අගමැති වෙන්න යන කතා බොරු – කරු ජයසුරිය කියයි

තමන් අගමැති ධුරය භාරගැනීමට යන බව කියන මාධ්‍ය වාර්තා තමාට අපහාසයක් බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කොට ඇත .එවැනි කිසිදු අදහසක් නැති බවත් , තමා අගමැති ධුරය භාරගන්නේ නම් එය සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණයකින් පමණක් බවත් ජයසුරිය මහතා කියයි . තම කිසිවිටක පක්ෂ නායකත්වයට හෝ පක්ෂයට ද්‍රෝහී නොවන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *