“අප්පච්චි මලෝ ” අලුත් කල්ලියට සෙට් වී ඩිලාන් ජාතික ලැයිස්තුවෙන් ගොඩයයි

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන මොහොත දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවේචනය කරමින් උග්‍ර මහින්ද වාදියකු ලෙස පෙනීසිටි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මැතිවරණය නිමවීමත් සමග අලුත් “අප්පච්චි මලෝ ” කන්ඩායමට සෙට් වී ජනාධිපති සරණ යාම මගින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාමට වරම් හිමිකරගෙන තිබේ . ලංකා සමසමාජ පක්ෂ නායක තිස්ස විතාරණ, කොමියුනිස්ට් පක්ෂ නායක ඩිවූ ගුණසේකර , මහාචාර්ය ජී එල් පීරිස් ආදීන් කැපී යද්දී ඩිලාන්ට මෙම වාසනාව හිමිවී ඇත . ජනාධිපති මදය අංශ ප්‍රධානියකු වන ශිරාල් ලක්තිලක මහතා ට පවා මෙබදු වාසනාවක් හිමිවී නැත .

යහපාලන ආණ්ඩුවේ ඇමැති ධුරයක් දැරූ ඩිලාන් මැතිවරණය එලබෙද්දී ඇමැතිකමින් ඉවත් වී මහින්ද පිලේ ප්‍රබලයකු ලෙස කටයුතු කළේය .දැන් යළිත් පිල් මාරුකොට ඇති ඔහු මේ වනවිට කියමින් සිටින්නේ ජනාධිපතිතුනගේ ජාතික ආණ්ඩු මාවත හැර සන්ධානයට දැන් වෙනත් මාවතක් නැති බවයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *