yukthiya

එජාප උපනායක ධූරයෙන් රවී ඉවත් කරන්න – මාරපන කමිටුව නිර්දේශ කරයි

රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ධූරයෙන් ඉවත්කළ යුතු යැයි ‘‘ තිලක් මාරපන කමිටුව ‘‘ සිය වාර්තාව මගින් එජාප මධ්‍යම කාරක සභාවට නිර්දේශ කර ඇතැයි වාර්තාවේ.

බැඳුම්කර සිද්ධිය සම්බණ්ධයෙන් වන ජනාධිපති කොමිෂන් සභා  වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනය කර එක්සත් ජාතික පක්ෂය ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තිලක් මාරපන කමිටුව පත්කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ සභහපතිත්වයෙන් යුත් එම කමිටුව වෘත්තීය වේදීන් , පරිපාලන නිලධාරීන් හා නීතිඥයින් ඇතැලු නියෝජිතයින් පිරිසකගෙන් සමන්විතය.

එම කමිටුවේ වාර්තාව  ඉකුත්දා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබිණ.

රංජන් කස්තුරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *