මේ රටේ දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීම

ජනවාරි 8වෙනිදා මහින්ද රාජපක්ෂව පරිජය කිරීම පමණක් නොවෙයි මේ රටේ බහුතර ජනතාවක් කළේ ඔහුගේ ආණ්ඩුවත්, පරාජයට පත් කිරීම ය. එහි මූලික අරමුණ Prof.-Sarath-Wijesuriyaතමයි මේ රටේ දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීම. ජාතිවාදය අවුස්සමින් ජාතික සංහිඳියාවට සියළු මංපෙත් අහුරමින් ආගමික සංහිඳියාවට මංපෙත් අහුරමින් මහින්ද රාජපක්ෂ මේ රට රගෙන ගිය අත වෙනස් කළයුතු යැයි යන්න නීතිගරුක පුර වැසියෝ මේ රටේ කල්පනා කළේ. ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා ගැඹුරින් තේරුම් ගන්නට ඕනේ මේ රටේ ජන විඤ්ඤාණ ය. එතුමා තමයි ඉතා හොඳින් දැනගෙන හිටියේ මහින්ද රාජපක්ෂ මොනතරම් දුර්දාන්ත පාලනයක් ද මේ රටේ ගෙන ගියේ කියලා. ඔහු පැහැදිළිව ප්‍රසිද්ධ වේදිකාවේ පැවසුවේ මහින්ද දිණුවොත් පොළෙවෙන් අඩි 6ක් යට තමයි ඔහුගේ ඉරනම විසඳෙන්නේ. ඔහු දැන් කල්පනා කළ යුතුයි මහින්ද රාජපක්ෂට දේශපාලන භූමිකාවක් නිර්මාන්‍\ණය කිරීමට යම් අනුග්‍රහයක් ලබා දැනහොත් 63න් ලක්ෂයක් මේ රටේ ජනතාව පෙළොවෙන් අඩි 6ක් යටට තල්ලූ කරන ඛේදනීය ඉරණමකට තමයි මංපෙත් විවර කරන්නේ. ඔහු මොන ආකාරයේ තීරණයක් ගත්තත් අපගේ විශ්වාසය අනුව ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව අභිමුව දුන් ප්‍රතිඥාවන් පළුදු කරන්නේ නැහැ කියලා ඒ වගේම මහින්ද රාජපක්ෂ දූෂිත දේශපාලනඥයින් පිරිසක් සමග යළි මේ රට පාලනය කිරීමට කල්පනා කරනවා නම් නීති ගරුක පුරවැසියන් ලෙෂ ඔහුව මැතිවරණයෙන් පරුද කිරීමට අපි දිවි හිමියෙන් කැප විය යුත ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *