මෙතැනින් තොතැනටද ? – භාතිය බරුකන්ද

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මගින් නිකුත් කළ දේශපාලන සංඥාවක ගැන ගැඹුරු දේශපාලන විග‍්‍රහයක් සිදුවනු වෙනුවට මාධ්‍ය අවකාශයෙන් වැඩි ඉඩක් ඊනියා පොහොට්ටු කල්ලියේ විතණ්ඩවාදී තර්කය සනාථ කිරීම සඳහා අවභාවිත වන පටු ආකාරයක් ඉතාම පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිව තිබේ. අපට මෙම තත්ත්වය සැලකිය හැක්කේ රාජපක්ෂ කල්ලිය 2005 වසරේ සිට අඛණ්ඩව කරගෙන ආ ගොබෙල්වාදී ප‍්‍රචාරණයේ දිගුවක් සේම රාජපක්ෂ කල්ලිය විසින් අඛණ්ඩව අභ්‍යාස කරමින් සිටින ‘‘කබරගොයි – තලගොයි න්‍යායේ’ තවත් දිගුවක් ලෙසය.
සංඛ්‍යා ලේඛන මගින් කියන කතාව
මෙම පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දුන් පොහොට්ටු පක්ෂය ජයග‍්‍රහණයක් නොව විජයග‍්‍රහණයක් ලබා ගෙන ඇතැයි කියමින් සැබෑ ජනමතය දැඩි විකෘතියකට ලක් කිරීමට රාජපක්ෂ කල්ලිය ඉතා සටකපට ලෙස වෑයම් කරමින් සිටින බව අපට පහසුවෙන් හඳුනා ගත හැකිය. පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් ඉතාමත් සාවද්‍ය හා විතණ්ඩවාදී අදහස් ඉදිරිපත් කරන මෙම කල්ලිය ජනතාව හමුවේ අවධාරණය කිරීමට තැත් කරමින් සිටින්නේ මෙම පළාත් පාලන මැතිවරණයෙන් 2015 ජනවාරි 08 සහ 2015 අගෝස්තු 17 ජනවරම නිශේධනය වී ඇති බවයි. එහෙත් මෙය සංඛ්‍යාත්මකව සේම දේශපාලනිකව ද ඉතාමත් හාස්‍යජනක සේම සාවද්‍ය තර්කයක් සේ පෙනී යන්නේ පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵල නිරීක්ෂණය කරන විටයි. එනිසා ‘‘මහින්දට විශිෂ්ට ජයක් ’’ යැයි සාවද්‍ය සිරස්තල යොදමින් සැබෑ ජනමතය හිතාමතා වසන් කිරීමට තැත් කරන ඇතැම් මාධ්‍ය විසින් වසං කරන සත්‍ය තත්ත්වය අප ප‍්‍රථමයෙන්ම නිරාවරණය කරගත යුතුයි. ඒ සඳහා මැතිවරණ ප‍්‍රතිඵල සේම දේශපාලන පක්ෂ මැතිවරණය ඉදිරිපත් වූ ආකාරයද අපගේ පූර්ව විමසුමට ලක්විය යුතුයි.
මෙම පළාත් පාලන මැතිවරණ ආරම්භයේදීම අපට දැකගත හැකි වූයේ 2015 ජනවාරි 08 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ‘‘හංසයා’’ ලකුණ යටතේ එක්සත්ව මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ තම දේශපාලන අනන්‍යතාව අනුව වෙන වෙනම මැතිවරණයට ඉදිරිපත් වූ බවයි. ඒ අනුව යහපාලන බලවේගයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වූ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සේම ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය ඇතුළු තවත් පක්ෂ ගණනාවක් තම පක්ෂ අනන්‍යතාව යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුණා. උදාහරණයක් ලෙස යහපාලන ආණ්ඩුව පිහිටුවීම සඳහා ප‍්‍රමුඛ වැඩකොටසක් කළ මනෝ ගනේෂන් මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශය සඳහා ‘‘එක්සත් ප‍්‍රගතිශීලී සන්ධානය’’ යටතේ තරඟ කරමින් ඡුන්ද 27168 ක් (මන්ත‍්‍රීධූර 10 ක්* ලබා ගත්තා. මෙවැනි තත්ත්වයක් අපට උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවලින් ද දැකගත හැකි වුණා.
යහපාලන බලවේග මෙම මැතිවරණයේදී තම පක්ෂ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් තනිව තරඟ කළත් මේ සියලූ දේශපාලන බලවේග තමන්ගේ ‘‘පොදු හතුරා’’ වශයෙන් පොහොට්ටු පක්ෂය සැලකූ අතර පොහොට්ටුවට මුවා වී යළි බලය අල්ලා ගැනීමට කල්යල් බලන රාජපක්ෂ කල්ලියට ඒ සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදිය යුතුය යන ස්ථිරසාර ප‍්‍රතිපත්තිය තුළ ඔවුන් සිටියා. එමෙන්ම ¥ෂණය, භීෂණය, වර්ගවාදය කේන්ද්‍රකොට ගත් පරාජිත රෙජිමයට එරෙහිව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියා. එය ජනතා විමුක්ති පෙරමුණට සේම දමිළ ජාතික සන්ධානයටත් පොදු කරුණක් වුණා. ඒ අනුව අපට ඉතාම පැහැදිලිව පැමිණිය හැකි නිගයමන වන්නේ පළාත් පාලන මැතිවරණය සඳහා වෙන වෙනම ඉදිරිපත් වූ යහපාලන බලවේගවල තනි තනි ඡුන්ද අවසානයේ පොදුවේ පොහොට්ටුවට/ මහින්ද රාජපක්ෂ පාලනය යළි ඔසවා තැබීමට එරෙහිව ඍජුව ජනතාවගේ අදහස ප‍්‍රකාශ කිරීමක් වශයෙන් ගත යුතු බවයි. ඒ අනුව අද ඇතැම් මාධ්‍ය විසින් සේම සුපුරුදු චේතිය පිළිවෙත අනුව යමින් මහත් උත්කර්ෂයට නංවමින් සිටින මහින්දගේ විශිෂ්ට ජයග‍්‍රහණයේ සැබෑ අගය වන්නේ සියයට 44.65කි. එක්සත් ජාතික පක්ෂය ( සියයට 32.63* ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය 13.38* ජනතා විමුක්ති පෙරමුණ (සියයට 6.27* දමිළ ජාතික සන්ධානය (සියයට 3.07* යන යහපාලන බලවේගයේ ප‍්‍රමුඛ පක්ෂ විසින් මෙම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ යළි ඔසවා තැබීමට එරෙහිව ජන මතයෙන් සියයට 55.35 ක් වැනි අති බහුතර අගයක් නියෝජනය කිරීම මෙම මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵල මගින් අපට පැහැදිලිව හඳුනාගත හැකිය.
මේ සමස්ත ප‍්‍රතිඵලය අප 2015 ජනාධිපතිවරණය සඳහා යළි ගළපා ගන්නේ නම් ඇතිවන තත්ත්වය කුමක්ද ? මෙම පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් වූවා නම් ඇතිවන තත්ත්වය කුමක්ද ? මහින්ද රාජපක්ෂ විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගත් බවද ? නොඑසේනම් මහින්දට අන්ත පරාජයක් උරුම වූ බව ද ? සියයට 55.35ට වඩා සියයට 44.65 ක අවම අගය විශාල බවද ?
මේ ප‍්‍රතිඵල අපි මහ මැතිවරණයක් හා ගළපා ගන්නේ නම් අපට මහින්ද රාජපක්ෂට උරුමවූ පරාජිත තත්තවය තව දුරටත් තහවුරු කරගත හැකිය.
වැඩි ආසන සංඛ්‍යාව මහින්දට එරෙහිවයි
පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 239ක බලයක් දිනාගත් (මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 340කි* දිනාගත් පොහොට්ටු පක්ෂය දිනාගත් මුළු සභික සංඛාව වන්නේ 3369කි. ඉහත සඳහන් කළ පරිදි මහින්ද රාජපක්ෂ යළි ඔසවා තැබීමට එරෙහිව කොන්දේසි විරහිතව පෙනී සිටි එජාපය, ශ‍්‍රීලනිපය, ජවිපෙ හා දමිළ ජාතික සන්ධානය විසින් පමණක් දිනාගත් මුළු සභික සංඛ්‍යාව 4255 කි. මේ තත්ත්වය අපට මහ මැතිවරණයක් හා ගළපා ගන්නේ නම් ලැබෙන චිත‍්‍රය වන්නේ ආසන 886කින් මහින්ද රාජපක්ෂ පරාජයට පත්ව ඇති බවකි.
මේ සමග අපට තවත් වැදගත් කරුණක් ද අවධාරණය කිරීමට සිදුවේ. එනම් මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂය විසින් දිනාගත් බව කියන පළාත් පාලන ආයතන 239න් බහුතරයක ඔවුන්ට බහුතර බලයක් නොමැති තත්ත්වයක් ද පවතින බවයි. ඒ උදාහරණයක් ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල මහ නගර සභාව ජයග‍්‍රහණය කළ ද ඔවුන්ට හිමිව ඇත්තේ එහි සමස්ත සභික සංඛ්‍යාව වන 21න් සභික ධූර 08ක් පමණි. කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව තුළ ද පවතින තත්ත්වය වන්නේ මෙයයි. කුරුණෑගල ප‍්‍රාදේශීය සභාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජයග‍්‍රහණය කළ බව ප‍්‍රකාශ වුව ද එහි සමස්ත සභික ධූර සංඛ්‍යාව වන 44න් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත්තේ සභික ධූර 22ක බලය පමණකි. එජාපය, ශ‍්‍රීලනිපය හා ජවිපෙට පොදුවේ බහුතර බලය හිමි පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක් රටපුරාම පවතින හෙයින් පොහොට්ටුව විසින් විජයග‍්‍රහණය කළා යැයි කියන පළාත් පාලන මැතිවරණයෙන් පසුව බලය පිහිටුවීමේදී එම විජයග‍්‍රහණයේ සැබෑ තත්ත්වය අපට දැකගත හැකි වනු ඇත.
මේ තත්ත්වය තුළ අපට ලැබෙන දේශපාලන සංඥාව වන්නේ කුමක්ද ? ඉතාම පැහැදිලිව මහින්ද රාජපක්ෂ යළි ඔසවා තැබීම මෙම යහපාලන බලවේග විසින් ඉතාමත් පැහැදිලි බහුතරයකින් ප‍්‍රතික්ෂේප කොට ඇති බවයි. මෙවැනි පරාජිත තත්ත්වයක සිිටින මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට පොහොට්ටු කල්ලිය හා රාජපක්ෂවාදී ජනමාධ්‍ය ජනතාව පොළඹවමින් සිටීම අපට සැලකිය හැක්කේ ජනමතය විකෘති කරමින් සිදු කරන අන්ත ෆැසිස්ට්වාදී ව්‍යාපෘතියක් වශයෙන් මිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයක් වශයෙන් නොවේ. මන්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුව ජයග‍්‍රාහකය බහුතරය මිස සුළුතරය නොවන නිසාවෙනි.
එනිසා අප ඊනියා පොහොට්ටු කල්ලියට අවධාරණය කරන්නේ 2018 ජනවාරි 08 වැනිදා මෙරට 62 ලක්ෂයක් ජනතාව විසින් තීරණාත්මකව පරාජයට පත්කළ මහින්ද රාජපක්ෂ රෙජිමයේ පාලනය යළිත් 2015 අගෝස්තු 17 වැනිදා ද පරාජයට පත් කළා සේ 2018 පෙබරවාරි 10 වැනිදා ද මහින්ද රාජපක්ෂ යළි මෙරට පාලන බලය අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහය මෙරට ජනතාව විසින් යළිත් තීරණාත්මකව පරාජයට පත් කර ඇති බවයි. මන්ද යම් ආකාරයකින් මෙම මැතිවරණය මහින්ද රාජපක්ෂ ගැන ජනමත විචාරණයක් බවට පත්වූවා නම් ඔහුට එරෙහිව මෙරට ජනතාවගෙන් සියයට 55කට අධික පිරිසක් තම ඡුන්දය ප‍්‍රකාශ කර ඇති බවයි.
යළි බෙදී වෙන් වී ගිය හැටි
පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී අපට මහින්ද රාජපක්ෂ යළි ඔසවා තැබීමට පෙරට සමස්ත ජනතාව (දකුණේ සිංහල බෞද්ධ බහුතරය නොවේ* දක්වන දැඩි අකමැත්ත සේම දකුණේ සිංහල බෞද්ධ ජනතාව තව දුරටත් ගිලී සිටින ගොහොරුවේ තරම ද මනාව වටහා ගැනීමට අපට පහසු අවස්ථාවක් නිර්මාණය කර දෙනවා.
පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මගින් අපට ප‍්‍රථමයෙන්ම ලබා දෙන පහසු සංඥාව වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් මෙරට සමස්ත ජනතාවගේ පොදු අනුමැතිය ලබා ගැනීමට හැකියාවක් නොපවතින බවයි. ඒ තත්ත්වය මනාව පැහැදිලි වන්නේ මෙරට දමිළ හා මුස්ලිම් ජනතාව බහුතරයක් ජීවත් වන සියලූම පළාත් පාලන ආයතන (උතුරු සහ නැගෙනහිර* මෙන්ම පළාත් පාලන මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය කෙරෙහි බලපෑමක් කිරීමට සුළුජාතීන්ට හා සුළු ආගමිකයින්ට ආගමිකයින්ට (කතෝලික වැනි* හැකියාවක් ලැබෙන සෑම පළාත් පාලන ආයතනයකින්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව තීරණාත්මකව පරාජයට පත්ව ඇති බවයි. (කොළඹ මහ නගර සභාව, මීගමුව මහ නගර සභාව, මාවනැල්ල වැනි *
මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතා 2015 දී සිටි සමස්ත ජනතාවගේ පොදු අනුමැතිය හිමි නොවන හුදකලා තත්ත්වයේ තව දුරටත් රැුඳී සිටින ආකාරයක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. මේ හුදකලා තත්ත්වය රාජපක්ෂ මහතාට 2015දී තීරණාත්මක වූවා සේම 2018දී ද අතිෂයින් තීරණාත්මක වී ඇති අතර 2020 ජනාධිපතිවරණයේදී සේම මහ මැතිවරණයේදී ද තීරණාත්මක පරාජයකට හිමිකම් කීමට පහසු වාතාවරණයක් නිර්මාණය කළ හැකියි. මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් ‘‘දකුණේ සිංහල බෞද්ධ බහුතරයේ නායකයා’’ වීමෙන් ඔබ්බට ගොස් ‘‘මුළු ජනතාවගේම නායකයා’’ බවට පත්වීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු හැකියාවක් නොමැති බව මෙම පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මගින් ඉතාම පැහැදිලිව ආකාරයෙන් පෙන්නුම් කරන බව අප විසින් වටහා ගත යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාට 2015 ජනවාරි 08 වැනිදායි ඔබ්බට එක අඩියක් හෝ ඉදිරියට තැබීමට නොහැකි වූ බව අප දැඩිව අවධාරණය කරන්නේ මෙම පසුබිම තුළයි. මන්ද ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයා යනු එක් වාර්ගික හෝ අගමික කණ්ඩායමක කැමැත්ත ලබා ගන්නා නොව සමස්ත ජනතාවගේ පොදු අනුමැතිය ලබා ගන්නා අයෙක් වීම වත්මන් දේශපාලන ප‍්‍රවණතා අනුව තහවුරු වී තිබෙන නිසයි.
මේ තත්ත්වය තුළ 2020දී මෙරට රාජ්‍ය නායකත්වය හිමිවනු ඇත්තේ දකුණේ සිංහල බෞද්ධ බහුතරයේ ආධිපත්‍ය ඔසවා තැබීමට සූදානම් වන, වර්ගවාදය හා ආගම්වාදය කරපින්නා ගත් දේශපාලන නායනත්වයක් නොව සිංහල, දමිළ, මුස්ලිම් සේම බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික යන සියලූම ආගමිකයින්ගේ කැමැත්ත දිනාගන්නා පුද්ගලයා හෝ පක්ෂය විසින් බව තව දුරටත් සනාථ වෙනවා.
පසුගිය කාලය පුරාම බල ව්‍යාපෘතිසේ ප‍්‍රධාන කොටසක් ලෙස අඛණ්ඩව භාවිත කළ වාර්ගික ගොහොරුවෙන් මිදී දේශපාලන හා ආගමික සංහිඳියාව වෙත දෑත් දිගු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ පොහොට්ටු කල්ලියට හැකියාවක් ලැබනු ඇතැයි අපට කිසිසේත් විශ්වාස කළ නොහැකියි. ඒ වෙනුවට සිදුවනු ඇත්තේ තව දුරටත් වාර්ගික හා ආගමික අන්තවාදය පෝෂණය කරමින් ඒ මත ගිලී යන තත්ත්වයකට මහින්ද රාජපක්ෂ මහතා පත්වීම පමණයි. මේ තත්ත්වය රටේ ජාතික හා ආගමික සංහිඳියාව කෙරෙහි මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය කෙරෙහිද අතිෂය ඍණාත්මක බලපෑමක් එල්ල කරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ සියලූ බල ව්‍යාපෘති පරාජයට පත් කිරීමට නිසැකව සිදුවන බව පැහැදිලියි.
ආණ්ඩුවට දෙන සංඥාව
දකුණේ පළාත් පාලන ආයතන බහුතරයක් පොහොට්ටුව විසින් දිනා ගැනීම හරහා ආණ්ඩුවට දේශපාලන වශයෙන් අනතුරු ඇගයීමක් කර ඇතැයි ඇතැම් දේශපාලන විචාරකයින් සේම ආණ්ඩුවේ ප‍්‍රබලයින්ද කියනවා. ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් වන ඇමැති චම්පික රණවකට අනුව ‘‘යහපාලනය ගෙන යාමට රජය අපොහොසත් වෙලා’’ තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ‘‘අනතුරු ඇඟවීමක් ලෙස සලකන’’ බවයි. මේ අතර යහපාලන ආණ්ඩුවට බලයට ගෙන ඒම සඳහා වර්ණවත් වැඩ කොටසක් ඉටුකළ ‘‘පුරවැසි බලය’’ ඇතුළු සිවිල් සමාජ ව්‍යාපාරය අවධාරණය කරන්නේ 2015 ජනවාරි 08 වැනිදා ජයග‍්‍රහණය වෙනුවෙන් ජනතාවට දුන් පොරොන්දු වෙත යළි යා යුතු බවයි. මේ හා සමාන අදහසක් ජනතාව අතර ද තිබෙනවා. ඒ මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ බව කියන සියලූ ¥ෂණයන්, ඝාතනයක් ඇතුළු සකලවිධ අවක‍්‍රියාවන්ට එරෙහිව ආණ්ඩුව ක‍්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් තමන්ට පොදු වේ ප‍්‍රබල විවේචනයක් සේම කණස්සල්ලක් ද තිබෙන බවයි. ආණ්ඩුවට එය එළිපිට ප‍්‍රකාශ කිරීම සඳහා මෙම මැතිවරණය ප‍්‍රබල අවස්ථාවක් බවට පත්කර ගත් බවයි.
පළාත් පාලන මැතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය ගැන මේ සියලූ දෙනා කියන කතාවල පොදු හරය වන්නේ ¥ෂණයට, ඝාතනයට එරෙහිව ආණ්ඩුව ගත් ක‍්‍රියාමාර්ග ප‍්‍රමාණත්වත් නොවන නිසා තමන් එය ආණ්ඩුවට දැන්වීම සඳහා ජනතාව මෙය අවස්ථායක් කරගත් බවයි.
එහෙත් මෙම ලේඛකයාගේ පුද්ගලික අදහස වන්නේ මෙය රාජපක්ෂ රෙජිමය විසින් පසුගිය කාලය පුරාම අඛණ්ඩව ගෙන ගිය අතිෂය සාවද්‍ය ගොබෙස්වාදී ප‍්‍රචාරය ගැන නිසි වැටහීමක් හෝ තක්සේරුවකින් තොරව සිදු කරන අතිෂය සාවද්‍ය ප‍්‍රකාශයක් බවයි.
මෙහිදී මෙම ලේඛකයාගේ අදහස වන්නේ වත්මන් ආණ්ඩුව තුළ ඉතාම පැහැදිලිව ප‍්‍රකට වූ බල විභේදනය විසින් ඉතාමත් කෘත‍්‍රිම ආකාරයෙන් මෙම තත්ත්වය නිර්මාණය කළ බවයි.
මහින්ද රාජපක්ෂ කල්ලිය සේම සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් ඇමැතිවරුනුත් වත්මන් ආණ්ඩුව ‘‘එජාප ආණ්ඩුවක්’’ වශයෙන්ම හැඳින්වීමේ උත්සාහයක් පසුගිය කාලය පුරාම ගෙන ගියා. මේ තත්ත්වය තුළ ආණ්ඩුවේ සියලූ ධනාත්මක දේවල් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ශ‍්‍රීලනිපයේ ගිනුමට බැරවන විට හොරු ඇල්ලීම පමා වීම, බැඳුම්කර ගනුදෙනුව වැනි සියලූ ඍණාත්මක දේවල් බැර වුණේ එක්සත් ජාතික පක්ෂයේ ගිනුමටයි.
මෙම තත්ත්වය තුළ හවුල් ආණ්ඩුවේ සියලූම පවු එජාපයට පිටින් යන තත්ත්වයක් දැකිය හැකි වුණා වගේම පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රචාරණ කටයුතු අවසන් වන විට එජාපයට එරෙහිව දැවැන්ත ප‍්‍රහාරයක් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශ්වයෙන් එල්ල වුණා. විශේෂයෙන් එජාපයට එරෙහිව ¥ෂණ චෝදනා මෙන්ම ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ද ප‍්‍රබල චෝදනා එල්ල වුණා.
මේ තත්ත්වයට එජාපය පෙරළා ප‍්‍රතිචාර දක්වන ප‍්‍රහාරාත්මක ස්ථාවරයකට නොගිය අතර එජාපය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කොටගත් ඉතා සැලසුම් සහගත ඉදිරි සංවර්ධන සැලසුම් ගැන ජනතාව දැනුවත් කරන ප‍්‍රතිපත්තිමය දේශපාලනයක යෙදුණා. එහෙත් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ අවසානය වන විට එජාපය සිටියේ ආණ්ඩුව තුළින්ම මෙන්ම පොහොට්ටුවෙන් ද දැඩිව ප‍්‍රහාර එල්ල වන අසීරු තත්තවයක. එජාපයේ ආර්ථික සංවර්ධන සැලසුම්, දිනාගත් දේ ගැන වටිනාකම් සියල්ල යට යමින් ‘‘හොරා’’ ලේබලය එජාපයට එල්ල වුණා.
මේ තත්ත්වය තුළ එජාපයට සිදු වුණේ තනිව මැතිවරණ ව්‍යාපාරය කරමින් පොහොට්ටුවට මුහුණ දෙමින් මැතිවරණය කිරීමටයි. මේ අසීරු තත්ත්වය එජාපයේ ස්ථිර ඡුන්ද පදනම තහවුරු කළ තත්ත්වයක් නිර්මාණය කළත් ‘‘පාවෙන ඡුන්ද ’’ එජාපය වෙතින් බොහෝ දුරට ඈත් කළා. ඒ පාවෙන ඡුන්දවලින් බහුතරය ඒ වන විට ¥ෂණ විරෝධී ධජය අතට ගෙන එහි තනි උරුමක්කාරයා බවට පත්ව සිටි ශ‍්‍රීලනිපයට සහ ජනතා විමුක්ති පෙරමුණ වෙත ගලා ගියා. මහින්ද රාජපක්ෂ මහතාට 2015 සිටි තැනින් එහාට එක අඟලක් තැබීමට නොහැකි වුණේ මෙම තත්ත්වය තුළයි.
රාජපක්ෂ යුගයේ හොරු ඇල්ලීම, ¥ෂණය නතර නොකිරීම වැනි තත්ත්වයන් ගැන කණස්සල්ලට පත් මෙම ලේකඛයා දන්නා බොහෝ දෙනකු ඉතාම පැහැදිලිව තමන්ගේ ඡුන්දය භාවිත කළේ ජනතා විමුක්ති පෙරමුණට හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. විශේෂයෙන් මේ තත්ත්වය 2011 පළාත් පාලන මැතිවරණයට සහ 2015 මහ මැතිවරණයට සාපෙක්ෂව ජවිපෙ වර්ධනය විමසා බැලූ විට අපට අවබෝධ කරගත හැකියි. 2011 පළාත් පාලන මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිනා ගත්තේ ඡුන්ද 242,502ක් පමණයි. එය මෙවර 693,875ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. 2015 මහ මැතිවරණයට සාපේක්ෂව පවා ජවිපෙ පළ කරන්නේ වර්ධනයක්. ජවිපෙ 2015 මහ මැතිවරණයේදී ලබා ගත්තේ ඡුන්ද 543,944ක් (සියයට 4.78ක්* පමණයි.
මෙම ලේඛකයාගේ අදහස වන්නේ ශ‍්‍රීලනිපයේ සමස්ත ස්ථිර ඡුන්ද පදනමෙන් අති බහුතර අගයක් මහින්ද රාජපක්ෂ මහතා වෙත විතැන් වෙද්දී ශ‍්‍රීලනිපයේ (එජානිස ඇතුළු* සමස්ත ඡුන්ද ප‍්‍රතිශතය සියයට 13ක් වීම කෙරෙහි ¥ෂණ විරෝධී පාවෙන ඡුන්ද ද උතුරු නැගෙනහිර ඇතුළු පළාත්වල සුළුජන හා සුළු ආගමික ඡුන්ද ද ප‍්‍රබල බලපෑමක් කළ බවයි.
මේ තත්ත්වය වඩාත් තහවුරු වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති (පිබිදෙමු පොළොන්නරුව, මොරගහකන්ද, පොළොන්නරුව වකුගඩු රෝහල වැනි* දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති දියත් වූ අනුරාධපුරයෙන් සහ විශේෂයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් 2015ට සාපේක්ෂව ශ‍්‍රීලනිපය ලැබූ පරාජයයි. විශේෂයෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රීලනිපය ලැබූ පරාජයට විශේෂ අවධානයට යොමුවිය යුතු කරුණක්.
දකුණ මිත්‍යාවට බිලිවීම
2015 දී එකම ධජයක් යටතේ මෛත‍්‍රීපාල සිිරිසේන මහතාගේ විජයග‍්‍රහණය වෙනුවෙන් එක්සත්ව සටන් කළ යහපාලන බලවේග වෙන්ව තරඟ කිරීමේ මෙන්ම මහින්ද රාජපක්ෂට එරෙහිව එජාපය තනිව සටන් කිරීමට සිදුවීම ද මෙම මැතිවරණයේදී එජාපය අපේක්ෂා කළ ජයග‍්‍රහණය ලබා ගැනීමට නොහැකි වීමට හේතු වුණා. මන්ද ඉතාම පැහැදිලිව එජාපයට 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ලබාගත් සියයට 45.66ක ඡුන්ද ප‍්‍රතිශතය (ඡුන්ද 50, 98, 927* මෙම පළාත් පාලන මැතිවරණයේදී සියයට 32.63 දක්වා (ඡුන්ද 36,12, 259* අඩුවෙලා තිබෙනවා. එමෙන්ම මහින්ද රාජපක්ෂ අගමැති කිරීම වෙනුවෙන් දියත් වූ 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් එකසත් ජනතා නිදහස් සන්ධානය දිනාගත් සියයට 42.38 ප‍්‍රතිශතය (ඡුන්ද 47,32, 669* මෙම පළාත් පාලන මැතිවරණයේදී සියයට 44.65ක් දක්වා ( ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ප‍්‍රතික්ෂේප වීම නිසා ස්වාධීන කණ්ඩායම් විසින් දිනාගත් මහරගම වැනි පළාත් පාලන ආයතනවල ඡුන්ද ද මීට එක්විය යුතුය* වර්ධනය වෙලා තිබෙනවා.
මේ තත්ත්වය තුළ අපට ඉතාම පැහැදිලිව දැකිය හැකි වන්නේ 2015 අගෝස්තුවේදී එජාපය දිනාගත් ¥ෂණ විරෝධී ඡුන්දවලින් අති බහුතරය මෙවර ශ‍්‍රීලනිපය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් දිනා ගනිද්දී මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊට වඩා වෙනස් පදනමක ඡුන්ද ලක්ෂ දෙකක් පමණ ගමන් කර තිබෙන බවයි. ඒවා ඉතාම පැහැදිලිව ආර්ථිකමය හේතු මත විතැන් වූ ඡුන්ද සේම යම් යම් දේශපාලනමය හේතු මත විතැන් වූ ඡුන්ද බව අප විසින් වටහා ගත යුතුයි.
ආර්ථික ආර්බුදය, ජීවන වියදම ඉහළ යාම වැනි පොහොට්ටු කල්ලියේ සාටෝපකාරී අධි ප‍්‍රචාරණය මෙන්ම පසුගිය කාලය පුරාම රාජපක්ෂ රෙජිමය විසින් දකුණේ සිංහල බෞද්ධ විඥානය තුළ රෝපණය කළ ජනප‍්‍රිය මිත්‍යාවන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ඡුන්ද පදනම තුළ ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කළා. එහි විශේෂත්වය වන්නේ 2005 සිට අඛණ්ඩව මෙම ඡුන්ද ප‍්‍රතිශතය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප‍්‍රබල ආකාරයෙන් නඩත්තු කරමින් රැුකබලා ගන්නා බවයි. ඒ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පළාත් පාලන මැතිවරණය සඳහා යොදාගත් ප‍්‍රචාරණ ව්‍යාපාරයේදීත් අපට මැනවින් ප‍්‍රකට වුණා. පොහොට්ටුවේ ප‍්‍රචාරක ව්‍යාපාරය පූර්ණ වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ප‍්‍ර‍්‍රතිරූපය වටා කේන්ද්‍රගත වුණා. ඒ අතර එජාපයට එරෙහිව දැවැන්ත සාවද්‍ය ප‍්‍රචාරයක් ද දියත් වුණා. විශේෂයෙන් මහ බැංකු බැඳුම්කර සිදුවීම කේන්ද්‍ර කොටගත් මෙම ව්‍යාපාරයට ශ‍්‍රීලනිපයෙන් ද ප‍්‍රබල සහායක් ලැබුණා.
මෙතැනින් කොතැනටද ?
මේ වන විට ආණ්ඩුවේ ඉදිරි සැලසුම් ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡුා සිදුවන බව මාධ්‍ය වාර්තා කරනවා. ඒ අතර සම්පූර්ණයෙන්ම එජාප ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ එජාප ස්ථාවරය ද ඉදිරියට පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල මගින් ආණ්ඩු වෙනසක් වීමට කිසිදු අවකාශයක් නොමැති බව පැහැදිලියි. එවැනි තත්ත්වයක් සඳහා තමන්ට බලයක් සේම ශක්තියක් නොමැති බව හිටපු ජනාධිපතිවරයා ද මනාව දන්නා බව පැහැදිලියි. මේ වන විට පාර්ලිමේන්තුවේ පවතින බල තුලනය තුළ සම්පූර්ණයෙන් ශ‍්‍රීලනිපයට ඇත්තේ ආසන 95ක් පමණයි. එජාපයට මන්ත‍්‍රීධූර 106ක් තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියයට සියයක් එක් වුණත් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට තවත් මන්ත‍්‍රීධූර 18ක් අවශ්‍යයි. එජාපයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය මන්ත‍්‍රීධූර 07ක් පමණයි. එය ඉතාම පහසු ඉලක්කයක් බව පැහැදිලියි. මන්ද යළි මහින්ද රාජපක්ෂ වෙත යාමට නොහැකි ශ‍්‍රීලනිපය මන්ත‍්‍රීවරු 07 දෙනකුට වඩා විශාල පිරිසක් මේ වන විට ශ‍්‍රීලනිපය තුළ සිටිනවා. එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවට අවුරුදු 4 2/1 ක් සම්පූර්ණ වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ජනාධිපතිවරයාට නැහැ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැතිවරයා ඉල්ලා අස්වන්නේ නම් මිස ඔහුව ඉවත් කිරීමේ හැකියාවක් ද ජනාධිපතිවරයාට නැහැ. ජනාධිපතිවරයාට ඇමැතිවරයෙන් පවා වෙනස් කළ හැකි වන්නේ අගමැතිවරයාගේ නිරදේශ මත පමණයි.
මේ තත්ත්වය තුළ 2020 වන තෙක් නාමිකව හෝ යහපාලන ආණ්ඩුව සක‍්‍රීයව පවතින බව අපට පැහැදිලිව වටහාගත හැකියි. එමෙන්ම පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව පොහොට්ටු කල්ලිය ආණ්ඩුවට එරෙහිව තම උපරිම බලය යොදනු ඇති බවත් රට අරාජික කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවත් පැහැදිලියි.
මේ තත්ත්වය තුළ ආණ්ඩුව සේම රාජ්‍ය යාන්ත‍්‍රණය ද හසුරුවා ගැනීම සඳහා ආණ්ඩුවට, විශේෂයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට මහත් පරිශ‍්‍රමයක් ගැනීමට සිදුවෙවි. ඒ අනුව ජනාධිපතිවරයා සේම අගමැතිවරයා ද මැතිවරණ වේදිකාවේදී සිදුකළ ප‍්‍රකාශ සේම ලබා දුන් පොරොන්දු ද කඩිනමින් ඉටුකළ යුතු වෙනවා. විශේෂයෙන් ඒ පොරොන්දු ඉටු තිරීම එජාපයට ඉතා වැදගත් වේවි. මන්ද එජාපයට 2020 දී සිහින දකින ආණ්ඩුව පිහිටුවීමට නම් 2015 අගොස්තු 17 වැනිදා එපායට සමග සිටි 2018 පෙබරවාරි 10 වැනිදා වන විට එජාපය හැරගොස් සිටි සියලූ යහපාලන බලවේග යළි දිනාගත යුතු නිසයි.
එජාපයේ සහ ජනාධිපතිවරයාගේ අවංක මැදිහත්වීම තුළ එජාපය සේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ද අනාගතය තීන්දු වන බව පැහැදිලියි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *