වඳින්න ගිය දේවාලේ හිස මත කඩා වැටීම -භාතිය බරුකන්ද

‘‘වඳින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටුණා වාගේ’’ යැයි කතාවක් අපි අතරේ තිබෙනවා. මහත් විශ්වාසයෙන්, තමන්ට පිහිටක් වෙයි කියලා හිතාගෙන කරන කටයුත්තක් අසාර්ථක වෙලා එයින් තමාටම හානියක් වීම තමයි මේ කතාවේ සරල අදහස වන්නේ.
මේ කතාව බොහෝ දෙනකුට මතක් වෙන්නේ බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව ආණ්ඩුවට එරෙහිව දේශපාලන සුනාමියක් කරගෙන තමන් පවු සෝදා ගැනීමට වෑයම් කළ හිටපු පාලක රෙජිමයේ ප‍්‍රබලයෝ දැන් බැඳුම්කර කොමිෂම නිසා පත්වෙලා ඉන්න අවුල දුටු විටයි. ගමේ ගඬේ භාෂාවෙන් කිවුවොත් ඊනියා ඒකබද්ධ විපක්ෂය, පොහොට්ටු කල්ලිය බැඳුම්කර කොමිෂමේ අවසන් වාර්තාව නිසා ‘‘හත්පොළේම ගා ගන්න ස්වභාවයක් දැන් දැන් සිදුවෙමින් වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුවට, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව යොදා ගනිමින් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල කිරීමට පොහොට්ටු කල්ලිය ගත් උත්හාසය ද ලත් තැනම ලොප් වීම 2018 ජනවාරි 08 වෙනස වෙනුවෙන් ඡුන්ද භාවිත කළ 62 ලක්ෂයක් ඡුන්දදායකයින්ට මහත් අස්වැසිල්ලක් වනවාට සැකයක් නැහැ. ඊට හේතුව වන්නේ බැඳුම්කර සිදුවීම හරහා එජාපය/ආණ්ඩුව දුර්වලවීම සිදුවෙතැයි ද, එජාපය හා ජනාධිපතිවරයා අතර පවතින බැඳීම බිඳී යනු ඇතැයි ද ජනතාව කණස්සල්ලට පත්ව සිටීමයි.
ආණ්ඩුව අත්වැරද්ද නිවැරදිව කළමනාකරණය කළා
‘‘දැන් දැන් තත්ත්වය අපි හිතුවාට වඩා යහපත් වෙමින් තිබෙනවා. මුලදී අපිටත් ගම්වලට ගියාම කියන්න දෙයක් තිබුණේ නැහැ. ඒත් දැන් නැවත වරක් ¥ෂණට එරෙහි කඩුව අපේ අතට ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ තත්්ත්වය ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හරියට කළමනාකරණය කළා. විශේෂයෙන් බැඳුම්කර කොමිෂම එජාපය විනාශ කිරීමට කළ වැඩක් නොවෙයි, යහපාලනය ශක්තිමත් කිරීමට ගත් දැවැන්ත උත්සාහයක් කියලා දැන් දැන් ජනතාවට වැටහී යමින් තිබෙනවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වා වාගේ බරපතළ ¥ෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිෂමේ වාර්තාත් මේ එක්කම නිකුත් වුණා. අද පොහොට්ටුවට වෙලා තියෙන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වාගේ වැඩක් ’’
මෙහෙම කියන්නේ බියගම ප‍්‍රදේශීය සභාවට එජාපයෙන් තරඟ කරන අපේක්ෂකයෙක්. මෙම ලියුම්කරු සමග පසුගිය දින කිහිපය පුරාම අදහස් දැක්වූ එජාප අපේක්ෂකයින් වගේම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද අද කියන්නේ මෙවැනි කතාවක්.
යහපාලන ආණ්ඩුවේ වගවීම ප‍්‍රදර්ශනය වුණා
‘‘අපි ඇත්ත පිළිගත යුතුයි. ආණ්ඩුව පැත්තෙන් දැවැන්ත අතපසුවීමක් සිදු වුණා. ඒත් ඒක කිසිසේම හිතාමතා, සැලසුම් සහගත සිදු වුණ දෙයක් නෙමෙයි. බැඳුම්කර නිකුත් කිරීමේදී විතරක් නෙමෙයි ආණ්ඩුවේ ටෙන්ඩර් නිකුත් කරන කොටත් මේ වාගේ දැවැන්ත වංචා පසුගිය කාලය පුරාම සිද්ධ වුණා. කෝප් එක, විගණකාධිපති වාර්තා මේ ගැන අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා කරුණු හෙළිකරලා තිබෙනවා. ඒත් කිසිම ආණ්ඩුවක් ඒ ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ වාගේ දැවැන්ත, කඩිනම් පරීක්ෂණයක් සිදු වුණේ. ඒකට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සිට පහළට සියලූ පාර්ශ්ව සහාය ලබා දුන්නා. පරීක්ෂණ අධෛර්යමත් කරන්න, කඩාකප්පල් කරන්න ගියේ නැහැ. ඒ අවංකභාවයේ, වගවීමේ අවසන් ප‍්‍රතිඵලය තමයිි මේ බැඳුම්කර කොමිෂමේ වාර්තාව අද ජනතාව අතට පත්වීම. ඒ ගැන පුළුල් සංවාදයක් සිදුවීම’’
මෙහෙම කියන්නේ බැඳුම්කර කොමිෂම ගැන ආරම්භයේ සිටම මහත් අවධානයෙන් සිටි ආර්ථික විශේෂඥයෙක්. ඔහුට අනුව බැඳුම්කර කොමිෂම හරහා ආණ්ඩුව ඉතාම පැහැදිලි සංඥාවක් දීලා තිබෙනවා. ඒ අති සංකීර්ණ ස්වභාවයකින් වුණත් සිදුවන වංචා සෙවීමේ හැකියාව අද ආණ්ඩුවට තිබෙන බව. මොන තරම් දේශපාලන හා පුද්ගලික අවදානමක් දරමින් වුණත් තමන් පත්කළ යාන්ත‍්‍රණ වෙනුවෙන් පෙනී ඉන්න ආණ්ඩුව සූදානම් බව. අපි මීට පෙර මේ වාගේ දෙයක් දැක්කේ නැහැ. මට මතක ආකාරයට 2006 දී විතර ඩිව් ගුණසේකර, විජේදාස රාජපක්ෂ යන රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයින් ‘‘කෝප් කමිටුව ’’ හරහා මේ වාගේ දැවැන්ත වංචා ¥ෂණ හෙළි කළා. විගණකාධිපති වාර්තා මගින් මෙවැනි දැවැන්ත වංචා හා ¥ෂණ හෙළි කළා. ඝාතනයට ලක් වුණ ලසන්ත වික‍්‍රමතුංග වැනි මාධ්‍යවේදී මෙවැනි වංචා ¥ෂණ ගැන හෙළි කළා. ඒත් කිසිවක්ම වුණේ නැහැ. සිදු වුණේ එවැනි චෝදනා තිබුණ පුද්ගලයින් ෆයිල් පෙන්වමින් ආණ්ඩුවට එක්කර ගැනීමයි. මේ සෙල්ලම වැඩියෙන්ම සිද්ධ වුණේ 2005 -15 කාලේ. සැලූන් දොර ඇරුලා තිබුණට ඒ දොරෙන් ඇතුළට ආවේ දැවැන්ත චෝදනා තිබූ පුද්ගලියින් පමණයි. ඉතිං ඒ වාගේ අන්ත අවස්ථාවාදී පාලකයින් අද මේ එක් හුදකලා සිදුවීමක් මේ ආකාරයෙන් දඩමීමා කර ගෙන ආණ්ඩුවක සමස්ත සාධනීය ලක්ෂණ සම්පූර්ණයෙන්ම නිශේධනය කිරීමට යාම හාස්‍යයට කරුණක්. ජනතාවගේ පැත්තෙන් ගත්තොත් ඛේදවාචකයක් ’’ ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.
පොහොට්ටුවට වැරදුණු තැන
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිටම ආණ්ඩුවට හා ආණ්ඩුව පත්කළ යහපාලන බලවේගවලට වෛර කරමින් යළි කෙසේ හෝ පාලන බලය ඩැහැ ගැනීමට තැත් කළ රාජපක්ෂ කල්ලියට දෙවියන් දුන්න තෑග්ග වුණේ බැඳුම්කර සිදුවීමයි. කොටින්ම ඊනියා ඒකාබද්ධ විපක්ෂය පසුගිය අවුරුදු තුන පුරාම දේශපාලන අගාධයට නොවැටී බේරී සිටියේ බැඳුම්කර කොමිෂමේ එල්ලී ගෙනයි. විවිධ තාක්ෂණික දෝෂ හේතුවෙන් පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව පියවර ගන්නා සෑම අවස්ථාවක ම ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයක් ඉල්ලා සිටියේ වෙන කිසිවක් නිසා නොව රාජපක්ෂවාදී ජනමාධ්‍ය මගින් හුළං ගසමින් පුම්බන ලද බැඳුම්කර සිදුවීම මගින් දැවැන්ත ජනමතයක් නිර්මාණය කර ගැනීමට හැකිවනු ඇතැයි යන විශ්වාස මතම පදනම් වෙමිනුයි.
මෙහිදී මධ්‍යස්ථ දේශපාලන විශ්ලේෂකයින් පොදුවේ එකඟ වන කරුණ වන්නේ බැඳුම්කර කොමිෂම හරහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට තම සුපිරිසිදුභාවය නැවත වරක් සනාථ කිරීමට පහසු අවස්ථාවක් ලැබුණා සේම මෛත‍්‍රී – රනිල් අන්තර් අවබෝධය හා රැුඳියාව තව දුරටත් තහවුරු වුණ බවයි. කොමිෂන් සභා වාර්තාව තම අතට පත් වූ වහාම ඒ පිළිබඳ තම මතය ප‍්‍රකාශ කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ දැඩි කතාවෙන් එජාප පාක්ෂිකයින් ඇතුළු එජාප ප‍්‍රබලයින්ට තද සිත් රිදවීමක් සිදු වුණත් එය වහාම සමහන් කිරීමට ජනාධිපතිවරයාට සේම අගමැතිවරයාටත් පහසුවෙන් හැකිවීම මෙහිදී අපගේ විශේෂ ඇගයීමට ලක්විය යුතුයි.
‘‘බැඳුම්කර කොමිෂමේ වාර්තාවේ නිර්දේශ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් එජාප පාක්ෂිකයින් තුළ ක්ෂණික කම්පනයක් ඇති වුණා. ඔවුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙස හතුරු ආකල්පයකින් බලන්න යොමු වුණා. ඒත් ජනාධිපතිවරයා ඊට පසුව දැක්වූ ප‍්‍රතිචාර සමග දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම සමහන් වෙලා. ¥ෂණ විරෝධී ධජය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතට යන කොට රට සංවර්ධනය කිරීමේ ධජය එජාප නායක රනිල් වික‍්‍රමසිංම මහතා අතට පත්වෙලා තිබෙනවා. මේ ධජ දෙකම ආණ්ඩුව තුළ රැුඳීම නිසා පොහොට්ටු කල්ලියේ උපාය මාර්ග සම්පූර්ණයෙන් බිඳ වැටිලා තිබෙනවා. ඔවුන් මෙවැනි සංහිඳියාවක් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නැහැ. ඔවුන් හිතුවේ එජාපය ජනාධිපතිවරයා සමග ඍජු ගැටුමකට යයි කියලා. ඒත් දැන් ආණ්ඩුව තුළ දේශපාලන සංහිඳියාව වඩාත් තහවුරු වෙලා තිබෙනවා. එජාපය සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරලා තිබෙන්නේ එජාපය සතු අති දැවැන්ත ඡුන්ද පදනම මේ මැතිවරණයේදී වඩාත් සක‍්‍රිය කර ගන්නා. එජාප පාක්ෂිකයින් ඡුන්දපොළට කැඳවා ගන්න. එය ඉතා පහසුවෙන් සිදුවන බවක් අපට නිරීක්ෂණය කළ හැකියි. මේ වන විට වෙන කවරදාටත් වඩා එජාප පාක්ෂිකයින්ට එජාප ආණ්ඩුවක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම අපේ ¥ෂණ විරෝධී, යහපාලනය, ජාතික, ආගමික සංහිඳියාව අවශ්‍ය කරන මධ්‍යම පාන්තික ඡුන්දදායකයා, තරුණයින් ඇතුළු පාවෙන ඡුන්ද කියලා කියන පිරිස වේගයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ගමන් කරමින් සිටිනවා. මේ ස්වභාවයන් දෙකම ආණ්ඩුවට වාසිදායකයි. එයින් වේගයෙන් දුර්වල වන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන පොහොට්ටුවයි. මැතිවරණය ආසන්න වන විට මේ ප‍්‍රවණතාව තවත් තීව‍්‍රර වේවි කියලා අපි හිතනවා’’ දේශපාලන නිරීක්ෂකයින් තමන්ගේ මධ්‍ය කාලීන නිරීක්ෂණ ගැන එසේ පැහැදිලි කරනවා.
රටට වඩා හානියක් සිදු කළේ කවුද ?
බැඳුම්කර කොමිෂම් සභාවේ අවසන් වාර්තාව නිකුත් වූ පසු සිදුවේයැයි අපේක්ෂා කළ විධිමත් සංවාදය වෙනුවට එය තම පටු දේශපාලන න්‍යාය පත‍්‍ර තුළ කොටුකර ගනිමින් සුපුරුදු දේශපාලන බිල්ලා මැවීමට මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලිය ගන්නා අවියත් උත්සාහය ගැනත් අපගේ අවධානය යොමු විය යුතුයි.
මෙහිදී ප‍්‍රථමයෙන් සඳහන් කළ යුත්තේ බන්දුල ගුණවර්ධන, ඩිව් ගුණසේකර ඇතුළු පිරිස වාර්තාව සම්බන්ධයෙන් දිගින් දිගටම සාවද්‍ය හා ජනතාව නොමග යවන ප‍්‍රකාශ නිකුත් කිරීම තුළ ඔවුන් යළි යළිත් තමන්ගේ නොහැකියාව සහ අවස්ථාවාදී බව හෙළි කරමින් සිටින බවයි. උදාහරණයක් වශයෙන් බන්දුල ගුණවර්ධන පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේ බැඳුම්කර වංචාව හරහා ශ‍්‍රී ලංකා මහ බැංකුවට සිදු වූ වංචාව ගණන් බලා ඇතත් එමගින් රටේ ආර්ථිකයට සිදු වූ හානිය මේ දක්වා ගණන් බලා නැති බවයි. එය කවදාවත් ගණන් හදා බැලිය නොහැකි බව ද ගුුණසේකර මහතා මාධ්‍ය හමුවේ කිව්වා. තවත් මෙවැනිම ප‍්‍රකාශයක් බන්දුල ගුණවර්ධන මහතා විසින් ද පසුගිය දා කළා. මේ සියල්ල හරහා ඔවුන් උත්සාහ කරන්නේ ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම කොල්ලය මහ බංකු බැඳුම්කර ගනුදෙනුව බව රට හමුවේ අවධාරණය කිරීමටයි.
ඒත් කිසිදා හෙළි නොවන, හෙළි වෙතැයි අපේක්ෂා කළ නොහැකි අති දැවැන්ත මූල්‍ය අක‍්‍රමිකතා වගේම දැවැන් ලෙස රටේ ධනය විනාශ කළ ගනුදෙනු අන්ත ප‍්‍රමාණයක් පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බවට වන චෝදනාවෙන් ගැළවී යාමට හිටපු පාලකයින්ට හැකියාවක් නැහැ. ඒ සඳහා හොඳම උදාහරණයක් මේ වන විට ‘‘බරපතළ වංචා ¥ෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් අවධාරණය කරලා තිබෙනවා.
ඒ අනුව 2015 ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අයවිය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නොතීසි ලත් පාර්ශ්වයන්ට අපරාධ නඩු පවරන ලෙසත්, ‘‘රක්නා ලංකා’’ සමාගමේ සහ ඇවන්ගාඞ් මැරිටයිම් සර්විසස් සමාගමට අදාළ සිදුවීම්වලදී සිදු වූ මුදල් අවභාවිතාවන් සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුුළු නොතීසිලත් පාර්ශ්වයන්ට එරෙහිව අපරාධ නඩු පවරන ලෙසත් බරපතළ වංචා ¥ෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව තමන්ගේ වාර්තාව මගින් නිර්දේශ කරලා තිබෙනවා.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ, වංචා, ¥ෂණ හා රජයේ මුදල් අවභවිත කිරීම සම්බන්ධයෙන් සිද්ධි 34ක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයින් විශාල පිරිසකට එරෙහිව අපරාධ නඩු පවරන ලෙස කොමිෂන් සභාව නිර්දේශ කර ඇති බවයි.
තලගොයා කබරයා වෙයිද ?
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව කර මත තබාගෙන එහි නිර්දේශ පරිදි කටයුතු කරන මෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දිගින් දිගටම බල කරන මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කල්ලිය තමන්ට එරෙහිව බැඳුම්කර කොමිෂම වැනිම ජනාධිපති කොමිෂමකින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් දක්වන ප‍්‍රතිචාරය ගැන දැන් මුළු සමාජයේම ඇස් යොමු වෙලා තිබෙනවා.
ජනතාව හිටපු ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව ඉදිරිපත් ඇති චෝදනා සම්බන්ධයෙන් මෙවැනි දැඩි අවධානයක් යොමු කිරීමට බලපෑ හේතු ගණනාවක් තිබෙනවා. ඒ අතර ප‍්‍රධාන වන්නේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන හිටපු පාලකයින් තමන්ට එරෙහිව සිදුවන අධිකරණයම ක‍්‍රියාවලි මගහැර යාමට පසුගිය කාලය පුරාම අඛණ්ඩ උත්සාහයක් ගැනීමයි.
ඒ සඳහා වන ආසන්නම උදාහරණ වන්නේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් (23දා* යළි නිකුත් කිරීමයි. මෙම අතුරු තහනම් නියෝගය අනුව මැයි 31 වැනිදා දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨා්‍යභය රාජපක්ෂ මහතා අත්අඩංගුුවට ගැනීමට යන්නේ මිග් යානා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල් හි මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයකට අදාළව බවයි ජනමාධ්‍ය වාර්තා කරන්නේ.
මෙහි ඇති වඩාත්ම හාස්‍ය ජනක කතාව වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් තමා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාරණ නියෝග පැනවෙන නියෝගයක් ගන්නේ මිග් යනා ගනුදෙනුව සහ ලංකා හොස්පිටල්ස් මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයට තමා කැඳවා ඇති බව ප‍්‍රකාශ කරමින් වීමයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වාරණ නියෝගය ලබා ගැනීමේදී තවත් අපූරු (හාස්‍යජනක* තර්යක් ද ඉදිරිපත් කරනවා. ඒ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අගමැතිවරයාගේ උපදෙස් මත පිහිටුවා ඇති බවත්, එය නීතියට වලංගු නොවන බැවින් එම කොට්ඨාශය බලරහිත කිරීමේ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා සිටීමයි.
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව යුධ අධිකරණ පිිහිටුවමින් සරත් ෆොන්සේකා මහතා වැලිකඩ යැවූ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙවැනි හාස්‍යජනක ප‍්‍රකාශ කරමින් කට්ටි පනින අතර (මෙවැනි වාරණ නියෝග තවත් කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වේ* හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට අවවාද කරන්නේ ‘‘බැඳුම්කර කොමිෂමේ බොරු සාක්කි දුන්නාට ජම්පරේ ඇඳගෙන හිරේ යන්න ලෑස්ති වෙන්න’’ කියලයි. ගම්මන්පිල මහතා කියන්නේ ‘‘බැඳුම්කර හොරු හිරේ යවන්න ඒකාබද්ධ විපක්ෂයේ (පොහොට්ටුවේ* සහාය දෙනවා කියලයි.
ඒත් මේ කල්ලියේ මේ ඊනියා රංගනය දෙස විමතියෙන් බලාසිටින ජනතාව කියන්නේ කුමක්ද ? ඔවුන් ඉතා පැහැදිලිව කියන්නේ තමන්ට එරෙහිව සිදුවන කිසිදු ආකාරයක පරීක්ෂණයකට සහාය නොදුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ හිටපු පාලක කල්ලියට ¥ෂණය ගැන පමණක් නොව නීතිය ක‍්‍රියාත්මක කිරීම ගැන පවා කතා කිරීමට කිසිදු ආකාරයක සදාචාරාත්මක අයිතියක් නොවන බවයි.
එහෙත් ප‍්‍රශ්නය වන්නේ හිටපු පාලක කල්ලියට දේශපාලන සදාචාරයක් පමණක් නොව හෘද සාක්ෂියක් පවා නොමැති තත්ත්වයක් තුළ පරාවළලක් බවට පත්ව ඇති බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සමග දේශපාලන සියදිවිනසා ගැනීමක් කර ගැනීම හැර අනෙක් කිසිදු විකල්පයක් නැති බවයි.

සටහන
භාතිය බරුකන්ද

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *