ජාතිවාදී රැල්ල ඉතාම සුළු පිරිසකගේ වැඩක් – පූජ්‍ය දඹර අමිල හිමි

 

අපි යහපාලන රජයක් පිහිටුව ගෙන, ආර්ථිකය යහපත් කරන්න කියල ඉල්ලුවේ නැහැ. රැකියා දෙන්න කියල ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේන්න. ඒ තුළින් වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය නැත්තටම නැතිකරලා හෑම ජාතියකට එකට සුහදව සහෝදරත්වයෙන් එකම ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ජීවත් වෙන්න ඉඩ සලසන්න කියලයි. පූජ්‍ය දඹර අමිල හිමියන් එසේ ප්‍රකාශකළේ  කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සාමය හා සාමයික කේන්ද්‍රයේ පැවති පුරවැසි බලය සංවිධානය කළ මාධ්‍යහමුවකදීය.

ආයෙමත් ජාතිවා දී රැල්ලක් ඇති වී තිබෙනවා‍. මේක ඉබේ අහම්බෙන් ඇති වූවක් නෙමේ. මේක හිතාමතා අවුලන ලද ගින්නක් බව පැහැදිලියි. ගින්න දුරදිග ගියේ නීතිය ක්‍රියාත්මක කරන අයගේ දුර්වලකම හා ආකාර්යක්ෂමතාව නිසයි‍. මේ ජතිවාදි ගින්න යළි ඇවිලෙන්නේ අම්පාර නගරයෙන්. ඒ කෑමට ගන්නා හොදි වගයක වඳ පෙති තිබුණා කියන සිද්ධියක් මුල් කරගෙන. ඒ සිද්ධිය එතනින් නිමා වුනේ නෑ. එය තෙල්දෙනිය දක්වා ව්‍යාප්ත වුණා. අම්පාරෙදි නියපොත්තෙන් කඩන්න තිබුණ දෙය කඩල ඉවත් කෙරුවේ නැහැ. ප්‍රශ්නය පටන් ගත්ත මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්ම කෙරුවේ නැහැ.

අම්පාරේ සිද්ධිය වුණේ පොලීසියෙ ඉඳන් වැඩි ඈතක නෙමෙයි. පොලීසිය පේනතෙක් මානයේ. එදා ඒ කෝලාහලය ඇතිකළ එවුන් අල්ලා රිමාඩ් කරලා නිතියේ රැහැනට හසුකර ගත්තා නම් මේක තෙල්දෙනිය දක්වා දුරදිග යන්නේ නැහැ.

තෙල්දෙනියෙ සිද්ධ වුණේ මොකක්ද? ඒක පුද්ගලික ගැටුමක්. ට්‍රක්රථයක් ත්‍රිරෝද රථයකට ඉස්සර වෙන්න දීලා නැහැ. එයින් ත්‍රිරෝද රථයේ පිරිසයි ට්‍රක් රථයේ රියැදුරුයි අතර බහින්බස් වීමක් ඇතිවෙලා පහරදීමක් වුණා. සිද්ධිය වුණේ කවදද? 26 වෙනිදා. එම සිද්ධියේ දී ගුටිකාපු ට්‍රක් රථයේ රියැදුරු රෝහල්ගත කර සිටියදී මැරුණෙ මාර්තු 3වෙනිදා. ඒත් මොකුත් සිද්ධියක් වාර්තා වුණේ නැහැ. ඥාණසාර හාමුදුරුවෝ 3වෙනිදා ඒ මළගෙදරට වැඩම කෙරුවා. උන් වහන්සේ මළ ගෙදරට වැඩම කෙරුවා කියන්නේ ගැටුමක් ආරම්භ වෙන්න සංඥාවක්.

එතනින් පසුව තමයි මුස්ලිම් ගෙවල්වලට, කඩසාප්පු වලට පහර දෙන්න පටන් ගත්තෙ. සිද්ධියට මුල් වුණේ සිංහල මුස්ලිම් සිද්ධියක්ද? නෑ. වාහන රියැදුරන් අතර සිද්ධියක්. වාහන රියැදුරන් අතර ඔවැනි බහින්බස් වීම් පහර දීම් ඇති වෙන්නෙ නැද්ද? අනන්තවත් වෙනවා. මෙතන ප්‍රශ්‍නය වුනේ ත්‍රිරෝද රියේ ගිය පිරිස මුස්ලිම් ට්‍රක් රථය පදවා ඇත්තේ සිංහල තරුණයයෙක්. ඒත් ඒ සිද්ධිය ජාතිවාදී වෙන්නෙ කොහොමද? ඒක ආගම් විරෝධි වෙන්නෙ කොහොමද? පොලීසිය විසින් එම පහරදුන් තැනැත්තන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි නීතිය ක්‍රියාත්මක කෙරුවා නම් මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙනෑ. රටේ සාමය හා නීතිය ක්‍රියාත්මක වීම ඉතාම දුර්වලයි. ඉතාම තුච්චයි. කියන්න කණගාටුයි. අපි පොදු අපේක්ෂකයෙක් ජනාධිපති සටනට ගෙනල්ලා ජනාධිපති කෙරුවෙ මේකට ද? යහපාලන රජයක් පිහිටුව ගත්තෙ මේකටද? අපි ආර්ථිකය යහපත් කරන්න කියල ඉල්ලුවේ නැහැ. රැකියා දෙන්න කියල ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න. රටට ගැලපෙන ව්‍යවස්ථාවක් ගේන්න. ඒ තුළින් වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදය නැත්තටම නැතිකරලා හෑම ජාතියකට එකට සුහදව සහෝදරත්වයෙන් සිටිය හැකි සැබෑ ශ්‍රී ලාංකිකයන් පිරිසක් බිහි කරන්න කියලයි. ඒ මොකවත් සිද්ධ වුණේ නැහැ. කියන්න කණගාටුයි. එහෙම එඩිතර තීරණයක් ගන්න ජනාධිපතිතුමාට ශක්තියක් නැහැ. කොටින්ම පතෝල ජනාධිපතිකෙනෙක් ඉන්නේ. කරනව නම් කරන්න වැඩ ගොඩයි. එකක්වත් කෙ‍රිලා නෑ. දැන් අවුරුදු තුනක් ගිහිල්ලා. කතාව විතරයි. වැඩ නෑ.

අපි කියන්නෙ නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය වරයා ලෙස ජෙනරාල් සරත් ‍ෆොන්සේකා පත්කරන්න. එතුමා පත්කිරීම ම මේ ජාතික ව්‍යවසනයන්ගෙන් 50% ක් නතර වෙනවා. ඊට පස්සෙ නතර කරන්න තියෙන්නේ තව 50%යි. කුඩු වසංගතය තරුණ පරපුර ගිලිගෙන අවසානයි. ‍මේක රටට විශාල ව්‍යවසනයක්. කුඩු ගේන එකාගෙ ඉඳලා කුඩු බොන එකා දක්වා අල්ලා දඬුවම් කරන්න ඕනෑ. ජාතිවාදය පතුරවන එක ඊට වඩා බයානකයි. ඒකට සිංහල දෙමළ මුස්ලිම් ජාතිබේදයක් නෑ. ගිහිද පූජක පක්ෂයද කියල බේදයක් බලන්න එපා. සියල්ලන්ටම උපරිම දඬුවම් දියයුතුයි.

ඒකට එකම සුදුස්සා ජෙනරාල් ‍ෆොන්සේකා යි. ජනරාල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වශයෙන් පත්කළ යුතුයි. ඇයි ‍ෆෝන්සේකා එම තනතුරට පත් නොකරන්නෙ. මුලු එක්සත් ජාතික පක්ෂයම කැමතියි. මුලු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ම අත්සන් කරලා ලියුමක් දීලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තියෙන්නෙ ජෙනරාල් සරත් ‍ෆොන්සේකා එම තනතුරට පත් කරන්න කියලා. ඒත් ජනාධිපති වරයා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. මොකද රාජපක්ෂගේ කීමට. රාජපක්ෂලාට හානියක් වෙනවට ජනාධිපති කැමති නැහැ. දෙන්නා අතර ඩීල් එකක් තියනබව පැහැදිලියි.

ලෝකෙන්ම දරුණුම ත්‍රස්තකණ්ඩායම පරාජය කරපු එතුමාට රටේ නීතිය හා සාමය ඇති කරන්න බැරිකමක් නැහැ. වෙන දියුණුයි කියන රටවලුත් ත්‍රස්තවාදය නැති කරන්න ජෙනරාල් වරයාගෙන් උපදෙස් ගන්නාවා නම්, එතුමාට මේ රට තුළ තියන නීතියේ වල්වැදීම නවත්වලා රටේ නීතිය හා සාමය ඇති කරන්න පුළුවන් බව අපේ විශ්වාසයයි.

https://www.facebook.com/yukthiyalk/videos/1723593277698897/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *