හදිසි නීති දාලා කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. අවශ්‍ය වෙලාවෙදී පියවර ගන්න – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියළු තැනැත්තන් ආරක්ෂා කිරිම පිළිබද පණත් කෙටුම්පත සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පළ කල අදහස් (2018-03-07)

ගරු මුලාසනාරුඪ මන්ත‍්‍රිතුමනී,

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් සියලූ තැනැත්තන් ආරක්‍ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත මෑත කාලයේ දී ඉතාමත් විවාදත්මක වුණු පණතක්. මේ මෑතකදි ඒ තරම් මේ පිළිබඳව අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරපු, මේ පිළිබඳ වැරදි මත ඇති කරපු, පණත් කෙටුම්පතක් නැති තරම්. නීතිය පිළිබඳ ඉතාමත් හොඳ දැනුමක් තිබෙන නීති මහාචාර්යවරු පවා මෙහි තිබෙන වගන්ති පිළිබඳ වැරදි අර්ථ නිරුපණ දුන්නා. එක් වැරදි අර්ථ නිරූපණයක් තමයි, මෙම නීතිය අතීතයට බලපානවයි කියන එක. අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියේ මුලික අයිතිවාසිකම් යටතේ ඉතාමත්ව පැහැදිලිව තිබෙනවා, යම්කිසි අපරාධ නීතියක් බලපාන්නේ අනාගතයට පමණයි කියලා. ඉතාමත් පැහැදිලියි. එම නිසා මේ පණතේ විශේෂයෙන් ස`දහන් වීම අවශ්‍යය නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මේ සියල්ලටම ඉහළයි. එම නිසා මේ දණ්ඩන වගන්තිය අතීතයට බලනොපාන බව බොහෝම පැහැදිලියි. ඒ වාගේම අපි අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතියක් තිබෙනවා නම් අතීතයට බලපාන පරිදි, විශේෂයෙන් වගන්තියක් ඇතුලත් කරල ප‍්‍රතිපාදන ඇතුලත් කරන්න පුලූවන් කියලා. එහෙම නම් විශේෂයෙන් සඳහන් කල යුතුයි. ශේ‍්‍රෂ්ඨාධිකරණය ඉදිරියට මේ පනත ගියා. මේ පණත දණ්ඩන වගන්තිය ආපසු ක‍්‍රියාත්මක විමට ටිකක් හෝ ඉඩක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණය එයට ඉඩ දෙන්නේ නැහැ. ඒකට කියනවා ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා එහෙම කිව්වේ නැහැ. එම නිසා එසේ ආපසු කි‍්‍රයාත්මක වන විධියට Retrospective Clause එකක් නැත්නම් කිසිම අවස්ථාවක අපේ රටේ නීතිය අනුව දණ්ඩන අපරාධයක්, දණ්ඩන වගන්තියක් අතීතයට ක‍්‍රියාත්මක වන්නේ නැ. මොකද අපේ ව්‍යවස්ථාව උත්තරිතර නිසා. ඒ පිළිබඳව අවිස්වාසයක් තියාගත යුතුව නැ.
අපි ඉංග‍්‍රිසියෙන් කියනවා අපි Dualist රටක්. අපේ රටේ නීතිය අනුව යම් කිසි ප‍්‍රඥප්තියක් ජාත්‍යන්තර වශයෙන් අත්සන් කල පලියට එය මේ රටේ නීතිය බවට පත්වන්නේ නැ. මොනිස්ට් (monist) රටවල් වල, උදාහරණයක් වශයෙන් නෙදර්ලන්තයේ, ජාත්‍යන්තර නීතිය, ප‍්‍රඥප්තියක්, ස්වයංක‍්‍රීයව රටේ නීතිය බවට පත්වෙනවා. අපට එහෙම එකක් නැ. එම නිසා මෙම පණත ගෙන ඒමෙන් ජාත්‍යන්තර International Convention For the Protection for All Persons from Disappearances කියන ප‍්‍රඥප්තිය මේ රටේ නීතිය බවට පත් වෙනවයි කියන මිත්‍යා මතය සම්පුර්ණයෙන් වැරදියි. කණගාටුවට කරුණක් වන්නේ මේ පිළිබඳ වැඩිපුරම කතා කලේ මේ රටේ දහස් ගණන් නීතිඥවරයින් බිහිකිරිම සඳහා නීතිය උගන්වපු මහාචාර්යවරු. ඒක කණගාටුවට කාරණයක්. නමුත් එහෙම නෙවෙයි වෙන්නේ. අපි Dualist රටක් එම නිසා අපට අවශ්‍ය විදියටයි අපි පණත හදන්නේ. අපට ඕන නීතියක් හදන්නේ අපට ඕන විදියටයි. දැන් සඳහනක් කෙරුණා මේ විවාදය තුල දණ්ඩනීති සංග‍්‍රහයට පමණක් සංශෝධන ගෙන්න බැරි ඇයි කියලා. දණ්ඩනයක් පමණක් නම් කෙරෙන්නේ, එහෙනම් අපට ඒක කරන්න තිබුණා. නමුත් ඊට වඩා මේ පනතේ පරාසය ඉතා විශාලයි. උදාහරණයක් වශයෙන් 15(1) වගන්තිය කියනවා No Person shall be held in secret detention රහසේ රඳවා තබා ගැනිම තහනම් කෙරෙනවා. ඒ වගේ ඒවා දණ්ඩනීති සංග‍්‍රහයේ දාල වැඩක් නැ, දාන්නත් බැ, දණ්ඩ නීති සංග‍්‍රයේ තිබෙන්නේ වරදවල් ප‍්‍රකාශයට පත් කරලා, ඒවාට දඩුවම් නියම කිරිම. ඊටත් එහා අයිතිවාසිකම් පිළිබඳව, වින්දිතයන්ගේ ඔවුන්ගේ නැදැයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව-the right of representation by an attorney-at-law- ඒ සියල්ලටම නිතිඥවරුන්ගේ සහාය ලබාගැනීම ඒ ආදිය තියෙනවා. සියල්ලම මේක තියෙනවා. ඒවා දණ්ඩන නීති සංග‍්‍රහයට දාන්න බෑ. ඉතින් මේ වැනි වැදගත් වින්දිතයන්ට අදාල වන වෙනෙකුත් ප‍්‍රතිපාදන ගණනාවක් මේ පනතේ තිබෙන නිසා තමයි දණ්ඩනීති සංග‍්‍රහයට විතරක් මේක ඇතුල් කරලා, දණ්ඩන වගන්තියක් ඇතුලත් කිරිමට බැරිවන්නේ.
මම වැඩියෙන් කතා කිරිමට කැමති අද තිබෙන තත්වය පිළිබඳව. මිට අදාලව මේ වගේ නීති කොච්චර ගෙනාවත් වැඩක් නැ. මේවා කි‍්‍රයාත්මක කෙරෙන්නේ නැති නම්. මහනුවර පැත්තේ මේ දවස් වල සිදුවන සිදුවීම් පිළිබඳව අපි කවුරුත් කම්පාවෙන් සිටින්නේ මම මහනුවර පළාතේ කෙනෙක් නිසා. ඒ පළාතේ ඉපදිලා හැදුනු වැඩුනු කෙනෙක් නිසා මට මේ දවස් ටිකේ දුරකථනයෙන් පණිවිඩ හැම මිනිත්තු කීපයකටම සැරයක් ලැබෙනවා. අද මේ වගේ සිද්ධියක් වෙනවා. මෙතන මේ වගේ දෙයක් වෙනවා කියලා. මම ඒ තැන් පිළිබඳව කියන්නෙත් නෑ ඒවා අවුස්සන්න කිසිම ඉඩක් මම තියන්නේ නෑ.
ඊයේ සමහර පළාත් වල බොහෝම වග කිවයුතු අයගෙන් ලැබුණ ආරංචි අනුව සමහර තැන්වල පොලිසිය බලාගෙන ඉදලා තියෙන්වා . සමහර තැන්වල පොලිසිය කියා තිබෙනවා අපට වෙඩි තියන්න අවසරය, නියෝග හම්බවෙලා නැ කියලා. කවුරුත් කියන්නේ නැ මිනිස්සුන්ව මරන්න කියලා. නමුත් බලය පාවිච්චි කරන්න පුලූවන් සාමය ආරක්‍ෂා කර ගැනිමට. පොලිසියට සාමන්‍ය උපදෙස් තිබෙන්නෙත් මරන්න වෙඩි තියන්න නෙවෙයි අවම බලය පාවිච්චි කිරිමට ඒ අවස්ථාවේ හැටියට. ඒ වගේම අපේ දණ්ඩනිති සංග‍්‍රහයේ තිබෙනවා ඕනෑම කෙනෙක්ගේ දේපල හෝ කෙනෙක්ගේ ජිවිතය ආරක්‍ෂා කිරිමට වෙනත් කෙනෙකුට පුලූවන් බලය පාවිච්චි කිරිමට. ඒක ඕනෑම සිවිල් පුද්ගලයෙකුට පුලූවන්. නමුත් කණගාටුයි කියන්න ඊයේ විශේෂයෙන්ම ඒ ගැන කියන්න ඕනේ මේ තැන්නේකුඔුරේ, මැණික්හින්න පළාතේ ඇතුලේ සිදු වු සිදුවීම් වලදි හුගක් පොලිස් නිලධාරින් කියලා තියෙනවා අපට කරන්න දෙයක් නැ. අපට බලයක් නෑ, අපට කියලා නෑ වගේ කතා. ඒ කියන්නේ උඩට වෙඩි තියන්නද යන්නේ. උඩට වෙඩි තියලා මේ වැඬේ කරන්න බැ. එම නිසා මේ පිළිබදව ඇක්ෂන් ගන්න ඕනෑ. කි‍්‍රියාත්මක වෙන්න ඕනෑ. මේ නීති හදන්නේ, හදිසි නීති දාලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. ඒ කඩුව දීලා තියෙන්නේ කොස් කොටන්න නෙවෙයි. මේ රටේ හදිසි නීතිය යටතේ තියෙනවා Preventive Detention කරන්න. Preventive Detention කියන්නේ වරදක් කලේ නැතත්, යම්කිසි කෙනෙක්ගේ කි‍්‍රයාවන් නිසා වරදක් වෙන්න ඉඩ තිබෙනවා නම්, ඒ බවට සාක්‍ෂි තිබෙනවා නම් හේතු තිබෙනවා නම්Preventive Detention කරන්න පුලූවන්. අද Preventive Detention පාවිච්චි කරන්න පුලූවන් හදිසි නීතිය යටතේ බොහොම ලේසියි. මේවා අවුස්සන අය ඉන්නවානම් ඒ පිළිබඳව සාක්‍ෂි තියෙනවානම්, ඒ පිළිබඳ විශ්වාස කිරිමට තියෙනවා නම් අත්තනෝමතිකව නෙවෙයි, යම්කිසි පදනමක් තියෙනවා නම් ක‍්‍රියාත්මක වෙන්නට පුලූවන්. ඉතින් Preventive Detention කි‍්‍රයාත්මක කරන්නත් ආණ්ඩුව වහාම කි‍්‍රයාත්මක විය යුතුයි. නැතිනම් හදිසි නීතිය පාවිච්චි කරලා වැඩක් නැ. හදිසි නීතිය දාලා වැඩක් නැ. ඇඳිිරි නීතිය ?ට විතරක් දාලා වැඩක් නෑ. සමහරතැන් වල දවල්ටත් දාන්න ඕනි. අපි බොහොම බරපතල ලෙස මේ පිළිබඳ සාකච්ඡුා කල යුතුයි. මේකට මුහුණ දෙන ආකාරය පිළිබඳව. ඉදිරි දින කීපයේදි වෙනින් පළාත් වලට පවා මේක පැතිරිමේ භායානකකම තිබෙනවා. අවසාන වශයෙන් my name was mentioned මා සිංගප්පූරුවේදී කරපු , මට මතක නෑ අවුරුද්ද පිලිබදව, දෙමළ කණ්ඩායම් සමග කරපු සාකච්ඡුාවකට මා සහභාගී වු බවට සදහනක් කෙරුනා, මට කලින් කතා කරපු ගරු මන්තී‍්‍රතුමන්ගෙන්. ඒක සම්පූර්ණ ඇත්ත, මම කවදාවත් නෑ කියලා නෑ. අපි කතා කලේ මේ රටේ තිබෙන ජනවාර්ගික ගැටළුව එක් තනි රටක් තුල විසදාගැනීම සදහා තමයි අපි සාකච්ඡුා කලේ . Global Tamil Forum එකේ සමහර අදහස් එක්ක මම එකග වෙන්නේ නෑ. නමුත් ඔවුන් එක්ක කතා කරන්න ඕන. ඔවුන් එක්ක සාකච්ඡුා කරන්නේ නැතිව මේක කරන්න බෑ. එක තනි රටක් තුල. ඒ සාකච්ඡුාවල ප‍්‍රතිපලයක් ලෙස අද Global Tamil Forum එකට එකතුවෙලා හිටපු Father Emanuel වගේ අය අද ලංකාවට එනවා .

විමල් වීරවංශ – point of order  ගරු මුලාසනාරුඪ මන්ත‍්‍රිතුමනී, Tamil Net වාර්තාවේ තියෙනවා එකගවේච්ච ප‍්‍රතිපත්ති දහය. ඒ දහයේ පලවෙනි එක තමා ලේබලය කුමක් වුවත් අභ්‍යන්තර ස්වයං පාලනය ලැබෙන විදියේ ව්‍යවස්ථා සංශෝදනය , මේ රණවිරු දඩයම් ඕව ඔක්කොම තියෙනවා . තමුන්නාන්සේලා සාකච්ඡුා කලා විතරක් නෙවෙයි, මේ රට පාවාදෙන එකගතාවයකට ගියා.

ජයම්පති වික‍්‍රමරත්න – එහි තිබෙන්නේ මේ රටතුල සිටින විවිධ ජනකොටස් වලට තමන්ගේ කටයුතු කර ගැනීමට බලය ලැබෙන පරිදි ව්‍යවස්ථා ව්‍යුහය වෙනස් කරන්න ඕනෑ කියන එක . ඒක අද නෙවෙයි මම හැමදාම කියපු දෙයක්. දැනුත් කියනවා, ඉදිරියටත් කියනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *