විශ්වාසභංගය කොටඋඩ – අත්සන් නැහැ – මන්ත්‍රීවරු 135ක් රනිල්ගේ ආරක්ෂාවට

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත බාරදී තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 55ක් අත්සන් තබා ඇත.

සුසන්ත පුංචිනිමේ, නිශාන්ත මුතුහෙට්ටිගම, ටී.බී. ඒකනායක, කාදර් මස්ථාන් නම් මෙසේ අත්සන් තබා ඇති නිදහස් පක්ෂ මන්ත්‍රීවරු වෙති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට අත්සන් තබා නැත.

අවශ්‍ය අත්සන් ලබාගත නොහැකිවීමත් නියත පරාජයක් පෙනෙන්නට තිබීමත් නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කල විශ්වාස භංග යෝජනාව අර්බුදයකට ලක්වී ඇති බව වාර්තා වෙයි . මේ නිසා ඊයේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙද මතබේද ඇතිවී තිබේ. දැනට ගණන් බල ඇති අන්දමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 135ක් ඉක්මවූ සඛයාවක්  මෙයට සහය නොදෙන ස්ථාවරයක සිටින බව කියති . එජාපයේ , දෙමල ජාතික සන්ධානයේ , ජවිපෙ ,හැරුණුවිට ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක්ද ඒ අතර වන බව කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *