|

දේශපාලනික වශයෙන් ගත්තත් සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාදයි – ගාමිණි වියන්ගොඩ

 

මහින්ද රාජපක්ෂට මතක් කරල දියයුතුව තියනවා, 2015 ඔහුව පරාජය කරපු විදිහටත් වඩා දරුණු විදිහට පෙබරවාරි 10 වෙනිද ඔහුව පරාජය කරල තියනව කියන එක. ඒක මේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්නනවා. දේශපාලනික වශයෙන් ගත්තත් සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාජයි

පුරවැසි බලය සම සංවිධායක ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශ කළේ පුරවැසි බලය සංවිධානය කළ කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී ඊයේ (13) පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේක පාර්ලිමේන්තු මැතිවරණයක් වශයෙන් ගත්තත්, ජනාධිපතිවරණයක් වශයෙන් ගත්තත්, ජනමතවිචාරණයක් වශයෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ මේකෙන් පරාදයි. මොකක්ද මේ සුජාතභාවය කියලා කියන්නෙ. මේක අපි කාටත් තේරෙන්නෙ නැති සුජාතභාවයක්. පාර්ලි‍මේන්තුව විසුරුවාහරින්න කියල කියනව. පාර්ලිමේන්තුවක් විසුරවනවද පළාත් පාලන මැතිවරණයකින්. එහෙම කොහොමද වෙන්නෙ? අපේ ‍රටේ කවදාවත් ඉතිහාසයේ එහෙම වෙලා තියෙනවද? එහෙම වෙන්නෙ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයකින් පුලුවන් බලයේ හිටපු අය පරද්දලා දිනන කට්ටියටකට ආණ්ඩුව පිහිටුවන්න.

මහජනතාව මේ ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් ප්‍රකාශ කරල තියනව සාපේක්ෂව ගත්තාම. මහජනතාව තමන්ගෙ කළකිරීමක් ප්‍රකාශයට පත්කරල තියනව. අපි නිහතමානීව ඒක පිළිගත යුතුයි. ඒ අනුව අපිට වැරදිච්ච තැන අපි හරිගස්සා ගත යුතුයි. ඉදිරි අවුරුදු දෙකක කාලය තුළ.

ඒ එක්කලම මහින්ද රාජපක්ෂට මතක් කරල දියයුතුව තියනවා, 2015 ඔහුව පරාජය කරපු විදිහටත් වඩා දරුණු විදිහට පෙබරවාරි 10 වෙනිද ඔහුව පරාජය කරල තියනව කියන එක මේ සංඛ්‍යා ලේඛන වලින් පෙන්නනවා. මේක තමයි පුරවැසි බලය විදිහට අපි දරණ දේශපාලනික ස්ථාවරය. දේශපානික වශයෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාදයි. සදාචාරය පැත්තෙන් ගත්තත් මහින්ද රාජපක්ෂ පරාජයි.

එහෙම කියල අපි ආණ්ඩුව නිදහස් කරන්නෙ නෑ. ඒක නිසා අපි හැරී බැලීමක් කළ යුතුව තිබෙනව. ඉදිරි අවුරුදු දෙක හරියාකාරව ආණ්ඩුව ක්‍රියාකරන්න උවමානය කියල අපි කියනව.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *