ජෝන්ට මනාප වැඩි කරගන්නට කාටහරි පිහියෙන් අනින්ට හිතිලා

Jhon 1රත්නපුර දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟකර පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා, තමාට වඩා මනාප ගැනීම පිළිබඳව කෝපයට පත් ජොන් සෙනෙවිරත්න “මටත් හිතෙනවා මොකෙකුට හරි පිහියෙන් අනින්නට” යැයි පැවසූ බව රත්නපුරයෙන් වාර්තාවේ. ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව මත චොකා රිමාන්ඞ් බන්ධනාගාර ගතකර ඇත. මැරයෙකු ලෙස ප්‍රකට ප්‍රේමලාල් ගුණසේකර හෙවත් චොකා මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වී සිටින්නේ මනාප 154,988ක් ලබාගෙන ය. ආසන්න දෙවැනියා හෝ වීමට නොහැකිව මනාප 90,472ක් ලබාගත් ජෝන් සෙනෙවිරත්න ගියවර සන්ධානයෙන් වැඩිම මනාප ලාභියා වේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයකු මෙන්ම උප සභාපතිවරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *