රණ විරුවන්ටත් මහින්ද එපාවෙලා !

හිටපු ජනාධිපතිවරයා මහ මැතිවරණයට තරග කීරීම සදහා කුරුණෑගල තෝරාගත්තේ රණ විරුවන් වැඩිම දිස්ත්‍රික්කය එය නිසා වුවද රණ විරුවන් විසින්ද මහින්ද රාජපක්ෂ  මහතා ප්‍රතික්ෂේප කරනු ලබ ඇති බව මැතිවරණ ප්‍රතිඵලයෙන් තහවුරු වෙයි .

ත්‍රිවිධ  හමුදා සාමාජිකයන්ට තැපැල් චන්ද හිමි නිසා දිවයිනේ තැපැල් චන්ද වැඩිම දිස්ත්‍රික්කය කුරුණාගලයි .එහි තැපැල් චන්දය සදහා සුදුසුකම් ලැබූ පිරිස 86,000ක් බව කියති . රජයේ සේවකයින් ට වඩා  විශාල බහුතරයක් ලෙස මේ අතර සිටින්නේ හමුදා සාමාජිකයන් බව පැහැදිලිය .

මෙම තැපැල් චන්ද අතරින් මහින්ද රාජපක්ෂ මහතාට මෙවර හිමිව ඇත්තේ චන්ද 28,634කි . චන්ද 30,970ක් ලබා තැපැල් චන්දයෙන් ජයගත්තේ එක්සත් ජාතික පෙරමුණයි . චන්ද 4731ක් ජනතා විමුක්ති පෙරමුණටත් හිමිවී ඇත .

මෙයින් පෙනී යන්නේ රණවිරුවන් ලෙස හදුන්වනු ලබන තිවිධ හමුදා සාමාජිකයින් බහුතරයද මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව චන්දය පාවිච්චි කොට ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *