ගල්යිෆොසේට් තහනම ලිහිල් කරන්න යයි

ග්ලයිෆොසේට්වලට පනවා ඇති තහනම ලිහිල් කර තේ වගාව සඳහා පමණක් ගල්යිෆොසේට් භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති ජාතික ආර්ථික සභා රැස්වමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.

ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක් විය හැකි බව පවසමින් රජය 2015 නොවැම්බර මාසයේ දී  ගල්යිෆොසේට් භාවිතය තහනම් කළේය.  ගල්යිෆොසේට් තහනම තේ අස්වැන්න අඩුවීමට ප්‍රභල ලෙස බලපා ඇති බැවින් තේ වගාවට පමණක් ගල්යිෆෝසේට් රසායනිකය භාවිතයට අවසර දෙන්නැයි තේවගා කරුවන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *