ජනවාරි 8 පොරොන්දු සහ මැතිවරණ ප‍්‍රතිඵල – ජගත් හේමචන්ද්‍ර

2015 ජනවාරි මස 8 දින පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කර පොදු අපේක්‍ෂකයා වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාව ලක්‍ෂ 62කට අධික ඡුන්ද සංඛ්‍යාවක් ලබා දි ඔහු රටේ ඉහළම පුටුවට උස්සා තැබුවේ මේ රට නිතිගරුක , හොර මැරකම් වලින් හොර ආණ්ඩුවක් ඇති කිරීමේ පරම පවිත‍්‍ර චේතනාවේනි.
පොදු අපේක්‍ෂකයා බලයට පත් වී දින 100ක් තුල කල යුතු න්‍යාය පත‍්‍ර සහ දිගු කාලින න්‍යාය පත‍්‍රයක් රට ඉදිරියේ තබන ලදි. එම දින 100 තුල යම් සාධනිය කරුණු කිපයක් ඉටු කල බව අපි පිලිගනිමු එයින් ප‍්‍රධාන වුයේ විධායක ජනාධිපතිවරයා සතු අසිමිත බලතල 19 වෙනි සංශෝධනය මගින් ඉවත් කිරිමය. එය වැදගත් කරුණකි. අගෝසතු මස පවත්වනු ලබන මහ මැතිවරණයෙන් පසු ඉතිරි දැ කඩිනමින් කරන බව ජනාධිපතිවරයා සහ අගමැති ජනතාවට සපෘත කළෝය. නමුත් සිදු වුයේ කුමක්ද? ජනතාව බලාපොරොත්තු නොවු ක‍්‍රියාදාමයන්ය. 2016 සඳහා ඉදිරිපත් කල අය වැය ලේඛතයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ නොවු කොත්තමල්ලි වැනි භාණ්ඩ කිපයක මිල පහත දැමිම මගින් ජනතාව අතරින් අයවැයට ලැබුණේ ප‍්‍රසංසා නොව කෝචෝක්ය. බලයට පත්විමට ප‍්‍රථම ආර්ථිකය කඩිනමින් හදන බව පැවසු ආණ්ඩුව පසුව නිතර ජනතාවට කියා සිටියේ විශාල ණය බරක් ඇති බවය. එය ජනතාවට වැදගත් නොවන්නේ එවැනි වදන් ඡුන්දයට පෙර ප‍්‍රකාශ නොකළ බැවිනි.
ගෑස් මිල අඩු කිරිම සහ ඉන්ධන මිල අඩු කිරිම සිදු විය. රාජ්‍ය සේවකයින්ගේ වැටුප රු.10000/-ක් පියවර කිහිපයකින් වැඩි කරන ලදි. එයින් වැඩ කරන ජනතාවට සහනයක් සැලසුන බව කිව හැක. එහෙත් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි විමක් සිදු නොවිම බලවත් ආසාධාරණයකි.
නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය පිලිගත් අගමැතිවරයා ආයෝජකයින් ලංකාවට ගෙන ඒමට උත්සාහ දැරුවත් වැදගත් ආයෝජකයෙක් පැමිණි වගක් නොදනිමු. ආයෝජණ සහ කාර්මිකරණය මත ආර්ථිකය ගොඩගැනිමට යාම හේතුවෙන් මේ රටේ කාෂිකර්මාන්තය දෙවෙනි කොට සලකන ලදි. එම නිසා පොහොර සහනාධාර කපා හැරියා පමණක් නොව ගොවියාට අවශ්‍ය කරන පොහොර ලබා ගැනිම අසිරු තත්වයකට පත්විය. ඒ හේතුවෙන් මේවර මැතිවරනයේදිගම්බද ජනතාව පොදු ජන පෙරමුණ වටා රොක්විය. සමෘද්ධිය ද නිසි පරිදි නොලැබුන අතර එයද කප්පාදු විය. දශ ලක්‍ෂකයකට ස්වය රැුකියා සඳහා අඩු පොලියට ශ‍්‍රම ශක්ති ණය යෝජණා ක‍්‍රමයක් ඇති කර ජනතාව අතර අයදුම්පත් බෙදා හැරියත් රාජ්‍ය බැංකු එම ණය දිමට මැලිකමක් දැක්විමේන් එය ද ආණ්ඩුවේ ආසාර්ථක ව්‍යාපාරයක් විය.
විෂය භාර ඇමතිවරු තම වගකිම් නිසි පරිදි ඉටු නොකිරිම හේතුවෙන් සහ වෘත්තිය සමිති සමග සාකච්ඡුා කර ප‍්‍රශ්ණ විසඳා නොගැනිමේන් විදුලි බල මණ්ඩලයේ ජල සම්පාදන මණ්ඩලයේ ඛනිජ තෙල් සහ වෛද්‍යවරුන්ගේ සහ දුම්රිය සේවකයින්ගේ වර්ජණ රැුල්ලක් ඇති විය. මේ අංශ වල වර්ජණ වලින් ජනතාව ඉතා අපහසුතාවයට පත් වන බව නොදැන සිටිම ආණ්ඩුවේ අකාරයක්‍ෂ්ම තත්වයට හොඳ නිදසුනක් වේ.
ජනාධිපතිවරයාගේ සිහිනයක් වු උතුරු මැදට, වයඹට, උතුරුට, නැගෙනහිරට ජලය සැපයිම සඳහා මොරගහකන්ද ජලාශය ඇතිකර දියවර නිකුත් කලත්, සෞඛ්‍ය ඇමති රාජිත සේනරෙත්න මහතා ඖෂධ සමාගම් සමග .සටන් වැද ඖෂධ මිල පහත හෙලූවත් එම ක‍්‍රියාදාමයන් සාමාජ ගත කිරිමට ආණ්ඩුවේ මාධ්‍ය ආයතන ගත් උත්සාහයට පැවසිය නොහැක. මේ ආණ්ඩුවේ හැම පැත්තෙන්ම ගත් කල විද්‍යාමාන වුයේ කාර්යක්‍ෂ්ම තත්වය, දුර්වලතාවය සහ නොහැකියාව බව සඳහන් කල යුතුය.
ජනවාරි 8 දින පොරොන්දුවක් වුයේ ජනතා මුදල් අවභාවිතය කල සහ මිනිමැරුම් වලට වගකිව යුතු පුද්ගලයින් නිතියේ රැුහැනට අසු කර දඩුවම් ලබා දෙන බවයි. නමුත් මේ දක්වා එවැනි අයව නිතියෙන් දඩුවම් ලබා දිමක් සිදු නොවුනේ ආණ්ඩුවේ කිනම් නායකයාගේ හස්තය නිසා දැයි ජනතාව සැක සංකා උපදවන කරුණකි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැන ද යමක් කිවයුතුය. ශ‍්‍රි. ල. නි. පයේ සමහර ආසන සංවිධායකවරුන්ගේ උද්දච්චකමත්, ජනතාව සංවිධානය කිරිමට තිබු නොහැකියාවත්, සංවිධානයක් වශයෙන් කටුයුතු කිරිමේ දී පැවති අදුරදර්ශී බවත් සන්ධානය සෙසු පක්‍ෂ වලට දැක් වු කුඩම්මාගේ සැලකිල්ලත් නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොසිතු පරිදි පරාජයක් ඇති කර ගත් බව සඳහන් නොකරාම බැරිය.
ඉහත සඳහන් කරුණු ගැන ඉදිරියේදී හරි හැටියට අධ්‍යයනයක් සහ අගැයිමක් නොකර ක‍්‍රියා කිරිමෙන් ඉදිරියේදී ද ජයග‍්‍රහණය නොව පරාජය කරා ගමන් කිරිම වලකාලිය නොහැක.
එම නිසා නව කැබිනට් මණ්ඩලය තේරිමේදී සිදු වුයේ පරණ වයින් අලූත් බෝතලයට දැමුවා සේ ජනතා අභිලාශය හදුනා නොගෙන ඇමතිකමට පමණක්ම කෑදරකමින් කටයුතු කරන සියලූ දෙනා රට අස්ථාවර භාවයට පත් නොකොට ජනවාරි 8 පොරොන්දුව කඩිනමින් ඉටු කර රටේ ස්ථාවරය ඇති කිරිම බව පාලකයන් සියලූ දෙනාට වගකිමෙන් යුතුව සඳහන් කලයුතුය. ජනතාව පාලකයින්ගේ දේශණ වලින් පමණක් සැහිමකට පත් නොවනු ජනතාව ආණ්ඩුවට එරෙහිව විදි බසින දිනය ඈත නොවනු ඇත. 53 හර්තාලය අපට කියා දුන්නේ එම හඩම බව අමතක කලයුතු නොවේ. එය කර අලූත් ගමනක් යැමට ආණ්ඩුකරන අය සිතට ගත යුතු කරුණක් බව අමුතුවෙන් කිව යුතු නැත.

 

ජගත් හේමචන්ද්‍ර

නියෝජ්‍ය ලේකම්
එක්සත් වාමාංශික පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *