“සරත් ෆොන්සේකා පත්කරන්න එපා – අපි සහය දෙන්නම් ” – මහින්දගෙන් මෛත්‍රීට පොරොන්දුවක්

නීතිය සහ සාමය ඇමති ධුරයට එජාපයෙන් නම්කර ඇති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම තනතුරට පත් නොකරන ලෙසත් එසේ කරන්නේ නම් ආණ්ඩුව පවත්වාගෙන යාමට තම සහය දෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී ඇති බව දේශපාලන ලෝකයේ තතු දත් ආරංචි මාර්ග කියයි . දෙදෙනා අතර හමුවකදී මෙම අදහස් හුවමාරුව සිදුවී ඇති බව ඇතැම් ආරංචි මාර්ග කියතත් ජනාධිපති කාර්යාලය කියන්නේ හමුවීමක් නොවූ බව හා දුරකථන සංවාදයක් පමණක් සිදු වූ බවයි .

පසුගිය කාලයේ ජනාධිපතිගේ පාර්ශවය කීවේ එජාපය හොරු ඇල්ලීමට බාධා කරන බවයි . නීතිය සහ සාමය ඇමති ධුරයෙන් සාගල රත්නායක මහතා ඉවත් කොට එම තනතුරට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේ එම විවේචනයට ප්‍රතිචාර වශයෙනි . එයට ජනාධිපත්ගේ පාර්ශවය විරුද්ද වීම නිසා එම තනතුර තාවකාලිකව අගමැතිතුමා වෙත පවරනු ලැබීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *