ග්ලයිෆොසෙට් තහනම ඉවතට – ගැසට් පත්‍රය අද කැබිනට් මණ්ඩලයට

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය අද(20) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඊයේ(19) අනුරාධපුරය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙතෙක් කිසිදු පරීක්ෂණයක් තුළින් ග්ලයිෆොසෙට් සියයට සියයක් විෂ බවට හෝ එය ඍජුව වකුගඩු රෝග සඳහා බලපාන බවට ඔප්පු වී නොමැති බැවින් මෙම තීරණයට එළඹි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. දියුණුවන රටවල් පවා මෙය පරිහරණය කරන බවත්, ග්ලයිෆොසෙට්වලට වඩා විෂ සහිත දේවල් ලංකාව තුළ ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
කෙසේ වෙතත් එහි ප්‍රමිතිය පිළිබඳ රජය නිරන්තරයෙන් අවධානය යොමු කරන බවත්, තේ කර්මාන්තයේ නියැලෙන පිරිස් මෙය නැවත පරිහරණයට ගැනීමට ඉල්ලිම් කළ බවත් පැවසු අමාත්‍යවරයා මෙය කිසි විටෙකත් දේශපාලනික තීන්දුවක් නොවන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *