“රනිල් අගමැති, ආණ්ඩුව තවදුරටත්, කැබිනට් සංශෝධනයක් අත ළඟ”

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (පෙබ. 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

අද ප්‍රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා රාජිත සේනාරත්න එක්වුණ ද, අනෙක් සම කැබිනට් ප්‍රකාශකයාවන දයාසිරි ජයසේකර සහභාගී නොවීය.

එහිදී තත්ත්වය පැහැදිලි කළ අමාත්‍ය සේනාරත්න, රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරන අතර කැබිනට් සංශෝධනයක් නුදුරේම සිදුවන බව ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, බීබීසී සිංහල සේවයට කරුණු පැහැදිලි කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු පැවසුවේ තවමත් එකඟතාවකට පැමිණ නැති බවකි. ඒ අනුව තවමත් අවසන් තීරණයකට එළැඹ නැති බව ඔහු කියා සිටියේය.

bbc

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *