පරදින යෝජනාවලට මහින්දගේ අත්සන , චන්දය නෑ – ඒකාබද්ධයේ ප්‍රතිපත්ති තීරණයක්

පාර්ලිමේන්තුවේදී පරදින කිසිදු යෝජනාවකට අත්සන් කිරීමෙන් හෝ චන්දය දීමෙන් මහින්ද රාජපක්ෂ මහතා වැලකි සිටිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය ප්‍රතිපත්ති තීරණයකට පැමිණ ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි . අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකළේ එම ප්‍රතිපත්ති තීරණය අනුව බව කියති .

හිටපු ජනාධිපතිවරයා චන්දය දිය යුත්තේ පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කල හැකි අවස්ථාවක පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ තීරණය වී තිබේ . පරදින යෝජනාවකට අත්සන් කිරීම හෝ චන්දය දීම හිටපු ජනාධිපතිවරයාට මදිකමක් බව ඔවුන්ගේ තීරණය වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *