එක්නැලිගොඩ හොයනකොට මිනී ගොඩක් එළියට !

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ  සොයා කළ පරීක්ෂණයේ ප්‍රතිඵල ලෙස අද දින හමුදා නිලධාරීන් හතර දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම කණ්ඩායම කළ මෙබදු තවත් ඝාතන රැසක තොරතුරුද හෙළිදරවු වෙමින් පවතින බව දැනගන්නට ඇත .

මෙතෙක් ලැබී ඇති තොරතුරු අනුව හෙළිදරවු වන්නේ මෙබදු නීති විරෝධී කටයුතු සදහා විශේෂ කණ්ඩායම් පවත්වාගෙන ගොස් ඇත්තේ රජයේ ඉහළ බලවතුන්ගේ උපදෙස් අනුව බව ය . කිසිදු වග විභාගයකින් තොරව ක්‍රියාත්මකවීමට සුදානම් පිරිසක් මේ සදහා යොදාගෙන ඇත්තේ ඉහළ බලවතුන්ගේ අනුග්‍රහයෙන් උසස්වීම් හා වරප්‍රසාද ලබාදීම මගිනි . යුද හමුදාවේ නීති ගරුක නිලධාරීන්  මෙම විශේස ඒකකවල වැඩ කටයුතු පිලිබදව පැහැදීමකින් සිට නැත . ප්‍රගීත් ඝාතනය ගැන හෝඩුවාව හා තොරතුරු ලබාදුන් එබදු නිලධාරීන් තවත් ඝාතන රාශියක් පිළිබදවද තොරතුරු හෙළිදරවු කොට ඇත . එසේ වුවද එම සිදුවීම් පිලිබදව සාක්ෂි රැස්කරගනීම තවමත් සිදුකොට නැති බව කියති.

යද හමුදාවේ බුද්ධි අංශය යටතේ මෙබදු කණ්ඩායම් ක්‍රියාත්මක වූ බව හෙලිදරවුවීමත් සමග බලවත් කලබීමකට පත්ව සිටින හමුදාවේ ඉහළ නිලධාරීන් මෙම පරීක්ෂණ යටගැසීමේ දැඩි උත්සාහයක නියලී සිටින බවද අපගේ ආරංචි මාර්ග කියයි .

කෙසේ වෙතත් අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියන්නේ දැනට කෙරෙන පරීක්ෂණ ඉදිරියට යනවිට අනෙක් තොරතුරු සියල්ලම පාහේ හෙළිදරවු කරගත හැකිවන බවයි . අත් අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගේ කට උත්තර මගින්ද බොහෝ තොරතුරු හෙළිවී ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *