එකල එසේ සිදු වූවේ නම් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

යහ පාලන ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙද්දී මාධ්‍ය හරහා කතාබහට ලක්වුණු ප්‍රධාන සිද්ධියක් වූ, එනම් ජනාධිපතිතුමා සහභාගි වූ අකුරැස්සේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමට මාතර නගර සභාවේ ගිනි නිවන රථයක් දීම මාතර මාතර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසින් ප්‍රතික්ෂේප කෙරුණය කියන කතාවයි.

ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ මාතර දිස්ත්‍රික්කයේ කවර ස්ථානයකට වුවත් ගුවන් මගින් පැමිණියහොත්, ඒ සඳහා අවශ්‍ය සේවාවන් නොමිලේ ලබාදීමට මාතර මහ නගර සභාව තීරණයක් ගෙන තිබියදියි එකීප්‍රතික්ෂේප වීම සිදු වී තිබුණේ. ඊට හේතු වශයෙන් මාතර මහ නගර සභාවෙ නාගරික කොමසාරිස්වරයා පවසා තිබුණේ, ජනාධිපතිතුමා අකුරැස්සට පැමිණියේ මැතිවරණ කටයුත්තක් නිසා ගිනි නිවන රථය නොමිලයේ ලබා දීම ප්‍රතික්ෂේප කළ බවයි.

ගිනි නිවන රථයක් ලබාගැනීමට අදාළ ලිපිය මහනගර සභා කොමසාරිස්වරයාට යොමුකර ඇත්තේ පළාතේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසිනුයි. එම ලිපියේ සඳහන් වී ඇත්තේ, දෙදහස් අහඅට පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් සහ සන්ධාන දේශපාලන පක්ෂවල ක්‍රයාකාරීන් සහ ජනතාව ඇමතීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැතිඇමතිවරුන් උත්සව භූමියට පැමිණෙන බව ලු.

ගමනේ අරමුණ මැතිවරණ රැලියක් ඇමතීම බව හොඳින්ම තහවුරුවන නිසා නොමිලයේ සේවා සැපයීම ගැටලුවක් යැයි සිතූ කොමසාරිස්වරයා ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් දුරකථනයෙන් ලිඛිතවත් උපදෙස් ඉල්ලා තියෙනවා.

ඒ සම්බන්ධයෙන් පසුගිය එකොළොස්වෙනිදා පැවැත් වූ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා සහභාගිවන නිල අවස්ථාවලට ආරක්ෂක විධිවිධාන නොමිලයේ සැපයයයුතු වුවත් එසේ නොවන වෙනත් පෞද්ගලික අවශ්‍යතතා සඳහා හෝ පක්ෂ රැස්වීම් සඳහා සහභාගිවන අවස්ථාවල දී අදාළ සේවා සපයන්නේ නම් නියමිත ගාස්තුව ගෙවිය යතු බව තීරණය කෙරණු බවයි කියන්නේ.

ඉහත තීරණය මේ රටේ මැතිවරණ ඉතිහාසයේත් පක්ෂ දේශපාලන ඉතිහාසයේත් හැරවුම් ලක්ෂයක් බඳු තීරණයක් බව අමුතුවෙන් කිය යුතු නැහැ. අලුත් ආණ්ඩුව යටතේ රාජ්‍ය සේවකයන්ට ඉහළ නිලධාරින්ට ලැබී ඇති නිදහසේ සහ ගෞරවයේ තරම ආණ්ඩුවට තුන් වසරක් පිරෙන අවස්ථාවේ ඔප්පු වීමක් ලෙස ඒ සිද්ධිය ගත හැකියි.

රාජ්‍ය දේපළ අවභාවිත කරමින් මැතිවරණ පැවැත් වූ ආකාරය මීට අවුරුදු තුනකට පෙර මහින්ද රාජපක්ෂ යුගයේ අපි ඉතා හෙඳින් දැක්කා. ඊට හොඳම උදාහරණය සිල්රෙදි නඩුව. එය කෙළවර වුණේ රාජ්‍ය නිලධාරින් දෙන්නෙක් හිරබත් කන තත්ත්වයට අද දමලයි. ඒ රෙදි බෙදීම එදා කළේ මැතිවරණ කොමිසම එවැන්නක් නොකරන ලෙස දන්වා තිබියදියි. මැතිවරණ නීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් එය කළ බව රටම දන්නා කරුණක්.

නීතිය, උසාවි ගැන අද බෙරිහන් දෙන මහින්ද රාජපක්ෂ එදා නීතියට පයින් ගැසුවා විතරක් නෙමෙයි නීති කඩකරන්නට සිල් රෙදි ගන්නට වියදම් කළෙත් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල්. තවත් අතකින් කියතොත් මහජන මුදල්. ජනතාවගේ මුදල්ම වියදම් කර ජනතාවටම සිල්රෙදි බෙදා දී ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට මහින්ද රෙජිමය කොල්ල කෑවේ ඒ ආකාරයටයි.

කණගාටුවට කරුණ වන්නේ ජනාපතිතුමාටවත් ඡන්ද වැඩට රජයේ දේපළක් පරිහරණය කරන්නට ඉඩ නොදීමට තරම් යහපාලන ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇති ආකාරය පිළිබඳ දැනුවත් කරන්නට මෙරට ජනමාධ්‍ය පවා කටයුතු නොකිරීමයි. ජනමාධ්‍ය විසින් ඒ සිදධිය වාර්තා කළේ ජනතාව කුතුහලයට පත්කරන්නට මිස ජනතාව දැනුවත් කරන්නට නොවේ. ආණ්ඩුව පවා ඒ සිද්ධිය එතැනින් නතරවන්නට ඉඩ හැරියා මිස යහපාලන ආන්ඩුවෙන් රාජ්‍ය නිලධාරින්ට ලබා දුන්නිදහසේ තරම පෙන්වා දී තැපැල් ඡන්දය සඳහාවත් වාසියක් ලබාගන්නට බැලුවේ නැත. එය එක් ආකාරයකින් ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය මෙහෙයවන බුද්ධි මණ්ඩලවල දුර්වලතාවක්.

ආණ්ඩුවේ වාහන මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා නොගත යුතු බව මෑත ඉතිහාසයේ ප්‍රසිද්ධියේ පළමුවරට දැනුම් දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. ආණ්ඩුවේ වාහන යොදා ගන්නේ නම් ඊට අදාළ ගාස්තුවම ගෙවිය යුතු බව එතුමා තරයේ ප්‍රකාශ කළා. ඊට පෙර පැවතියේ ලංගම බස්රථ සිය දහස් ගණනින් යොදවාගෙන අරලියගහ මන්දිරයට ආගමික නායකයන් ත්‍රි විල් රථ රියැදුරන් ආදි වශයෙන් ඒ ඒ පිරිස් වෙන් වෙන්ව ගෙන්වමින් මැතිවරණ දැන්සල් පැවැත්වූ සංස්කෘතියක්. ඒ ඉතිහාසය වෙනස් කිරීම පමණක්ම වුවත් යහපාලන පිළිවෙත තවදුරටත්  පවත්වාගෙන යාම වෙනුවෙන් සිය කතිරය පාවිච්චි කිරීමට ජනතාවට ඇති.

මහින්ද යුගයේ මාතර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ජනපති සහභාගි වූ මැතිවරණ රැළියකට ගිනි නිවන රථය ලබා දීම පතිකේෂේප කළේ නම් ඔහුට අත්වනු ඇත්තේ කවර ඉරණමක් ද යන්නත් සිතා බැලිය යුතුය. එය ස්ථානමාරුවක් දුරයෙන් පහළ හෙළීමක් වැනි දෙයකින් නතර නොවී ගිනි නිවන රථය වෙනුවට සුදු වෑන් රථයකින් ගොස් අතුරුදන් වූවන්ගේ ලැයිස්තුවට ඔහුගේ නම එක්වීම දක්වා යැහැකිව තිබුණා.

නමුත් මෙවර සිදු වුණේ නොමිලයේ ගිනිවනන රථය ලබාදිය නොහැකි බව නාගරික කොමසාරිස්වරයා දැනුම් දුන් පසුව ජනාධිපති ආරක්ෂක අංශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ජනාධිපති අතිරේක ලේකම් වරයකු ඇතැළු පිරිසක් මැදිහත් වී අදාළ බිල්පත එවන ලෙස දන්වා ගැටලුව නිරාකරණය කර ගැනීමයි. යහපාලන වෙනස රටටත් ජනතාවටත් සමීප ඒ නිසයි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *