yukthiya

අර්ජුන ඇලෝසියස් – කසුන් පලිසේන අත්අඩංගුවට


බැඳුම්කර ගනුදෙනුවට  අදාලව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මීට අද උදේ  අත්අඩංගුවට ගනු ලැබූහ.රහස් පොලිසිය ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගත්තේ ඒ මහතාගේ කොළඹ මල්පාරේ  පිහිටි නිවසේදී ය. අත්අඩංගුවට ගත් සැකකරුවෝ ප්‍රකාශ ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබූහ.

බැඳුම්කර වංචාවට අදාලව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සැකකරුවන් බවට නම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා අවසර ලබා දුන්නේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ ජීවත් වන අතර ලබන 15 වැනිදාට පෙර රහස් පොලිසියේ පෙනී සිටින්නැයි සිංගප්පූරුවේ අන්තර් ජාතික පොලිසිය හරහා මහේන්ද්‍රන් මහතාට නොතීසි යවන ලෙස අධිකරණය නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *