත් තමන්ගෙ ප්‍රශ්න විසඳුනා කියල සෑහීමකට පත්වෙන්නෙ නෑ.

සම්මුතිවාදී ආණ්ඩුවෙ එහෙමත් නැත්නම් යහපාලන ආණ්ඩුවේ කාල සීමාවෙන් හරි අඩකට වඩා ගෙවී‍ ගොස් අවසන්. නුදුරේ දී ජනාධිපතිවරණයකට මෙන්ම මහමැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බලයේ සිටින කණ්ඩායම නැවත පත්කරගන්න තරම් ජනතාවගේ ප්‍රශ්න විසඳලා දී ඔවුන් තෘප්තිමත් කරලා තියෙනවද? ජනතාව මේ පිරිස යළි බලයට ගෙන එයි කියා හිතනවද?

මිනිස්සු බලාපොරොත්තුවුණ සරල ක්‍රියාමාර්ග ආණ්ඩුව තුළින් විසඳුනා. විශාල ලෙස වැටුප් වැඩිවෙලා තියෙනවා. සිවිල් සමාජයේ ජනතාවට තිබුණ බාදා ඉවත් ‍කළා. මාර්ග බාධක නිසා මිනිසුන්ට හිරිහැර මෙන්ම වියදම් අධික වුණා. තෙල් මිල අඩු කෙරුවා, ගෑස් මිල අඩුකෙරුවා මිනිස්සු බලාපොරොත්තු වුණාට වඩා සහන ලැබුණ කියල කියන්න පුළුවන්.

ජනතාව හයපාලන ආණ්ඩුව බලයට ගෙනාවේ ඔය කියපු ආර්ථික ප්‍රශ්න විසඳගන්න නෙමෙයි. ලංකාවේ වර්ග වාදය ඉවර කරන එක තමයි යහපාළන ආණ්ඩුවට විසඳන්න තිබුණ මූලික ප්‍රශ්නය. යහපාලන ආණ්ඩුව වර්ගවාදය අවසන් කරල නෑ, වංචා දූෂණ මිනිමැරුම් කරපු අයට දඬුවම් දීල නෑ. මේ මූලික ඉල්ලීම් ටික ආණ්ඩුව අතින් තවම ඉෂ්ඨ වෙලා නැහැ. විශාල මැදපන්තියක් මේ ජනවරමට දායක වෙලා තියනව. ජනවරම නිර්මාණය කරපු නාගරික මැද පන්තිය හිටියෙ සිංහලවාදිව හෝ දෙ‍මළවාදිව වෙන්න පුළුවන්. දෙගොල්ලම ඒ දෙපැත්තම අතහැරලා පිළිගත්ත එකක් තියනව. දෙගොල්ලම එකතුවෙලා අයින්කරල දැම්මෙ රාජපක්ෂ කියන වර්ගවාදි නියෝජනය. ඒ නිසා තව වර්ගවාදයක් තියෙන්න බෑ. ‍සිංහල දෙමළ මුස්ලිම් වර්ගවාදය ඉවර කරන්න දුන්න වරම මේක. ඒත් ඒක කළේ නැහැ. ඒක කරන්න බැරිවුණා මේ ආණ්ඩුවට.

මනෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *