යහපාලනයට මොකද වුණේ ?- ගාමිණී වියන්ගොඩ

පළාත් පාලන මැතිවරණයේ පොහොට්ටුව වැනි පක්ෂයක් ඉහලට එම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතුයි .මෙය යහපාලන ආණ්ඩුවේ පරාජයක් සහ යහපාලන ආණ්ඩුව පිළිබද අවුරුදු තුනක් තිස්සේ රටේ ජනතාව තුල ඇති වූ කලකිරීමක් නිසා එයට විරුද්ධව ලබා දුන් ඡුන්දයක් ලෙස දකින්නට පුළුවන්. කුමන සංඛ්‍යා ලේඛන පදනම් කර ගත්තත් මෙය පරාජයක් .අවශ්‍ය නම් අපට පුළුවන් සංඛ්‍යා ලේඛන මත පදනම්වෙලා ආණ්ඩුව පරාජය වෙලා නෑ කියන එක පෙන්නන්නත් .එය තේරී පත්වූ මන්ත‍්‍රී ප‍්‍රමාණය අනුවත් පාවිච්චි වූ ඡුන්ද ප‍්‍රමාණය අනුවත් විග‍්‍රහ කර දක්වන්න පුළුවන් .නමුත් මෙය රටේ සදාචාරමය අයිතිය සම්බන්ධ වන ප‍්‍රශ්නයක්. ඒ සදාචාරමය අයිතිය පෙබරවාරි 10 වනදා පළුදුවෙලා තියෙනවා . ඒක පරාජයක් ලෙස අපි බාරගත යුතුව තිබෙනවා .මේ ඡුන්දය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ගෙදර යැවීම සදහා විපක්ෂයට කුමන අයුරකින් වත් භාවිතා කල හැකි ඡුන්දයක් නෙවෙයි .

අපේ රටේ පවතින දේශපාලන සංස්කෘතිය තුල යම් ගැටළුවක් තිබෙනවා . ඕනෑම මැතිවරණයකින් ලබන ජයග‍්‍රහණයක් හෝ පරාජයක් එම සිමාවෙන් එහෙට ගොස් කතා කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටිනවා .අද වන විට ලංකාවේ සිදුවන්නේ එවැනි දෙයක් .බලයේ සිටින රජයක් මේ ආකාරයෙන් පළාත්පාලන මැතිවරණයකින් පරාජය වීම සම්බන්ධයෙන් හේතු සොයා බැලිය යුතු වෙනවා .

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර හිත බිදීමක් මුලසිටම අප නිරීක්ෂණය කර තිබෙනවා .එය 2015 ජනවාරි 09 වනදා සිට සිදුවූ දෙයක්. 2015 ජනවාරි 09 වනදා පාන්දර මහින්ද රාජපක්ෂගේ පරාජයත් එක්කම රනිල් වික‍්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගියා තීරු නඬේෂන් එක්ක රනිල් වික‍්‍රමසිංහ වගේ දේශපලනඥයෙක් තීරු නඬේසන් වගේ කුප‍්‍රකට ව්‍යාපාරිකයෙක් එක්ක රාජ්‍ය බලය හුවමාරු කරගන්න අරලියගහ මන්දිරයට ගියේ ඇයි කියල මෛත‍්‍රිපාල ජනාධිපතිවරයාට ගැටළුවක් ඇතිවෙන්න ඇති. ඒ වගේම තමයි ජනවාරි 9 වැනිදා ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් වරයා ලෙස රනිල් වික‍්‍රමසිංහට ප‍්‍රසිද්ධියේ ප‍්‍රහාර එල්ල කරමින් හිටපු ශිරාල් ලක්තිලකව පත්කර ගැනීම .තිබිරිගෙයි දීම එක්සත් භාවයට හානි වීමක් මේ කරණා වගේම තවත් කරණා රාශියක් නිසා සිදු වුනා

මේ මැතිවරණ පරාජය පිටුපස ඇති ප‍්‍රධානම කරණය තමයි හොරුන් දුෂිතයන් ආරක්ෂා කරපු එක ආණ්ඩුවේ මුල් කාලයේදීම මේ හොරු අපරාධකාරයන්ට දඩුවම් දෙන්න තිබුනා. නමුත් මේ නායකයන් දෙදෙනාට ඕනි කමක් තිබුනේ නෑ.දෙදෙනාම අධිකරණයට බලපෑම් කළා .ජනාධිපතිවරයා ”තජුඞීන් ඝාතනය ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය වැලිකඩ සිරකරුවන් ඝාතනය සම්බන්දව තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ ඉන්න අයව ආරක්ෂා කලා .කරන්නාගොඩ අත්අඩංගුවට ගන්න හිටපු දවසේ ජනාධිපතිවරයා චිනයේ සිට ඉහල පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔහුව අත්අඩංගුවට ගැනීම වැලක්කුවා .මේ ආණ්ඩුවට එරෙහිව නුගේගොඩින් වේදිකාවට ගොඩවුණු විමල් වීරවංශව හොර පාස්පෝට් හදල අත්අඩංගුවට ගැනීමට නියමිත වෙලා ඉන්නකොට අගමැති වරයා මැදිහත්වෙලා ඔහුව නිදහස් කරනවා .මේ නායකයන් දෙදෙනා එකම විදියට නිතිය අපහරණය කරමින් තිබෙනවා .මේවගේ දේවල් නිසා පෙබරවාරි 10 වැනිදා හොද තීන්දුවක් ලබාදී තිබෙනවා .මේ බලවේගය ආපසු හැරවීමේ හැකියාවක් මේ නායකයින් දේපොළට නොමැත .කිසිදු හොරෙකුට විරුද්ධව මේ අවුරුදු දෙකේ තීන්දු තීරණ ගන්නේද නැත .

සාමුහික වගකීමක් නොමැතිව මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ කොහොමද . එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරපු ආර්ථික වැඩපිළිවෙල මේ ජනාධිපතිවරයා හැකි සෑම අවස්ථාවකම විවේචනය කළා.කකුලෙන් ඇද්දා .යහපාලනයේ ඉතිරිය පරිහානියට ගමන් කරන අවුරුදු දෙකක් කියලයි අපට පෙනෙන්නේ .මේ දෙන්නගේ දෙපැත්තට ඇදිල්ල නිසා කිසිම ආයෝජකයෙක් ලංකාවට එන එක නෑ
මම විශ්වාස කරනවා අපට ගොඩයන්න පුළුවන් එක ක‍්‍රමයක් තියෙනවා කියල 1994 සිට මේ දක්වා රටේ ජනතාවගේ එක් අපේක්ෂාවක් වුනේ විධායක ජනාධිපති ක‍්‍රම අහෝසි කරනවා කියන එක. මේක දේශපාලන පොරොන්දුවක් .ඒවගේම අපවත්වූ මාදුළුවාවේ අපේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේගේ එක ප‍්‍රාර්ථනාවක් . මේ ජනාධිපති පුටුවේ වාඩි වුනු කිසිම කෙනෙක් ඒකෙන් නැගිටින්න උත්සහ කලේ නැ. එකේ එතරම් බලයක් තිබුනා මහින්ද රාජපක්ෂ 18 වෙනි ව්‍යවස්ථා සංශෝදනය ගෙනල්ලා 3 වෙනි පාරටත් මේ පුටුවේ ඉන්න උත්සහ කළා. නමුත් 2015 න් පස්සේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ල විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සිමා වෙලා තියෙනවා

මේ ඡුන්ද ප‍්‍රතිපල වලින් පෙන්නුම් කරන එක දෙයක් තමයි අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට විධායක ජනාධිපති පුටුවේ ඉදගැනිමට නැවත අවස්ථාවක් නොමැති බව. ඒ වගේම මහින්ද රාජපක්ෂටත් නැවත ජනාධිපති වෙන්න බැ .දැනට අවුරුදු දෙකකට කලින් මහින්ද රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂේ මන්ත‍්‍රී වරයෙකුට කියල තිබුනා බලතල බෙදාහැරීම නොමැතිව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබාගැනීමට සහයෝගය ලබාදෙන බවට ,නැවත මේ මෑතකදීත් එක්සත් ජාතික පක්ෂේ මන්ත‍්‍රී කෙනෙක් ගෙන් අහල තිබුණා ඔය ගොල්ලො විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නෙ නැද්ද කියල . අපි දන්නවා එයාගේ ප්ලැන් එක මොකක්ද කියලා ඉතිහාසය නිර්මාණය වෙලා තියෙන්නේ බෝධිසත්වයින්ගෙන් නෙවෙයි පෘතග්ජන මිනිස්සුන්ගෙන් .මහින්ද රාජපක්ෂ කියනවනම් මට නැවත වාරයක් ජනාධිපති විය නොහැකියිි අගමැති ධුරය හොදයි වගේ එකක් අපට එයාගේ අදහසත් පිළිගන්න සිදුවෙනවා.
දෙමල ජාතික සන්ධානය පවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්දයෙන් යම් එකගතාවයකට පැමිණ තිබෙනවා .ජනතා විමුක්ති පෙරමුණෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පුර්ණ සහය ලබාදෙනවා කියල ප‍්‍රකාශ කරලා තිබෙනවා .ඒවගේම 2015 ජනවාරි 8 එකතු වුනු ප‍්‍රගතිශීලි බලවේග මේ අරමුණ වෙනුවෙන් පැහැදිලි ස්ථාවරයක් දරනවා . මේ අවුරුදු දෙක ඉවර වෙන්න කලින් විධායක ජනාධිපති ක‍්‍රමය වත් අහෝසි කර ගන්න පුළුවන් වුනොත් පැහැදිලිවම එකේ ලකුණ යන්නේ අගමැතිවරයාට හා ජනාධිපතිවරයාටයි .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *