මේ වසරෙ දී ඩොලර් බිලියන 2.5ක වි‍‍දේශ ආයෝජන ඉලක්කයක්

මෙම 2018 වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5ක විදේශ ආයෝජන ලබාගත හැකි වනු ඇති බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. දැනට ආරම්භ කර ඇති ඉන් එක ආයෝජනයක් වන්නේ හම්බන්තොට ඉදිකරන ස්වාභාවික වායු විදුලි බලාගාරය සඳහා චීනයෙන් ලැබෙන ඩොලර් මිලියන හත්සීයයක ආයෝජනය ය.

අනෙක් විශාලතම අයෝජනය වන්නේ සිංගප්පූරු, ජපාන හා එක්සත් ආරාබි එමිර් රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට ඉදිවන තෙල් පිරිපහදුව සඳහාය. එම ආයෝජනය සියල්ල ලබාගත හැකි වුවහොත් විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 2.95ක් වනු ඇති බවද ඇමතිවරයා ප්‍රකාශකොට ඇත.

2017 වසරේ දී මෙරටට ලැබුණු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 1.63කි. එය මෙතෙක් වසරක් තුළ ලැබී ඇති ඉහළම විදේශ ආයෝජන ප්‍රමාණයයි. එම ප්‍රමාණය සියයට 80කින් ඉහළ නැංවීමට රජය මේ වසරේ බලාපොරොත්තු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *