ෆොන්සේකාගේ ගමන නැවැත්වීමට මහින්දගෙන් මහා මෙහෙයුමක්

ඉදිරි කැබිනට් සංශෝධනයේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අප මීට ඉහතදී වාර්තා කළේය. මෙම තීරණය හේතුවෙන් පැවති රජය සමයේ විවිධ අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ද දැඩි සේ කලබලයට පත්ව ඇති බව වාර්තා කළ අතර එහි අලුත්ම තත්වය වන්නේ ෆොන්සේකා මහතාට අදාල අමාත්‍යංශය පැවරීම නැවැත්වීම සඳහා විශාල මෙහෙයුමක් දියත් වෙමින් පවතින බවයි.
මේ වනවිට දැඩි සේ කලබලයට පත්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලයි. සරත් ෆොන්සේකා යනු කවරෙක්ද යන්න රාජපක්ෂලා හොඳින්ම දන්නා අතර ඔහු සමග සෙල්ලම් කළ නොහැකි බව ද ඔවුන් හොඳින්ම දනී. මෙතෙක් කල් රාජපක්ෂලාට එරෙහිව නීතිමය කටයුතු දිගින් දිගටම ප්‍රමාද වූ අතර අවසානයේ එහි ප්‍රතිවිපාක අත්විඳින්නට ආණ්ඩුව නියෝජනය කරන එජාපය හා ශ්‍රීලනිපයට සිදුවිය. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා පසුගිය කාලයේදී රක්ෂිත බන්ධනාගාරගතව සිට ආපසු එළියට පැමිණියේ ‘කෝ.. හොරු ඇල්ලුවාද’යි අසමින් ආණ්ඩුවකට කෝචොක් එකක්ද දමමිනි.
මෙම පුවත නිසා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බරපතල ලෙස කබලයට පත්ව ඇති අතර ඇය සිය සැමියාට බලකරමින් කියා සිටින්නේ ඕනෑම දෙයක් සිදුකර ෆොන්සේකාට අදාල ඇමතිධූරය ලබාදීම නතර කරන ලෙසය. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නම සිරිලිය ගිණුමේ මුදල් වංචාවට මෙන්ම තජුඩීන් ඝාතන සිදුවීමට ද ගෑවී තිබෙන අතර නීතිය හරිහැටි ක්‍රියාත්මක වූයේ නම් ඇය මේ වනවිට ද සිටිය යුත්තේ වැලිකඩය.
රාජපක්ෂ පවුලට අමතරව පසුගිය රජය සමයේ රාජපක්ෂලාගේ අනීතික කටයුතුවලට සම්බන්ධ වූ රාජ්‍ය නිළධාරීන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ද කලබල වී ඇති අතර ඔවුන් සියලු දෙනාගේ සහාය ෆොන්සේකාගේ ඇමතිධූරය අහිමි කිරීම වෙනුවෙන් ලැබෙනු ඇත.
මේ වනවිට ෆොන්සේකා මහතා, රාජපක්ෂ පවුලේ ප්‍රධාන මාර්තෘකාව බවට පත්ව ඇති අතර මහින්දලා ඉදිරියේදී කිසිවකු බලාපොරාත්තු නොවන තීරණවලට පවා පැමිණීමට ඉඩ තිබේ. ඕනෑම සහයෝගයක් ලබා දී මෛත්‍රී සමග එකතුවන ලෙස ශිරන්තිගෙන් මහින්දට දිවා රෑ බලපෑම් එල්ලවෙමින් තිබෙන අතර ඉදිරියේදී එවැන්නක් සිදුවුවද පුදුම වියයුතු නැත. ෆොන්සේකා මහතාට අදාල ඇමතිධූරය ලබා නොදෙන්නේ නම් සහයෝගය ලබාදිය හැකි බව මහින්ද, විවිධ පුද්ගලයන් හරහා ජනාධිපතිවරයා වෙත දන්වා ඇති අතර ඉදිරියේදී ඔහු එම පණිවුඩය සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇත.
ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ අතර ඇති සියලු වාද-භේද, දුරස්වීම් නොසලකා අවශ්‍ය නම් නව ආණ්ඩුවක් පිහිටුවීමට පවා මහින්ද පාර්ශ්වය මේ වනවිට තීරණය කර ඇති අතර ෆොන්සේකාගේ ගමන නැවැත්විය හැකි එකම සුදුසු විකල්පය එයයි.
යම් හෙයකින් මහින්ද රාජපක්ෂලාට අනුකම්පා කර ෆොන්සේකා මහතාට අදාල අමාත්‍යධූරය ලබා නොදුනහොත් එය, ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ ඉතිරි වී ඇති විශ්වාසය ද පළුදුවීමට හේතුවක් වනු ඇත. දැන් හෝ 2015 ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ පරිදි ඝාතන, මෙගා ඩීල්, වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව හා ජනාධිපතිවරයා උත්සාහ කළ යුතුය. එසේ නොවුවහොත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ලබාදුන් සංඥාවට එහා ගොස් 2015 දී පරාජය කළ හොරුන්ම නැවතත් බලයට ගෙන ඒමට ඡන්දදායකයන් කටයුතු කරනු ඇත.

LNW

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *