මහින්ද ඇතුළු මන්ත්‍රීවරු රැසක් දූෂණ වංචා විවාදය මගහරිති.

පාර්ලිමේන්තුවේ දී  (06) පැවති බැඳුම්කර හා බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා පිළිබඳ විවාදයට සහභාගිවීම සඳහා පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් අඩු සංඛ්‍යාවකි.

උදය වරුවේ මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ සිටියද පස්වරු 2.00න් පමණ පසු සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු වැනි ප්‍රමාණයක් වන අතර ඇතැම් අවස්ථාවල සිටියේ කතා කරමින් සිටි මන්ත්‍රීවරයා හෝ ඇමතිවරයා පමණි.

දෙමළ ජාතික සන්ධානය විවාදය වර්ජනය කර තිබූ අතර  පස්වරු 4.30 ට අවසන් වීමට තිබූ විවාදය පස්වරු 4.00 ට අවසන් විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවාදය ආරම්භ කළ අතර එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක යන මහත්වරුන් පමණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් පමණක් අදහස් දැක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් දැක්වූයේ එම පක්ෂයේ නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයාට තිබූ කාලය ද ලබාගනිමිනි.

ඒ අනුව විවාදයේදී අදහස් දැක්වූයේ 11 දෙනෙකු පමණි.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව හා බරපතළ වංචා පිළිබඳ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තු විවාදයට සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන බව මිට පෙර පවසා තිබුණ ද ඔහු සහභාගී වුයේ ද නැත.

ILN

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *