ජනතාව රැවටීමට දේශපාලකයින් වසන් කරන ව්‍යවස්ථාවෙි යථාර්ථය – නීතිඥ ඩැෆ්නි පීරිස් විස්සුන්දර එල් එල් එමි (කොළඹ විශ්ව විද්‍යාලය)– එල් එල් බී (කොළඹ විශ්ව විද්‍යාලය)

පෙබරවාරි මස 10වන දින පැවති පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමෙි ප‍්‍රථිපල නිකුත් විමත් සමග රටතුල දේශපාලන ඉදිරි ගමන සමිබන්ධව ජුගුප්සාජනක තත්ත්වයක් ඇති වි තිබෙි. දැනට පවතින ආණ්ඩුවෙි අනාගතය සමිබන්ධව සැම දෙනා තුලම කුකුසක් ඇතිවි ඇත
ඔයට ප‍්‍රදාන වශයෙන්ම බලපා ඇත්තේ පළාත් පාලන ආයතන වැඩි බහුතරයක වැඩි ආසන සංඛයාවක් ලබා ගැනිමට ජී එල් පීරිස් මහතා සබාපතිකත්වය දරණ හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමිවන ලද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබීමයි
මෙම ඡන්ද ප‍්‍රතිඵලය අනුව මහජනතාව විසින් වර්තමාන යහපාලන රජයට දෙන ලද ජනවරම දැන් ආපසු හරවා ඇතැයි යන්න හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණහි ප‍්‍රබලයන් උත්සාහ දැරුවද තවමත් බහුතරයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආගමනය ප‍්‍රතික්ෂේප කරන බව පහත ප‍්‍රතිඵල සමිපිණ්ඩනය අනුව පැහැදිලි වෙි
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 44.65‍්‍ර
එක්සත් ජාතික පක්ෂය – 32.63‍්‍ර
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය – 4.49‍්‍ර
එක්සත් ජනතා නිදහස් සංධානය – 8.94‍්‍ර
ජනතා විමුක්ති පෙරමුණ – 6.27‍්‍ර
අනෙකුත් පක්ෂ 3.02‍්‍ර

කසේවෙතත් ප‍්‍රජාතාන්ත‍්‍රවාදි ආණුඩුවක කේවල ඡුන්ද ක‍්‍රමයේදී සලකා බැලෙනුයේ රටෙහි ජන්ද ප‍්‍රතිශතයෙන් ලබාගත් ප‍්‍රතිශතය නොව වැඩිම ආසන සංඛ්‍යාව හිමිවූයේ කවර පක්ෂය හෝ පුද්ගල කණ්ඩායමද යන්න බැවින කේවල සහ සමානුපාතික සමිමිශ‍්‍රණයකින් පවත්වන ලද මෙම පළාත්පාලන ආයතන ඡුන්ද ප‍්‍රතිඵලය ගැන ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුන මහත් උද්දාමයකින් කටයුතු කිරිම විශ්මයට පත්විය යුතු කාරණයක් නොවෙි
සාමාන්‍ය තත්ත්වයන් යටතේ රටක පළාත් පාලන ආයතන ඡුන්ද විමසීමක (පුංචි ඡුන්දයේ* ප‍්‍රථිපලයක් රටක මධ්‍යම ආණ්ඩුවෙි පාලන බලය කෙරෙහි බලපෑමක් ඇති නොකල යුත්තේ වුවද අද ඇතිවී තිබෙන තත්ත්වය පහත දැක්වෙන හේතු මත ඇතිවි ඇති බවට අනුමාන කළ හැකිය.
 පවතින ජාතික ආණ්ඩුවෙි පාර්ශ්වයන් එකිනෙකාට විරුද්ධ මැතිවරණ වෙිදිකාවන්හි තරඟ කරමින් එකිනෙකාට චෝදනා කරමින් ඡුන්ද ව්‍යාපාරය ගෙනයාම නිසා තවදුරටත් ඔවුන්ට සහජීවනයෙන් මෙම ජාතික ආණ්ඩුව තුල එකට කටයුතු කිරීමෙි නොහැතියාවක් පැණ නැගීම

 පවතින ආණ්ඩුවෙි කැබිනට ඇමතිවරුන්ගේ සාමූහික වගකීම ඉතාමත් බරපතල ලෙස උල්ලංඝණය වන ආකාරයට ඇමතිවරුන් ප‍්‍රසිද්ධ වෙිදිකාවල මත සහ ප‍්‍රකාශ පල කිරිම

 සාමාන්‍ය වශයෙන් ජනාධිපත්වරයා පක්ෂග‍්‍රාහි නොවන :බැමඑර්ක* කාර්යභාරයක් කළ යුතුව තිබුයේ වුවද ඔහු විසින් රටෙි ප‍්‍රබල දේශපාලන පක්ෂයක සභාපති ධුරයක් භාර ගැනිම නිසා සහ එම පක්ෂය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමෙි නියමුකම සියතට ගැනිම මගින් ඔහු නියෝජනය කරන ලද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය ලද ප‍්‍රතිලය ජනාධිපතිවරයාගේ ජනප‍්‍රියභාවයේ මිණුම් දණ්ඩක් වශයෙන් අර්ථ නිරූපණය කිරිමට ජනතාව පෙළඹීම

 ජනාධිපති වරයා යටතේ සහ ඹහුගේ පක්ෂ වල ඇමතිවරුන්ගේ අමාත්‍යංශ වල සමහර ක‍්‍රියාකාරකමි- උදා පොහොර නිසිකලට නොලැබීම- අල්ලස් කොමිසමෙි උසස් නිලධාරින්ට පරිභව කොට බිය නැති නිලධාරින් ව එම නිලවලින් ඉවත්වන තරමට අපහාස කර ඉල්ලා අස්විමට පෙලඹවිම- රජය ඉටුකල යහපත් වැඩ පිලිබද මැතිවරනයේදි ජනතාවට ඒත්තු ගැන්විමකින් තොරව සහ කැබිනටි මන්ඩලයේ සාමුහික වගකීම අමතක කොට බලයේ පවතින ආණ්ඩු පක්ෂය අයථා පරිචයන්ට යොමුවූ බව හැගෙවෙන පරිදි ප‍්‍රකාශ කිරිීම සහ කොමිසන් වාරථා වල ඇති කරුනු පක්ෂග‍්‍රාහිකව වසන් කිරීම යන කරුණුද මෙි සදහා බලපා ඇති බව විවිධ මත පළ කොට ඇත
ඒ අනුව ආණ්ඩු බලය කවර ඉරණමකට යටත් වන්නේද යන්න සමිබන්ධව මෙි සමිබන්ධව දැනට පවතින නිතිමය විධිවිධාන අනුව සලකා බැලිය යුතුය
පාර්ලිමෙින්තු මන්ත‍්‍රිවරුන්ගේ ධුරය සමිබන්ධව මෙමගින් කිසිදු බලපෑමක් ඇති නොකරන බැවින් මෙම ලිපිය මගින් රටෙි පවතින දේශපාලන වාතාවරණය අගමැතිවරයා සහ කැබිනටි මණ්ඩලය වෙත ඇතිවිය හැකි සහ ඇති කල හැකි බලපැම සමිබන්ධව විමසා බැලේ
විධායකය සහ කැබිනටි මණ්ඩලයට අදාල ව්‍යවස්ථාපිත විධිවිධාන ශී‍්‍ර ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙි ඪෂෂෂ වන පරිචිඡේදයේ දක්වා ඇති අතර මෙම පරිචිඡේදය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පණතේ 9 වන ඡේදය මගින් නව විවිධාන ආදේශ කිරිමක් සිදු කොට ඇති අතර ඒ අනුව කලින් පැවති ව්‍යවස්ථාමය විධිවිධානයන් ඉතාමත් බැ?රුමි වෙනසකට යොමු කොට ඇත
විධායකය සහ අමාත්‍ය මණ්ඩලය
42(1* වන්‍වස්ථාව අනුව ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් සතු වෙි
විධායකයේ සංයුතිය
30 (1* වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානියා ද විධායකයේ ප‍්‍රධානයා ද ආණ්ඩුවේ ප‍්‍රධානියා වන අතර 42(3* ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද වන්නේ ය
අග‍්‍රාමාත්‍යවරයා පත් කිරිම ජනාධිපතිවරයා විසින් සිදු කරන අතර 42(4* ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.
ආණුඩුව තුල තිබිය යුතු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද ජනාධිපතිවරයා විසින් නිශ්චය කළ යුතු අතර 43(1* ව්‍යවස්ථාව අනුව අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිෆ අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසිය යුතු බවට දක්වා ඇත
කෙසේවෙතත් එලෙස අග‍්‍රාමාත්‍යවරයා පත් කිරීමෙන් පසු සහ අමාත්‍යංශ සංඛ්‍යාව නිශ්වය කිරීමෙන් පසුව එකී අමාත්‍යාංශ භාරව කටයුතු කිරිම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කිරීමෙිදි ජනාධිපත්වරයාගේ බලතල වලට යමි සිමාවක් 19 වන ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැනවි ඇති අතර එවැනි අවස්ථාවක අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතෆ කටයුතු කල යුතු බව වන්‍වස්ථාවෙි ප‍්‍රකාශිතව දක්වා ඇත
අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද ජනාධිපත්වරයා විසින් කරනු ලැබිය හැකි බව 43(3) මගින් දක්වා ඇතද එවැනි වෙනස් කිරිමක් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට බල නොපාන බව දක්වා ඇත.
45. (1)ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ට ඔවුන්ගේ කාර්ය ඉටු කිරීමෙහි ලා සහාය වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයන් අතුරෙන් නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිමෙි බලතල ජනාධිපතිවරයා සතු වෙතත්, ඒ සදහාද අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතෆකටයුතු කල යුතු බව ව්‍යවස්ථාවෙි දැක්වෙි
ෆ ව්‍යවස්ථාවෙි එක් එක් අවස්ථාවෙි භාවිතා කර ඇති පදවල වෙනස අනුව අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමෙිදි අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිෆ අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසිය යුතු යයි දක්වා ඇතද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමෙිදි සහ නියෝජ්‍ය අමාත්‍යවරයන් පත් කරනු ලැබිමෙි බලතල ජනාධිපතිවරයා සතු වෙතත්, ඒ සදහාද අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතෆකටයුතු කල යුතු බව ව්‍යවස්ථාව පැහැදිලිව දක්වයි
අග‍්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ ධුර කාලය බලතල සහ වගකීමි
ධුර කාලය
1 අග‍්‍රාමාත්‍යවරයා
46 (2)වන්‍වස්ථාව අනුව අග‍්‍රාමාත්‍යවරයා
(අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු නොවවුහොත්: හෝ මිස, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේ ය.
මෙම තත්ත්වය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සමග සසදා බැලිය යුතු අතර සංගෝධනයට පෙර ”ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින්, ඉවත් කරනු ලැබුවහොත්”; යන තත්ත්වය ඇතලත්ව තිබුනද සංශෝධනයෙන් පසු එය ඉවත් කොට ඇති බැවින් තවදුරටත් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමෙි බලය ජනාධිපතිවරයා සතු නොවෙි
වසර හතර හමාරක් යනතුරු පාර්ලිමෙන්තුවද විසුරුවිය නොහැක
්ග2 අමාත්‍ය මණ්ඩලය
46 (3)ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්
(අ)අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මගින්, ඉවත් කරනු ලැබුවහොත්; හෝ
(ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත්; හෝ
(ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයකු නොවුවහොත් හෝ,
මිස, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒතාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය.
ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඉවත් කිරීමෙි බලතල තවදුරටත් ජනාධිපතිවරයා සතු වන නමුත් එහිදි වන්‍ස්ථාවට ඇතුලත් කොට ඇති අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත” යන වාක්‍ය ඛණ්ඩය මගින් එකි බලතලවලට පැහැදිලි සිමාවක් පනවා ඇත
මෙයින් ජනාධිපති වරයාගේ බලතල අත්සනට පමනක් සීමාකර ඇති බවට යමි අයකුට තර්ක කිරීමට හැකියාවක් ඇත
ඊ අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම
47 (1)ව්‍යවස්ථාව අනුව ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ද අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෝ ද 46 වන ව්‍යවස්ථාවේ (2) වන අනු ව්‍යවස්ථාවේ (අ) ෙඡ්දයේ සහ (3) වන අනු ව්‍යවස්ථාවේ (අ) ෙඡ්දයේ හෝ (ආ) ෙඡ්දයේ විධිවිධාන සලසා ඇති පරිදි ධූර දැරීම නතර වුවහොත් මිස, දිගටම කටයුතු කල යුතුව ඇති අතර එය පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන තෙක් සහ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුව ද, මහ මැතිවරණය අවසාන වන තෙක්ද එසේ ක‍්‍රියා කල යුතු බව දක්වා ඇත.
ජනාධිපතිවරයාට ආණ්ඩුව වෙනස් කල හැකිද?
අග‍්‍රාමාත්‍යවරයා පත් කිරිමෙන් පසු 46(2) ව්‍යවස්තාවෙි දැක්වෙන තත්ත්වයන් යටතේ මිස අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරිමක් සිදු කල නොහැකි බව ඉහත දි පැහැදිලි කරන ලදි. එසේනමි වෙනත් කණ්ඩායමි එකතු කොට ආණ්ඩුවක් පිහිටවිමට සහාය පළ කිරීමට ජනාධ්පතිවරයාට හැකිද යන ප‍්‍රශ්ණයට පිළිතුරු ලෙස හමුවන ව්‍යවස්ථාමය විධිවිධානය වනුයේ 46(5* අනු ව්‍යවස්ථාවයි. එය පහත පරිදි වෙි
46(5) (4) වන අනු ව්‍යවස්ථාවේ කාර්යය සඳහා ජාතික ආණ්ඩුවක් යනු, පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේ ය.
ඒ අනුව ජාතික ආණ්ඩුවක් පිහිටවිම සදහා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සමග එකතු විය යුතු අතර ඔවුන් අතහැර අනෙකුත් පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායමි එකතුවකින් එසේ කිරිමට ව්‍යවස්ථාව ඉඩ නොසලසයි
එකි කරුණු අනුව අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරිමට ජනාධිපතිවරයාට බලතල නොමැති නමි පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම අතහැර අනෙකුත් කණ්ඩායමි එකතුවකින් ආන්ඩු පිහිටවිමට ඉල්ලා සිටිමට නොහැකි නමි ඒකාබද්ධ විපක්ෂය විසින් සහ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැමි මන්ත‍්‍රිවරුන් (අමාත්‍ය ධුර දරණ සාමාජිකයන්ද ඒ අතර වෙි* කරන ප‍්‍රකාශ හාස්‍ය ජනක වෙි
මෙි අනුව අඩු ආසන සංඛ්‍යාවක් තිබුනද සුලුතර ආංඩුව පවත්වා ගෙන යා හැකි අතර එසේ කල හැකි වන්නේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගෙන ඇති පක්ෂයට හෝ පුද්ගල කණ්ඩායමට පමණි

දැනටමත් ජනාධිපති වරයාට සමිබන්ද පක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග ඇති ගිවිසුම දීර්ඝ කිරීමක් නොමැති නිසා සහ එසේ කිරීමට එකග නොවන බව යමිය මි මත පළ කොට ඇති තත්ත්වයක ඔවුන් පොදුව ආන්ඩු කිරීමෙි සංකල්පය තවදුරටත් නොපවතින අතර අගමැති වරයාට ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කොට එම ඇමති වරු ඉවත් කළ හැකි අතර මුලු කැබිනටි මන්ඩලයම අකර්මන්‍ය කළ යුතු නොවන අතර ජාතික ආන්ඩු සංකල්පයක් ඇතිව හෝ නැතිව රජය ගෙන යා හැකිය අවශ්‍ය නමි මෙම අගමැතිවරයාට ඹහුගේ කැමැත්තට අනුව වෙනත් කූඩා පක්ෂ සමග සන්ධාන විය හැක.
ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව මෙි අවස්ථාවෙිදී ජනාධිපතිවරයාගේ වගකීම වනුයේ ජනතාව සැක සංකා සහිත තත්ත්වයකට පත් නොකොට රට අස්ථාවර විමට ඉඩ නොදි අග‍්‍රාමාත්‍යවරයාට සහාය පළ කිරීමයි

පාර්ලිමෙින්තුවෙි ධුර කාලය නිමවිමට ප‍්‍රථමව පාර්ලිමෙින්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා වෙත ඇති බලය 70 ව්‍යවස්ථාවට 19 වන සංශෝධනය මගින් කර ඇති වෙනස මගින් එනමි පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත‍්‍රීවරයන් ද ඇතුලූව මුළු මන්ත‍්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුත්තේ ය. යන වචන මගින් පැහැදිලි සිමාවකට යටත් කොට ඇති බැවින් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය විසින් කරන ලද පරිදි මෙම පාර්ලිමෙින්තුව විසුරුවා හැරීමෙි ජනාධිපතිවරයාගේ බලය ඉහත කි පරිදි සිමා කොට ඇත
48:(1) වගන්තියට අනුවද මුල් වසර හතර හමාර තුල අමාත්‍ය මන්ඩල විසිරීමක් වනුයේ අගමැතිවරයා ඉවත්වීම හෝ මියයෑම මත පමනි
48(2) ට අනුව ආන්ඩුවෙි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ විසර්ජන කෙටුමි පත් හා විශ්වාශ භංගයකින් හැර අමාත්‍ය මන්ඩලය විසිරවිය නොහැක
එබැවින වෙනත් පක්ෂ එකතුවකින් පාර්ලිමෙින්තුවෙි වැඩි බලයක් පෙන්වුවද එය විසිර විය නොහැක අයවැයක් හෝ විසර්ජන කෙටුම්ිපතක් එනතුරු සිටිය යුතය
මෙම වසරේ අය වැය සමිමත විී ඇත
17 ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තියට දී ඇති 17(1) සංශෝධනය මගින පවතින ආන්ඩුව විසිරවීම වසර හතර හමාරකට පෙර කළ නොහැකි බවට සීමා දමා ඇත
එසේ විසිර විමට ජනාධිපත්වරයාගෙන් ඉල්ලීමක් නොපැමිනි මන්ත‍්‍රින් සමග තුනෙන් දෙකක් විසින් කල යුතුය
ව්‍යවස්ථාමය විධිවිධාන එසේ නමි මෙම තෙපර බෑම කවර අරමුණක් සදහාද?

ජනතාවෙනි මෙි ඔබෙි විනිශ්චයටයි

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *